‘Dark Phoenix’ ස්කෝප් සිනමාස් හා ලිබර්ටි සිනමාහිදී


‘X-Men‘‘‘ කතා මාලාවේ 12 වැනි චිත්‍රපටය ලෙස එළිදුටු ‘‘Dark Phoenix’ චිත්‍රපටය කොළොම්බෝ සිටි සෙන්ටර් ස්කෝප් සිනමාස් හා ලිබර්ටි සිනමාහිදී ප්‍රදර්ශනය කෙරේ.

මෙම චිත්‍රපටය තිරගත වන්නේ ‘20th Century Fox’ ආයතනය මගින් නිෂ්පාදනය කර ‘Walt Disney Studios’ ආයතනය මගින් ලොව වටා බෙදාහැරීමට සමගාමීව තිරගත වන්නකි.

පසුගිය කතාංගය වන ‘X-men Apocalypse’ හි සිදුවීමෙන් දශකයකට පමණ ආසන්න කාලයක් ගත වී 1992 වසර වන විට ‘X-Men’ ජාතික වීරයන් ලෙස වැඩි වැඩියෙන් අවදානම් සහිත මෙහෙයුම් සිදුකරමින් සිටියි. මේ අතර අභ්‍යාවකාශයේදී ගලවාගැනීමේ මෙහෙයුමක් සිදුකරමින් සිටින අතරතුරදී ‘Jean Grey’ ගසාගෙන යන සූර්ය බල්බයකට (සූර්ය ගිනිසිළුවකට) හසුවීමෙන් අනතුරට ලක්වන අතර පසුව ඇය සතු වන අසාමාන්‍ය බලය ඇයටද පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වන අයුරු දැකගත හැකි වේ.

ඒ සමගම කෙමෙන් ‘Jean Grey’ එම අසීමිත බලය තව තවත් වර්ධනය කර ගනිමින් සිටින නමුත් ඇයට එහි භයානක තත්ත්වය අවබෝධ කර ගැනීමට නොහැකිව සිටින බව චිත්‍රපටයෙන් විස්තර කෙරෙන අතර තවත් විස්මිත සිදුවීම් ගණනාවක් දැක ගැනීමට ඔබත් මෙම චිත්‍රපටය නරඹන්න.

චිත්‍රපටයට ජේම්ස් මැකාවොයි, මයිකල් ෆස්බෙන්ඩර්, ජෙනිෆර් ලෝරන්ස්, නිකලස් හෝල්ට්, සොෆී ටර්නර්, ටේ ෂෙරීඩන් ආදීහු රංගනයෙන් දායක වෙති.