කසාදෙට ලෑස්ති වෙද්දී මගේ හොදම මිතුරිය මගේ පෙම්වතාව උදුරා ගත්තා
ආදරය කියන්නේ ආදරය...
ආත්මයම ආත්මීය වේදනාවකින් සනහන්නත් ආත්මයම ආත්මීය වේදනාවකින් රිදවන්නත්, හිරිවට්ටන්නත් ආදරයට පුළුවන්.
සිනමා නිළි රශිප්‍රභා සංදීපනී රුදුරු විදිහට බිඳිලා ගිය එයාගේ ආදර කතාව ගැන කියන්නේ මේ විදිහට.
වෙඩින් හෝල්ස් පවා බුක් කරලා තිබුණා... මගේ ජීවිතේ බලාපොරොත්තු නොවූ විදිහට හැමදේම කඩා වැටුණා.
මගේ පළමු ප්‍රේම සම්බන්ධය මට සාමාන්‍ය සම්බන්ධයක් වුණේ නෑ. මම එයා එක්ක විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියා .දෙමාපියන් සහ නෑදෑයන් පවා දන්නා වසර තුනක ප්‍රේම සම්බන්ධයක් ඒක. මංගල උත්සවය සඳහා අවශ්‍ය සියලුම සූදානම් කිරීම් කරලා Wedding Hall එක පවා වෙන් කරලා තියෙද්දී මම කවදාවත් නොහිතපු විදිහට ඒ සම්බන්ධය අවසාන මොහොතේ බිඳ වැටුණා.
මට දරාගන්නම බැරි වුණේ අවුරුදු 14ක් තිස්සේ මම ළඟින්ම ආශ්‍රය කරපු මගේ අතිශය සමීප මිත්‍රත්වයක් තිබූ හොඳම යළුවෙක් මගේ පෙම්වතා උදුරා ගත්ත එක . මගේ පෙම්වතා රහසිගතව වෙනත් සම්බන්ධයක් පටන් ගෙන ඇත්තේ මගේ හොඳම යෙහෙළිය එක්ක. මගේ සම්බන්ධය බිඳ වැටෙන අවස්ථාවේදීවත් මම ඒ මොකුත් දැනගෙන හිටියෙ නෑ .මගේ ප්‍රේම සම්බන්ධය නැවතුණු පසු මම දුක බෙදාගත්තෙත් එයා එක්ක.එතකොටවත් මම දන් නෑ මගේ පෙම්වතා උදුරාගෙන තියෙන්නේ මගේ හොද ම යාළුවා කියලා.
මාසයක් විතර යද්දී කිසිදු හේතුවක් නැතුව මගේ යෙහෙළිය මාව සියලු සමාජ මාධ්‍ය ඔස්සේ Block කරලා දැම්මා.
ප්‍රේම සම්බන්ධය බිඳ වැටීම වගේම මගේ හොඳම යාළුවා මේ තරම් කුරිරු විදිහට ද්‍රෝහී වීමේ වේදනාව මම පුදුම විදිහට වින්දා.
මට හිතාගන්න බැරි වුණා මම මුලින්ම ආදරය බිඳ වැටීම නිසා දුක් වෙනවද, නැතිනම් කෙනෙක් තමාට කළ විශ්වාසය කඩකිරීම නිසා දුක් වෙනවද කියලා. ඒ වගේ අත්දැකීමක් නම් කිසිම කෙනෙකුට ජීවිතේ ලැබෙන්න හොඳ නැහැ,
ඇත්තටම විශ්වාසය දරුණු ලෙසම රුදුරු විදිහටම බිඳ වැටෙන තැන් පුදුමාකාර තරම් වේදනාත්මකයි.




