රඟපාද්දී මගේ සීමාවක් නෑ

  • 25-03-2026
  • Views 108

කුඹුරක ගොයම් ඉන්දන්න පැය ගාණක් කුඹුරට බැහැලා ඉන්න වුණොත්  නිකම් නෙවෙයි  මදුරුවොත්  කකා කොහොමද තියෙන සැප ?

ඇඟ හිරිවැටෙන සීතලේ පැය තුන හතරක් හුළු ගඟේ බැහැලා ඉන්න වුණොත් ......

....සිරි වෙන්න කොහොමද තියෙන සනීපේ?

හැබැයි නළුවෙක් නිළියෙක් කියන්නේ රංගනය වෙනුවෙන් ඒ වගේ ඕනෑම ආත්මගත  කැපකිරීමක් කරන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනෑ...

.ඉඳුනි නිලංකා  එයාගේ රංගන ජීවිතය තුළ අත්විඳින්න ලැබුණු හැම දෙයක්ම සුන්දර අත්දැකීමක් බව කියමින් තමයි කතාව පටන් ගත්තේ. පාසල් වේදිකාව තෝතැන්නක් කරගෙන  වේදිකා නාට්‍ය කලාවටත් පුංචි තිරයටත් ඉන්පසු  සිනමාවටත් එක්වුණු  ඇය ඉගෙන ගත්තෙ තෙල්දෙණිය ජාතික  පාසලේ. අම්මයි අක්කලා තුන්දෙනයි එක්ක ජීවිතයේ ගෙවුන පුංචි කාලය ගැන කියද්දී  ඇය මුලින්ම කියපු දෙයක් තමා පුංචි කාලෙම එයාගෙ  තාත්තා අනතුරකින් නැති වෙච්ච විත්තිය.....

ජීවිතය පටන් ගන්නත් ඉස්සර වගේ දැනෙන කාලෙක පුංචි දුවකට  ඉතින් තාත්තා කෙනෙක්ගේ ආදරය  නැති වෙච්ච එක කොහොමද ඔයාට දැනුණේ ?

ළමා කාලය හරිම සුන්දරයි කියන එක තමා  කියන්න තියෙන්නේ තියෙන්නේ. තාත්තා නැති වුණත්  මට මගේ තාත්තා නැති අඩුව චුට්ටක්වත් දැනෙන්න නොදෙන්න මගේ අක්කලාම මාත් එක්ක හිටියේ මොකද අපි හැදෙනවලුනේ ගමක ඉතින් ගමක ඒ යාළුවො නැන්දලා මාමලා හැමෝමත් එක්ක තිබුණේ පුදුම සහයෝගයක් අනිත් ඒවා පුංචි කාලේ ටිකක් අහිංසකයි අහිංසකයි. හැබැයි අහිංසක උනාට හිතුවක්කාර කටකාරකමත් මගේ තිබුණා ඒ වගේම හරි දඟයි රණ්ඩුත් එමටයි.මම කරන්න ඕනේ මොනවද නැද්ද කියන එක හැමදේම මට තෝරලා බේරිලා දුන්නේ මගේ අක්කලා අක්කලා. ඒ වගේ මෙයාලමට නිදහස දුන්නා දැන් නං ඉතින් ඒ හැමෝම විවාහ වෙලා. මං දැන් දරුවො පස්දෙනෙක්ගේ පුංචි අම්මා කෙනෙක්

උප පළමුවෙන්ම දිනාගන්න වේදිකාවේ කොහොමද වේදිකාව දැනෙන්නේ

වේදිකාව කියන්නේ රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකුට හැදෙන්න.මං පාසලේදි නාට්‍ය අරගෙන කලා විෂයන් විදියට හැදෑරුවා නොදී කල්පනායක විස තමයි මාව රංගනයට යොමුු කරවන්නේ ඒ පාසල් වේදිකාවෙන් පාසල් කාලයේදී මම සමස්ත පාසල් වේදිකාවෙන් පාසල් කාලයේදී මම සමස්ත ලංකා නාට්‍ය තරඟ වේදි වගේ නාවේදී නාට්‍ය වගේ දේවල් කලා.

කලාව තුළ ඔයා ඉස්සරෝම දිනාගන්නේ වේදිකාව මොනවද වේදිකාවෙන් ලැපූ ජයග්‍රහණ

ඔරු ඌරල කියන දමිළ  කෙටි නාට්‍යය සඳහා රාජ්‍ය නාට්‍ය උළෙලේ  හොඳම නිළිය  සහ යෞවන සම්මාන උළෙලේ  හොඳම නිළිය ජූරිය විශේෂ සම්මානයන් එම නාට්‍යයේම හොඳම ඇඳුම් නිර්මාණය සම්මානයත් මට ලැබුණා. ඒ දවස ගැන නම් කියාගන්න දෙයක් නෑ. මොකද ආවේ ඈත ගමකින්. පුදුම සතුටක් සම්මානයක් ඒ විදිහට ලැබුණාම. අනිත් එක ඒ හැම සම්මානයක්ම  හුඟාක් මහන්සිවෙලා   හරි ආදරෙන් කැපවෙලා මම ගත්තෙ.  ප්‍රශ්න නැති ජීවිත මේ ලෝකෙ තියෙනවද කියලා මම දන් නෑ. ඉතින් මම ජීවිතේ මුහුණ දුන්න හැම ප්‍රශ්නයකටම හොඳ උත්තරයක් විදියට තමයි ඒ සම්මාන මම දැක්කේ.

