උදයකාන්තගේ 'වස්සානයේ සඳ' දැන් තිරගත වෙයි


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක උදයකාන්ත වර්ණසූරියගේ 22 වැනි සිනමා නිර්මාණය වන ‘වස්සානයේ සඳ’ 25දා සිට ප්‍රදර්ශනය ආරම්භ වුණි.

එච්.ඩී. ප්‍රේමසිරි, මහේෂ් කේ. බණ්ඩාර හා උදයකාන්ත වර්ණසූරිය විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ බොහෝ රූපගත කිරීම් සිදු කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේදීය.

“ජීවිත තුළ පවතින මිනිස්කම හා සමාජ හැඩරුව මෙම චිත්‍රපටයෙන් විදහා දැක්වීමට මා උත්සාහ ගත්තා. ඒ වගේම අන්‍යයන්ගේ ආදරයත්, ලෙන්ගතු බවත් අපට මොනතරම් වටිනවද, අපේ ජීවිතවලට මොනතරම් ප්‍රාණයක් ලබා දෙනවාද කියන කාරණාත් මා මේ චිත්‍රපටයෙන් ඉස්මතු කරනවා. රසවත් කතාවක් කියන ගමන් අන්න ඒ සැබෑ මානුෂික ධර්මතාවන් ප්‍රේක්‍ෂකයන්ට දනවන්න සෑම විටම මා මේ චිත්‍රපටයෙන් උත්සාහ දැරුවා” යනුවෙන් උදයකාන්ත සිය නිර්මාණය සම්බන්ධව පවසයි.

‘වස්සානයේ සඳ’හි රංගනයෙන් අනුජ් රණසිංහ, පියුමි හංසමාලි, ඇන්ජලෝ සන්ජිව් බාන්ස්, ඕෂදී හිමාෂා, රවීන්ද්‍ර රන්දෙණිය, සුවිනිතා වීරසිංහ, අනුලා කරුණාතිලක, ශ්‍රීනාත් මද්දුමගේ, කිරුල හේරත්, සුසන්ත පි‍්‍රයදර්ශන, ගිවන්ත අර්ථසාද්, කුමාරි සේනාරත්න, ගයාත්‍රී පනන්වල ආදීන් දායක වන අතර කැමරා අධ්‍යක්‍ෂණයෙන් අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි, සංස්කරණයෙන් ප්‍රවින් ජයරත්න, සංගීත අධ්‍යෂණයෙන් රෝහණ වීරසිංහ, සහාය අධ්‍යක්‍ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත, අංග රචනයෙන් ඉන්දික උදාර ලංකා, කලා අධ්‍යක්‍ෂණයෙන් අරුණ ඩයස් ආදීහු දායක වෙති