හිනාවෙන ජීවිත අස්සෙ හංඟා ගත්ත කඳුළු කොච්චර තියෙනවද? නිම්මි මනෝහාරි කී ඇගේ කතාව
ප්‍රාණ සම ප්‍රේමයෙන් ,ආත්මීය ආලයෙන් පිරිමි පපුවකට ළංවෙච්ච ගැහැනියකට ඒ බැඳීම හේතු විරහිතව ගිලිහී යද්දි දැනෙන වේදනාව මෙච්චරක් කියලා කියන්න පුළුවන්ද ?
මට එහෙම හිතුණෙ නිම්මි මනෝහාරි මෙහෙම කියද්දි........
"මම එයාට හුඟාක් ආදරය කළා.මට පුළුවන් හැමදේම එයා වෙනුවෙන් කළා.මම හිතන්නෙ මම නොකළ දෙයක් නෑ. අදටත් නුවර මතක් වෙද්දි මට එයා ඉතුරු කරපු මතක මතක් වෙනවා. එයා කිසිම හේතුවක් නැතුව මගෙන් ඈත් වුණා.එයා එහෙම කළේ ඇයි කියලා අදටත් මම දන් නෑ.ඒත් අදටත් එයා ආයෙත් මාව හොයාගෙන මගේ ළඟට එයිද කියලා හිතෙන වෙලාවල් තියෙනවා.
මේ field එකේ නිළියක් විදිහට ඉද්දි එක එක ඒවට ඕනෑ තරම් invitation එනවා.අර party මේ party කියලා.ඒත් මම ඒවට යන්නෙ හරි කලාතුරකින් .මම යන්නෙ මම යා යුතුම එකක්නම් විතරයි.කලා ක්ෂේත්‍රයේ බැඳීම් අඩු වෙච්ච තරමට ස්ථාවර වෙන්න ලේසියි.කලාකරුවන් හුඟ දෙනෙක් හරි කුහකයි කියලා කියනවනෙ.එහෙම කුහකකම්වලට ලක් වෙන්නෙත් ඊර්ෂ්‍යාවකට ලක් වෙන්නෙත් හුඟාක් ළඟ බැඳීම් තියා ගත්තම.මට කොළඹ යාළුවො කවුරුත් නෑ.ළඟම යාළුවො දෙතුන් දෙනෙක් ඉන්නවා .එයාලා ඔක්කොම නුවර යාළුවො .film එකක් බලන්න ගියත් මම යන්නෙ තනියෙන්.වෙලාව තිබුණොත් පොතක් අරගෙන කියවනවා.රබර් සෙරෙප්පු දෙක දාගෙන මහරගම පුරාවටම මම තනියෙන් ඇවිදිනවා.මිනිස්සු දිහා බල බලා මම කරන්නෙ එක්තරා අධ්‍යනයක්.නිළියක් විදිහට මගේ ජීවිතය අත්දැකීම් වලින් මට පුරවාගන්න මට ඒ අධ්‍යනයෙන් පුළුවන්."
හිනාවෙන ජීවිත අස්සෙ හංඟා ගත්ත කඳුළු කොච්චර තියෙනවද ?
නිම්මි ගෙ වචන මට දැනෙව්වෙ එහෙම හැඟීමක්.




