වැරදි වැඩ කරන්න කලින් අම්මයි තාත්තයි ගැන ලක්ෂවාරයක් හිතන්න - සංගීත් සතරසිංහ කියන කතාව මෙන්න
සංගීත් සතරසිංහ කියන්නේ පසුගිය සමයේ සමාජ ජාලාවල වැඩිපුර කතාබහට ලක්වුණු රංගන ශිල්පියෙක්. ඒකට හේතුව ඔහු සහ දිනිති වල්ගමගේගේ ආදර කතාව ජනප්‍රිය වීමයි. මෑතකදි සමාජයේ විවිධ ආන්දෝලනයට පත් වුණු කතා පුවත් අපට අහන්න ලැබුණා. විශේෂයෙන්ම පාසල් ශිෂ්‍යයන් සම්බන්ධයෙන් අහන්න ලැබුණු කතාවලින් මුළු මහත් ලාංකීය සමාජයම කම්පනයට පත් වුනා.
ඒ නිසාම සංගීත් සතරසිංහ ඔවුන්ගේ යූටියුබ් නාළිකාවෙන් ඔවුන්ගේ පුංචි කාලේමතක සිහිපත් කරන වීඩියෝවක පාසල් යන දරුවන්ට අපූරු උපදේශයක් දුන්නා. මේ තියෙන්නේ සංගීත්ගේ ඒ උපදේශය.
"වැරදි වැඩ කරන්න කලින් ලක්ෂවාරයක් හිතන්න අම්මයි තාත්තයි ඔයාලව හදන්න කොච්චර මහන්සි වුණාද කියලා. විශේෂයෙන්ම ෆේස්බුක්වල ඉන්න අයව විශ්වාස කරන්න කලින්. ෆේස්බුක්වල ඉන්නවා ජීවින් කොට්ටාසයක් ඉන්නව බොහොම විකෘති මනසක් තියෙන. තමන්ට තීරණයක් ගන්න හරි අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම දෙමව්පියො කියන දේ අහන්න. එයාලගෙන් වෙන් වෙලා තනියම තීරන ගන්න ඔයාලට කාලයක් එනවා. එතකන් එයාලා ඔයාලව ආරක්ෂා කරනවා. එතකන් ඉවසගෙන ඉන්න. ඒ නිසා මෙන්න වැන්දා හොරෙන් පාර්ටිවලට යන්න. හොරෙන් බොන්න උත්සාහ කරන්න එපා..."



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
