Gold දැන් තිරගත වෙයි



තපන් දාස් කියන්නේ ඉන්දියාවේ හොකී කණ්ඩායම නියෝජනය කරන ක‍්‍රීඩකයෙක්. තපන් දාස් එක්ක ඔහුගේ කණ්ඩායමේ තව අමුතු අමුතු දක්ෂතා තියෙන කිහිපදෙනෙක්ම ඉන්නවා. ඒ අතරින් සම්රත්, රගුබීර් ප‍්‍රතාප් සිං, ඉම්තියාස් ශාහ සහ හිම්මත් සිං ගැන නොකියම බැහැ. මේ කට්ටිය හොකී ක‍්‍රීඩා කරන්න හදන්නේ සුදු ජාතික කණ්ඩායමක් එක්කයි. ආසියාතික රටක තපන් දාස් ඇතුළු කණඩායමක් යුරෝපීය රටක් එක්ක කොහොම හොකී ගහයිද? ඔවුන්ට මොනවද වෙන්නේ? මේ හැම දෙයක්ම දැනගන්න ගෝල්ඩ් බලන්න වෙනවා. ඒ වෙන කිසිදෙයක් හින්දා නෙවෙයි 2018 අගෝස්තු 15 වැනිදා තමයි හොකී ක‍්‍රිඩාව ගැන ඇතුළත් ගෝල්ඩ් කියන හින්දි සිනමාපටය තිරගත වුණේ. රීමා කග්තී අධ්‍යක්ෂණය කරලා තියෙන ගෝල්ඩ් හින්දි සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ රිටේශ් සිධ්වානී සහ ජනප‍්‍රිය නළුවෙක්, පිටපත් රචකයෙක් සහ ගායකයෙක් වන ෆර්හාන් අඛ්තර්.

ෆර්හාන්ගේ තාත්තා ජාවේද් අඛ්තර් විසින් දෙබස් ලියලා තියෙන ගෝල්ඩ් සිනමාපටය තිර රචනය කරලා තියෙන්නේ රාජේශ් දේව‍රාජ්. ගෝල්ඩ් සිනමාපටයේ කතාව ගොඩ නගලා තියෙන්නේ රීමා කාග්තී සහ රාජේශ් දේවරාජ් විසිනුයි. සචින් සහ ජිගර් විසින් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන ගෝල්ඩ් හින්දි සිනමාපටය 1936 වසරේදී නිදහස දිනාගැනීමෙන් අනතුරැව ගෝල්ඩ් මෙඩල් එකක සිහිනය හොකී ක‍්‍රීඩාවෙන් ලබා ගන්න කතා පුවත තමයි කියැවෙන්නේ.