ලක්ෂ 3000ක් උපයමින් ධර්ම යුද්ධයෙන් අලුත් සිනමා වාර්තාවක් !

දින 26 ක් තුළ ලක්ෂ 3000ක ආදායමක් උපයමින් දිවයින පුරා සිනමා ශාලා එක දිගට Housefull කළ ධර්ම යුද්ධය -2 චිත්‍රපටය ශ්‍රී ලාංකික සිනමා වාර්තා අලුත් කරන්නේ ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අඩුම දින ගණනකින් ලබාගත් වේගවත්ම ආදායම් වාර්තාව වන මිලියන 300 සීමාව පසු කළ පළමු සහ එකම චිත්‍රපටය ලෙසයි.
ඉන්දියානු චිත්‍රපට ද්විත්වයක් වන ධර්ම යුද්ධය එක සහ දෙක ඇසුරින් නිර්මාණය කළ ධර්ම යුද්ධය චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටයද ශ්‍රී ලාංකික වාර්තා අලුත් කළේ වැඩිම පිරිසක් නැරඹූ ලාංකික චිත්‍රපටය බවට පත්වෙමින්.
ධර්ම යුද්ධය -2 චිත්‍රපටය මේ ආකාරයෙන් ආදායම් මතින් වාර්තා තබමින් ඉදිරියටම යද්දී පළමු චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනී රඟපෑ චරිතයට එක් වූ බිමල් ජයකොඩි තම රංගනය වෙනුවෙන් ප්‍රශංසනීය ප්‍රතිචාර ලබමින් සිටිනවා.
ලංකාවේ මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපට අතරින් වැඩිම නිෂ්පාදන වියදමක් දැරූ සහ දරන චිත්‍රපටය ලෙස ලාංකික සිනමාවට එක් වන්නේ තවමත් නිර්මාණය වෙමින් පවතින රාවණා චිත්‍රපටයයි.ශාන්ත ගීත දේව විසින් නිෂ්පාදනය කරන එම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය කෝටි 30 ක්.
කෝටි තිහක් හෝ ඊට වැඩියෙන් උපයන්නට රාවණාට පුළුවන් වෙයිද?
ධර්ම යුද්ධය පසු කර යන්නට රාවණාට පුළුවන් වෙයිද?
අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා.
