ශ්‍රි ලාංකික සිනමාවට වාර්තා දෙකක් එක් කරමින් රිවස්ටන් හතර දෙනාටම ඔරේන්ජ් සම්මානය

  • 06-11-2026

තුර්කියේ පැවැත්වුණු  63 වැනි අන්තාලියා අන්තර්ජාතික ගෝල්ඩන් ඔරේන්ජ් සිනමා උලෙළේදී  (63rd International Antalya Golden Orange Film Festival) ජාත්‍යන්තර අංශයේ  හොඳම නළුවා (International Best Actor) සඳහා වන සම්මානය දිනා ගැනීමට "ද රිවර්ස්ටන්" (The Riverstone) සිනමාපටයේ රංගනය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, රන්දික ගුණතිලක සහ ප්‍රියන්ත සිරිකුමාර යන ශ්‍රී ලාංකික නළුවන් සමත් වුණා.

මෙය ලෝක සිනමා උලෙළේ ඉතිහාසයේ, සිනමාපට නිෂ්පාදකයින්ගේ සංගම් සඳහා වූ අන්තර්ජාතික සම්මේලනයේ (FIAPF) අනුමැතිය ලද ජාත්‍යන්තර සිනමා උලෙළක් තුළදී ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු හෝ ශිල්පීන් කණ්ඩායමක් රංගන කුසලතාවක් වෙනුවෙන් සම්මානයකට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාව වන අතර  FIAPF අනුමැතිය ලද සිනමා උලෙළකදී රංගනය වෙනුවෙන් ශ්‍රී ලාංකික නළුවකු හෝ නිළියක ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ සිව්වන අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්

ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපට අංශයේ ජූරි සභාවේ සභාපති ධුරය දැරුවේ, ග්‍රීක සිනමාකරු ඇන්ඩ්‍රියාස් සිනානොස් විසින්.

ඉතින් රිවස්ටන් නැවතත්  සුබ පැතුම්