ලක්ෂාන් අබේනායක ලංකාවට ආවෙම දුස්රා film එකට වෙන දේ බලන්නලු

අද එක හාදයෙක් ගෙ දවසක් ......
![]() |
![]() |
![]() |
ඊයෙ (2025.09.19) The Tenth Derana Lux Film Awards සම්මාන රාත්‍රියේදි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි කෙනෙක් ගැන එහෙම කීවා
කා ගැනද දන්නවද ජයන්ත චන්ද්‍රසිරි එහෙම කීවෙ
චන්න දේශප්‍රිය ගැන...එයා තමයි දුස් රා චිත්‍රපටයේ තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා ... ඔයා දන්නවද හේතුව
දුස්රා චිත්‍රපටයට දෙරණ සම්මාන රාත්‍රියේදී සම්මාන 9 ක් ! සම්මාන 13 කට නිර්දේශ වෙච්ච දුස්රා film එක සම්මාන පිට සම්මාන ලබා ගත්තා. ඉතින් දුස්රා නිෂ්පාදනයේ වගකීම දෙවුර දරාගත්ත ලක්ෂාන් අබේනායකත් දෙරණ සම්මාන උළෙල වෙනුවෙන්ම ප්‍රංශයේ ඉඳන් ලංකාවට ඇවිත් හිටියා .ලක්ෂාන් අබේනායක කියන්නෙ ප්‍රංශයේ ඉන්න වෘත්තීය නළුවෙක් ..ප්‍රංශයේ නිෂ්පාදනය වූ දීර්ඝතම ටෙලි කතා මාලාවෙ රඟපාන එකම ආසියාතික සම්භවයක් ඇති නළුවා එයා .අවුරුදු 25ක් තිස්සෙ ඒ ටෙලි කතා මාලාවේ ලක්ෂාන් රඟපානවා.Saarawita වෙනුවෙන් ලක්ෂාන් අපි එක්ක කතා කළේ හරිම සංවේදි හැඟීමකින්....දුස්රා සම්මාන 13 කට නිර්දේශ වෙලා සම්මාන 9ක් ලබාගනිද්දි එයා සංවේදි නොවී ඉඳීද ඉතින්....
ලක්ෂාන් දෙරණ සම්මාන රාත්‍රිය වෙනුවෙන්මද ආවෙ ලංකාවට?
අනේ ඔව්..හෙට ප්‍රංශයට ආයෙත් යනවා..කතා කරගන්න බැරි තරම් සතුටක් දැනෙන්නෙ
ඔයා ඔයාගෙ අම්මා ගැන හුඟාක් සංවේදි ව කතා කළා ලක්ෂාන් සම්මානය අතට ගත්තට පස්සෙ?
සම්මාන රාත්‍රිය දා උදේ ඉඳන් අම්මා මගෙන් අහනවා කීයටද පුතේ අපි යන්නෙ කොළඹට..මගෙ පුතාට සම්මාන ලැබෙනවාමයි කියලා .එයාට මාව ලෝකයක්
සම්මානය අතට ගත්තට පස්සෙ අම්මා මොකද කීවෙ ?
මගෙ බුදු පුතේ අවුරුදු අසූ ගාණක් වෙච්ච මට දැන් හැමදේම ඉක්මනින් අමතක වෙනවා .ඒත් අද දවස මට කවදාවත් අමතක වෙන් නෑ පුතේ මට මගෙ පපුවටම දැනුනා මගේ පුතා දිනුවා නේද කියන හැඟීම කියලා අම්මා මාව බදාගෙන කීවා
ප්‍රංශයේ නළුවෙක් විදිහට සම්මානනීය තැනක් ගොඩනගා ගත්ත ඔයා ඇයි ලංකාවෙ චිත්‍රපටයකට නිෂ්පාදන දායකවත්වය දෙන්න හිතුවෙ?
ලෝකෙ කොහේ හිටියත් ලංකාවෙ සිනමාවට මම මාර ආදරෙයි...Marc Tessier (2 nd French producer ) විදිහට දුස්රා නිෂ්පාදනයෙදි මාත් එක්ක හිටියා....සීනි බෝල මෙලෝ රහක් නැති චිත්‍රපට නෙවෙයි ලංකාවෙ හුගාක් ප්‍රේක්ෂකයන් ඉල්ලන්නෙ ..සිනමා රහක් තියෙන චිත්‍රපට..ඒ අය වෙනුවෙන් මම දුස් රා බාර ගත්තෙ....
දුස්රා වලින් පස්සෙ ලංකාවෙ තවත් චිත්‍රපටයක වගකීම දෙවුර දරන්න ලක්ෂාන්ට අදහසක් තියෙනවද ?
ඒක මම දිග උත්තරයක් දෙන්න ඕනෑ ප්‍රශ්නයක්....යථාර්ථය සහ දුස් රා අත්දැකීම් එක්ක මට ඒකට උත්තරයක් දෙන්න කල් දෙන්න..හැබැයි ලංකාවෙ සිනමාවට දැනෙන යමක් කරන්න මට තියෙන කැක්කුමෙන් කෑදරකමෙන් නම් මට මිදෙන්න බෑ
දුස්රා සම්මාන 9ක් දිනාගන්නවා ......
අනේ ඔව් .මම ප්‍රංශයේ ඉඳන් එද්දි එච්චර ලොකු හීනයක් දැක්කෙ නෑ...ඒක පුදුම සර්ප්‍රයිස් එකක් මට....මගේ දුස් රා Team එකම බදාගන්න මට හිතෙනවා









