හැමෝම කතා කරපු ගවුම ගැන පියුමි කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය 30 වැනිදා රාත්‍රිය හැමෝම බලාගෙන හිටපු රාත්‍රියක් වුණා. ඒකට හේතුව සෑම වසරකම පාහේ විවිධ ආන්දෝලනාත්මක කතා මතු වෙන චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය මෙවර පැවැත්වුණේ පසුගිය 30 වැනිදා.

සුපුරුදු පරිදි මේ වසරේත් තේමාවකට තමයි හැමෝම මේ සාදයට සැරසිලා ආවේ.

රංගන ශිල්පීන් නිරූපිකාවන් රැසක් සහභාගි වුණු මේ රාත්‍රියට චන්දිමාල්ගේ හොඳම යෙහෙළිය වෙන පියුමි හංසමාලිත් ඇගේ පෙම්වතා එක්ක සහභගි වුණා.

ඇගේ ඇඳුම් විලාසිතාව ගැන සහ ඇය සැරසී පැමිණි ආකරය මීට පෙර හිරු ගොසිප් වෙතින් අප ඔබට ගෙන ආවා.

මේ කියන්න යන්නේ පියුමි මේ සාදයට ඇඳපු ගවුම් මෝස්තරය ඇය ඇන්ද විදිහ.

පියුමි මාධ්‍යයට කියා සිටියේ මේ ගවුම ඇය ඇඳලා නැවතත් ඇඟේ තිබියදී ඇඳුම මැසූ බවයි. මේ තියෙන්නේ පියුමි ඇගේ ගවුම ගැන කරන ප්‍රකාශය.

"මම කොහොමත් අන්තර් ජාතික විලාසිතා කොහොමත් follow කරන කෙනෙක්. මේ සැරේ මෙයාගේ theme එක වුණේ Gala Night. ඒ නිසාම තමයි මේකට මම එන්නත් ටිකක් පරක්කු වුනේ. සාමාන්‍යයෙන් අපි dress එකක් ඇන්දාම ඒක මහන්නේ අපේ ඇඟේ ගානටමයි. නමුත් ඒක අපිට ඊට වැඩිය ලස්සනයි අපි Makeup කරලා ඉන්නකොට ඇගේ තියලා හැඳුවාම. මම එන්න පරක්කු වුනේ ඇඳුම ඇඳලා Makeup කරලා ආයෙමත් ඇඳුම ඇගේ තියලා හැදපු නිසා. එතකොට තමයි මේ හැඩේ එන්නේ. ලස්සන theme එකක් මේක."