තාරුකා කියන්නෙ තරුවක්. ජනප්‍රිය තරුවක්. ඒ වගේම තමයි ඇය අහසෙ දිලිසෙන තරුවක් වගේ ලස්සනයි. මේ ලස්සන තාරකාවට පුංචි ඇබැද්දියක් වෙලා. ඇගේ ෆේස්බුක් ගිණුම යම්කිසි පුද්ගලයෙක් හැක් කර ඇති බවට තාරුකා ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කරලා තිබුනා.
තාරුකා ඇගේ ප්‍රේක්ෂකයන්ට වගේම ඇගේ යහළුවන්ට කියා සිටියේ තමන්ගේ පුද්ගලික තොරතුරු කිසිවක් තමාගේ ෆේස්බුක් ගිණුමෙන් ඉන්නා පුද්ගලයාට ලබා නොදෙන බවයි.
කෙසේ වුවත් පසුගිය සමයේ මෙසේ ජනප්‍රිය නිරූපිකාවන් සහ රංගන ශිල්පිනියන්ගේ නමින් සයිබර් අවකාශය තුල තරුණියන්ගේ නිරුවත් වීඩියෝ එක් කළ තරුනයෙක් පිළිබඳව පුවතක් වාර්ථා වුණු නිසා මේ පිළිබඳව සයිබර් අවකාශයේ සැරිසරන්නන් මීට වඩා සැලකිලිමත් විය යුතුයි.
පහත දැක්වෙන්නේ තාරුකාගේ ඒ සටහන.
"මගේ Facebook ගිණුම හැක් කර ඇති බව ඔබට දැනුම් දීමට කණගාටුයි.
තවද ඔවුන් මගේ ගිණුම භාවිතා කරමින් පුද්ගලික ජංගම දුරකථන අංක ඉල්ලා පණිවිඩ එවනවා. කරුණාකර එම පණිවිඩ සඳහා ඔබගේ පුද්ගලික විස්තර කිසිවක් එවන්න එපා. ඊට අමතරව අපි දැනටමත් අදාළ බලධාරීන්ට දන්වා තිබෙනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා"






Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
