ජනප්‍රිය ගායක සඳුන් පෙරේරා පසුගියදා රිය අනතුරකට මුහුන පෑවා. ආරංචි විදිහට නම් ඒක දරුණු අනතුරක්ලු. දෙනියාය ප්‍රදේශයේ සංගීත සංදර්ශනයකට සහභාගී වීමට යන අතරතුරයි මේ අනතුර වෙලා තිබුනේ. ඒ වෙලාවේ තිබුන වැහිබර කාලගුනයත් එක්ක වාහනය ලිස්සා ගිහින් තමයි මේ අනතුර වෙලා තිබෙන්නේ. ඉතින් මේ අනතුර සම්බන්ධව ඔහු අදහස් දක්වා තිබුනා. "ඇත්තටම අනතුර සිදුවුනේ රෑ 12.30ට විතර.ඒ වෙලාවට ඒ පැත්තේ සාමාන්‍යයෙන් මිනිස්සු යනවා අඩුයි.
හැබැයි අනතුර සිදු වෙලා විනාඩි 5ක් යන්නත් කලින් ඒ අවට හිටිය කට්ටියයි,පාරේ ගියපු තව වාහන දෙක තුනක අය ඇවිල්ලා අපට උදව් කලා. මම හිතන්නේ ඒ අයත් ශෝ එක බලන්න යන අය වෙන්න ඇති. හොස්පිටල් එකට කතා කරලා මාව ත්‍රීවිල් එකක හොස්පිටල් එකට එක්කන් ගියා. ටිකක් දරුණු අනතුරක් වුනත් වාසනාවකට පුංචි තුවාලයකින් බේරෙන්න පුලුවන් වුන්."
ඔන්න එයා ගැන අහන්න ලැබෙන අලුත්ම ආරංචිය තමයි ඔහු ඔබ වෙනුවෙන්ම ගී ගයන්න ආයෙත් පටන් අරගෙන.




Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
