ලෝචනා ඉමාෂි මිත්තණියගේ අසනීපය නිසා සංවේදී වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝචනා ඉමාෂි කියන්නෙ පුංචි තිරයේ දඟකාරිය විදිහට ප්‍රේක්ෂක ඔබට සමීප වුණු කවුරුත් ආදරේ කරන චරිතයක්. ලෝචනා විවාහයෙන් අනතුරුව සැමියා සමඟින් නෙදර්ලන්තයේ පදිංචියට ගියා. මේ දවස්වල ලෝචනා ඉන්නේ ලංකාවේ. පසුගිය දිනවල ලෝචනා ටිකක් කරදරෙන් හිටියේ, ඒ ලෝචනා ආදරේම කරන කෙනෙක් අසනීප වුණු නිසා.

ඒ ලෝචනාගේ ආදරණීය මිත්තනිය. ඇය හදිසියේම අසනීප වෙලා රෝහල් ගත කරලා තිබුනා. ඇය යම් මට්ටමකට සුවය ලබා ඇන් නැවත නිවසට පැමින තිබෙනවා. ඇයට පූර්ණ සුවය පතා ඔවුන් පූජාවක් පවත්වලා තියෙනවා.

අත්තම්මාගේ අසනීපය ගැන වගේම අය වෙනුවෙන් කළ පූජාවේ ඡායාරූප කීපයක් ඇය සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප සහ සටහන...

"මගේ ආච්චි දවස් කිහිපයකට කලින් ගොඩක් අසනීප උනා. කලුබෝවිල රෝහල පිලිබද පලමු අත්දැකීම ලැබුනේද පෙර පිනකට. මෙහෙම ලියන්නත් ඒක එක හේතුවක්. මගේ අච්චි වෙනුවෙන් එම රෝහලේ සියලුම දෙනා එකලෙස හදිසි ප්‍රතිකාර ලබාදෙන්නට පෙලබුනා. ඒ සියලු දෙනාට ගොඩක් පිං. දවස් 3ක් හෝ 4කට පසු මගේ අච්චිව ගෙදර ගේන්න පුලුවන් උනත් ඇයට කතා කිරීමේ හැකියාව නැති බවත් ආපහු කතා කරන්න පුලුවන් වෙයිද කියලත් කියන්න බැරිබව රෝහලෙන් අපිට කිව්වා. ගිරවා වගේ කතා කරන අච්චි අද කතා කරන්න්නෙ නැති එක අපිට දරාගන්න බැහැ. ඔයාලත් මගේ අච්චිට හොද වෙන්න ප්‍රාර්ථනා කරන්න. ආච්චිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා කිරුලපන පුශ්පාරාමය විහාරයේ සත්සති පූජාවක් පැවැත්තුවා. කතා නොකලත් අච්චි මෙහෙම සුවපත් වීමම අපිට සැනසිල්ලක්."