2.0 දැන් තිරගත වෙයි


ලයිකා නිෂ්පාදන සුභාස්කරන් විසින් නිෂ්පාදිත 2.0, ත්‍රිමාණ විද්‍යා ප්‍රබන්ධ බ්ලොක්බස්ටර් චිත්‍රපටය 2018 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා කරන චිත්‍රපටය ලෙස ඇස්තමේන්තු කර ඇති අතර පසුගිය 29 සිට එහි 3D සහ 2D චිත්‍රපට ඊ ඒ පී සිනමාහල් හරහා එළිදැක්වේ.

3D සිනමාහල් දහයකට වැඩි සංඛ්‍යාවක් සමග ශ්‍රී ලංකාවේ සිනමාලෝලී ජනතාව ප්‍රමෝධමත් කළහැකි ආකාරයේ උසස් මට්ටමේ  3D අත්දැකීමක් ලබාදෙන මෙරට පවත්නා එකම සිනමාහල්දාමය වන ඊඒපී සිනමාහල් සදහා බ්ලොක්බස්ටර් චිත්‍රපටයේ බෙදාහැරීමේ අයිතිය පිරිනමා ඇත.

2.0, සම්පූර්ණ උපාංග සහිතව මෙතෙක් තිරගත වූ ප්‍රථම 3D දමිල චිත්‍රපටය වන අතර ලයිකා නිෂ්පාදන නාමය යටතේ ඉදිරිපත් කරන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 75 කට වැඩි අයවැයක් සහිත ඉන්දියාවේ අධිකතම පිරිවැය දැරූ චිත්‍රපටය ද වේ. මෙය මාවල් චිත්‍රපට වන ඩෙඩ්පූල් සහ එක්ස්මෙන් ෆැන්චයිස්වල අයවැය ද ඉක්මවන ලදි. ලොව පුරා විවිධ භාෂා 14 කින් මෙම චිත්‍රපට තිරගත  වීමට නියමිතය.

2.0 අධ්‍යක්ෂක ෂන්කර්ගේ අධික ආදායම් වාර්ථා කළ එන්තිරාන් වලින් පසුව කළ නිර්මාණය වන අතර නැවතත් රාඡ්නි කාන්ත් විද්‍යාඥ වෂීහරන්ගේ චරිතය නිරූපණය කරන අතර විරුද්ධවාදි විද්‍යාඥයෙක්වූ රිචඩ් සමග ඔහුගේ සුපර්හීරෝ රොබොට් සටන් කරයි. රිචඩ්ගේ චරිතය සදහා බොලිවුඩ් මෙගා තරුවක්වන අක්ෂේ කුමාර් පණපොවයි.