Star Wars - The Last Jedi දැන් තිරගත වෙයි


දීර්ඝ ඉතිහාසයක් ඇති ‘ස්ටාර් වෝර්ස්’ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය පසුගියදා තිරගත වීම ආරම්භ වුණි. 1977 වර්ෂයේ සිට ස්ටාර් වෝර්ස් චිත්‍රපට නිර්මාණයන් පිළිබඳව ඉතිහාසයක් ඇති අතර, විශාල පිරිවැයක් ඔස්සේ එම චිත්‍රපට මාලාව නිර්මාණය වනු ලබයි. සිනමාව තුළ පමණක් නොව රූපවාහිනි තිරය මෙන්ම පරිඝණක ක්‍රීඩාව තුළද ස්ටාර් වෝර්ස් නාමය ඉහලින් වැජඹෙනු ඇත.

පසුගියදා තිරගත වීම ආරම්භ වූ Star Wars: The Last Jedi චිත්‍රපටය මේවනවිට විශාල ආදායමක් හිමිකර ගෙන තිබේ. පසුගිය දෙසැම්බරයේ මෙහි තිරගත වීම ආරම්භ වූ අතර, මේ වනවිට 2017 වසරේ එළිදක්වනු ලැබූ චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් සහිත චිත්‍රපට අතරින් තෙවැනි ස්ථානය මෙම චිත්‍රපටය සඳහා හිමිව තිබේ. 2017 වසරේ පෙබරවාරි මාසේ තිරගත වූ Beauty and the Beast චිත්‍රපටය වැඩිම ආදායමක් ලබමින් පලමු ස්ථානයට පත්වූ අතර, දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ 2017 වසරේ අප්‍රේල් මාසයේ තිරගත වූ The Fate of the Furious චිත්‍රපටයයි. මේ චිත්‍රපට අතරේ වැඩිම ආදායමක් සහිතව 2017 දෙසැම්බරයේ තිරගත වීම ආරම්භ කරනු ලැබූ Star Wars: The Last Jedi චිත්‍රපට තෙවැනි ස්ථානයට පත්ව තිබේ. මාසයකට අඩුකාලයක් තුළ තෙවැනි ස්ථානයට පත්වූ මෙම චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ දමමින් පලමු ස්ථානයට පත්වන බවයි මෙහි නිෂ්පාදක සමාගම වන ඩිස්නි සමාගම පවසන්නේ.