මල් ඔන්චිල්ලා ගීතය තමයි හැමෝම මගෙන් ගයන්න කියලා ඉල්ලන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානය වනවිට තරුණ ආකාර්ශනය වැඩිපුරම දිනාගත් යොවුන් ගායිකාව බවට පත්ව සිටන හනාට මෙවර අපි සාරවිට තුළින් මෙසේ ඉඩක් වෙන් කළා.  මේ දිනවල ප්‍රසංග වේදිකාව තුළ නිතර දකින ගායිකාවක්ද වන හානා අපි යොමු කළ ප්‍රශ්නවලට මෙසේ ප්‍රතිචාර දැක්වූවා.

ඔබ ගායිකාවක් නොවුණා නම් කවුරු වෙයිද?

ගායිකාවක් නොවුණා නම් මම බොහෝ විට නිතීඥවරියක් වෙයි. මොකද, ගායිකාවක් වෙනවට වඩා මගේ පොඩි කාලේ ලොකුම හීනයක් වෙලා තිබුණේ නිතීඥවරියක් වෙන එක.

වොයිස් ටීන් කියන්නේ ඔබේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂයද?

වොයිස් ටීන් කියන්නේ මම පළමු වතාවට ප්‍රේක්ෂකයින්ට ගීත ගයන්න පටන් ගත්ත තැන. ඒ වගේම තමයි මිනිස්සු මගේ ගීත අහන්න පටන් ගත්ත තැන. ඔව්, වොයිස් ටීන් කියන්නේ මගේ ගායන දිවියේ එක් හැරවුම් ලක්ෂයක් තමයි.

අද තරුණ පිරිස වඩාත් ආදරය කරන තරුවක් තමයි හානා කියන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන. මොකද, හැමෝටම නොලැබෙන අවස්ථාවක් මේක. ඉතින් මාව අද මේ තැනට ඔසවා තැබු හැම දෙනාටම නිහතමානිව මගේ හදපිරි ස්තුතිය පිරිනමනවා.

හානාගේ හඬ ගොඩක් ගැළපෙන්නේ බටහිර ශෛලයේ ගීතවලට නේද?

කට්ටිය නම් එහෙම  කියනවා තමා. හැබැයි මම කැමතියි හැම ශෛලයේම ගීත ගයන්න උත්සාහ කරන්න. බටහිර සිංහල කියලා වෙනසක් නැහැ. මට අවශ්‍ය කරන්නේ මම කියන ගීත හරහා ප්‍රේක්ෂකයින්ට යම් රසාස්වාදයක් ලබා දෙන්න.

ඔබේ නොවන ඔබ කැමතිම ගීත තියෙනවද?

මම කැමති ගීත ගොඩක් තියෙනවා. එකක් දෙකක් කියලා නැහැ. මම ආසයි සේන්ට්‍රිගේට්ලා, භාචි සූසාන්, භාතිය සංතුෂ්ලා ගයපු පැරණි ගීතවලට. අදටත් ඒ වගේ ගීත බොහෝමයක් සංගීතලෝලීන් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් මගේ කැමැත්තත් ඒ ගීතවලට තමා.

ප්‍රසංග වේදිකාවේදී රසිකයෝ වැඩිපුරම ඔබෙන් ඉල්ල්පු ගීත මොනවද?

ප්‍රසංග වේදිකාවේදී මගෙන් රසිකයෝ වැඩිපුරම ඉල්ලපු ගීතය තමයි මල් ඔන්චිල්ලා කියන මගේම ගීතය. මේ ගීතය තමයි හානා කියන නම මිනිස්සු අතරට අරන් ගියේ. අදටත් මේ ගීතයට බොහෝ පිරිසක් ආදරය කරනවා. අනිවාර්යයෙන්ම මම ප්‍රසංගවලට සහභාගි වුණාම මේ ගීතය කියනවා.

වැඩිපුරම ආකාර්ශණය තියෙන්නේ ඔබට තරුණයන්ගෙන්ද, නැත්නම් තරුණියන්ගෙන්ද?

දෙපිරිසෙන්ම මට ආකාර්ශණය ලැබෙනවා. හැබැයි ඉතින් වැඩිපුර තරුණයන්ගෙන් තමයි මට ආකාර්ශණය තියෙන්නේ කියලා හිතනවා ඔවුන් දක්වන ප්‍රතිචාර මත.

විලාසිතාවලට තියෙන කැමැත්ත කොහොමද ඔබගේ?

විලාසිතා කියන්නේ මම පොඩි කාලේ ඉඳලා ගොඩක් ආස කරන දෙයක්. පොඩි කාලේ ඉඳලාම මම ලෝ ප්‍රකට තරු කරන විලාසිතා අනුකරණය කරනවා. මට ගැළපෙනවා කියලා හිතන විලාසිතා මම අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලනවා.

පොඩි වයසකින් ලොකු දුරක් ආවා කියලා හිතෙන්නේ නැද්ද?

ඔව්, පොඩි කාලයක් ඇතුළතදී මම ගොඩක් දේවල් කළා. මගේම කියලා ගීත කිහිපයක්ම මට නිකුත් කරන්න ලැබුණා. ඒ වගේම ප්‍රසංග වේදිකාව තුළ නමක් හදාගන්න ලැබුණා. මා වටා දැන් යම් තරුණ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් සතුටුයි පොඩි කාලයක් තුළදි මේ වගේ තැනකට එන්න ලැබුණ එක ගැන.

බුද්ධික සේනාධීර / ඡායාරූප හානා සමාජ පිටුවලින්