රටක් ආදරය කරන තරුවක් වෙන්න මම ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිනමා හා ටෙලි නාට්‍යය නළුවෙක් ලෙස ක්‍රමයෙන් කලා ක්ෂේත්‍රය තුළ නමක් දිනාගනිමින් සිටින තරුණයෙකුට මෙවර අප සාරවිට තුළින් මෙසේ ඉඩක් වෙන් කළා. ටිරාන් පසුගිය වසරේ සිරස වසන්ත කුමරා ලෙසද කිරූළ දිනා ගැනීඹට සමත්ව තිබුණි.

මතකද ඔබ අවුරුදු කුමරා කිරූළ දිනපු දවස?

ඒ දවස නම් මට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ. මගේ ජිවිතේ එක රැයකින් වෙනස් කළ සිදුවීම ඒක. අද මම රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ වැඩ කළත් මිනිස්සු ගොඩ දෙනෙක් මාව අඳුන ගත්තේ මේ කිරූළ හරහා කිව්වොත් හරි.

මතකද වසන්ත කුමරා ඔබ කියන වචන ටික?

ඒක නිකම් මට හීනයක් වගේ. මොකද, දෙවැනි තැනත් මට නැතිවුණාම මගේ හිත අවුල් ගියා. හැබැයි හිත හදාගන්න වෙලාවක් මට තිබුණේ නැහැ. මොකද, එතකොටම වගේ ජයග්‍රහකයා මම කියලා කිව්වා. නින්දෙන් අවදි වුණා වගේ කරන්නේ කියන්නේ මොකක්ද කියලා මට හිතාගන්න බැරිවුණා. ඒ වගේ සිදුවිම් සමුදායකට තමා මම එදා වේදිකාවේදි මුහුණ දුන්නේ.

ටිරාන් කියන්නේ අවුරුදු කුමරා වෙන්න කලින් රංගන ශිල්පියෙක්?

ඔව්, හැබැයි පොඩි පොඩි චරිත කරපු නළුවෙක්. උදයකාන්ත වර්ණසුරිය මහත්මයාගේ ප්‍රසින්ඩන්ට් සුපර්ස්ටාර් චිත්‍රපටයේ තමයි මම මුලින්ම රඟපැවේ. ඒ අවස්ථාව අරන් දුන්නේ සහය අධ්‍යක්ෂක ඩොනල්ඩ් ජයන්ත මහත්මයා. පස්සේ මහවිරු පණ්ඩු, රේස් 2 ටෙලි නාට්‍යයට වලට සම්බන්ධ වුණා. අවුරුදු කුමරා වුණාට පස්සේ සිරසේ විකාශය වුණ පොසොන් නාට්‍යයක සැළකිය හැකි මට්ටමේ චරිතයක් කළා.

හැබැයි ඔබ වඩාත්ම දක්ෂ නර්තනයට කිව්වොත් හරි?

ඔව්, තෙරේන කාලේ ඉඳලා මම නර්තනයට සම්බන්ධ වෙලා හිටියා. හිරු නාළිකාවෙන් කරපු හිරු මෙගා ස්ටාර් තුන්වැනි අදියරය වගේම හිරු සුපර් ඩාන්සින් කියන රියලටි තරග දෙකටම සම්බන්ධ වෙලා හිටියා.

දිගටම කලාවත් එක්ක රැඳෙන්නද අදහස?

ඔව්, සිරස වසන්ත කුමරා වීමත් එක්ක මට ආස හිතුණා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරන්න. අද වෙන කොට මම නිරූපණය, රංගනය වගේම නර්තනය කියන අංශ තුන ගැනම හදාරමින් ඉන්නවා. මොකද, මම ආසයි කලා ක්ෂේත්‍රය හරහා ලොකු ගමනක් යන්න. රටක් ආදරය කරන තරුවක් වෙන්න. මේ දිනවල මම චිත්‍රපට දෙකක වැඩ කරනවා. එකක් ලස්සන ජයසේකරගේ විලන්. අනිත් එක දමිල අධ්‍යක්ෂවරයෙක් කරපු කේස් නම්බර් 447 කියලා.

බුද්ධික සේනාධීර