වේදිකාවට කොච්චර ආදරෙයිද කියලා ඇහුවොත් ඔයාට දෙන්න තියෙන උත්තරයක් තියෙනවද?


ජීවිතයේ ලැබූ  ලොකුම පන්නරය  තමා  වේදිකාව කියන්නේ. එක පැත්තකින් වේදිකාව කියන්නේ මගේ හීනයක්. ඇත්තටම මට ඕන වුණේ ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහට, දනවන්න පුළුවන් විදිහට ඒගොල්ලොන්ගේ
 හද ගැස්මට කතා කරන්න පුළුවන් විදියට චරිතයක් වේදිකාව මත නිරූපණය කරන්න මට මාර ආසාවක් තිබුණා  ප්‍රේක්ෂකාගාරයක සජීවී ප්‍රතිචාර විඳින්න. ඒක කියාගන්න බැරි හැඟීමක්. ඒක පුදුම විදිහකට හිතට දැනෙන හැඟීමක්. ඇත්තටම මම ආදරේම වේදිකාවට. මේ වෙද්දී මම වේදිකා නාට්‍ය කීපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. අනිත් එක වේදිකාව කියන්නේ නළුවෙකුට හෝ නිළියකට ශාරීරික මානසික ඒකාග්‍රතාවය ගැන හොඳම අත්දැකීමක් වගේම පුහුණුවක් ලබා ගන්න පුළුවන් තැනක් .ඒක ඇත්තටම හොඳ නළුවෙක් නිළියෙක් වෙන්න අවශ්‍යයි කියලා හිතන තරම් ඒක පුදුම දෙයක්. ඉතින් මොන ශානරයක රංගනයක නියැලුණත් වේදිකාවේ ලබන පන්නරය ගැන නම් මට කියාගන්න වචන නෑ.

සක්කාරන් ගැන මොකද හිතන්නේ?

සක්කාරන් කියන්නේ මගේ මුල්ම ටෙලි නාට්‍යය.ඒකෙ අත්දැකීම්  කවදාවත් අමතක වෙන්නෙ නෑ, අපේ ගෙවල් පැත්තෙමයි නාරම්පරාව තියෙන්නේ.පැය ගාණක් මඩේ බැහැලා හොඳට මදුරුවෝ කකා ගොයම් ඉන්දුවා .තව දවසක් පැය ගාණක් හුළු  ගඟේ බැහැලා ඉන්න වුණා. මාර සුන්දර අත්දැකීම්. කිසිම දෙයක් විඩාවක් මහන්සියක් එපාවීමක් කියලා හිතෙන්නෙ නෑ. කලාව කියන්නේ ජීවිතයත් එක්ක පුදුම විදිහට බැඳෙන දෙයක් .ඒකත් එක්ක හුස්ම ගනිද්දි  ජීවිතයේ තියෙන ගොඩාක් වෙහෙස දැනෙන එක අඩු වෙලා යනවා .

කොහොමද Unlock?

ක්‍රිස් ඇන්තනී අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය තමයි මගේ පළවෙනි සිරිමා නිර්මාණය මම ඒ චිත්‍රපටයේ  අරුණි වුණා.

ඉගෙනගෙන ඉවරද දැන්?

විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනයේදී නාට්‍ය හා රංග කලා උපාධිය හැදෑරුවා .දැන් වැඩ ඉවරයි

ගෙන ගෙන ඉවරෙටම ඉවර ද?

අම්මෝ නෑ. මම ටවර් හෝල් නාට්‍ය පාසලෙන් සහ මේ වෙද්දි මහේන්ද්‍ර පෙරේරා සර්ගේ mp actror studio වෙතින් රඟපෑම ගැන හදාරනවා

සමහර නළු නිළියො කියන කතාවක් තමයි තෝරා බේරගෙන තමයි රඟපාන්නේ කියලා .ඔයත් එහෙමද?

එහෙම වෙන්න පුළුවන්ද නළුවෙකුට නිළියකට කියන ප්‍රශ්නය මට තියෙනවා. මම චරිතවලට ඇත්තටම සීමා පණ වගෙන  නැහැ.  මගේ එකම දේ මෙච්චරයි. මට උපරිම සාධාරණයක් කරන්න පුළුවන්ද කියන එක මම හිතනවා. එහෙම නැත්නම් මට ඒ චරිතය එපා කියන තැන මම ඉන්නවා .මම හරි ආසයි රඟපාන්න. මට  සාධාරණයක් කරන්න පුළුවන් නම් මම කිසිම චරිතයකට බෑ කියන්නෙ නෑ.