The Mummy


ඇමෙරිකානු ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වූ "The Mummy" හි නැවත පැමිණීමක් ලෙසින් නිර්මාණය වන පළමු චිත්‍රපටය වන "The Mummy" සුපිරි ක්‍රියාදාම නළු ටොම් කෲස් ප්‍රධාන චරිතය නිරූපණය කරයි.

2017-06-22-ent-1231932 දී පළමුවරට බොරිස් කාර්ලොෆ් ප්‍රධාන චරිතය නිරූපණය කළ "The Mummy" හි දෙවැනි කොටස 1940 දී තිරගත වූ අතර, "The Mummy's Hand" නම් වූ එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ ටොම් ටයිලර් විසිනි. මෙහි තෙවැන්න 1942 දී තිරගත වූ අතර, එය හඳුන්වනු ලැබුවේ "The Mummy's Tom" ලෙසිනි. එහි ප්‍රධාන චරිතය ලොන් චානේ නිරූපණය කළේය. 1944 දී තිරගත වූ "The Mummy's Ghost^ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සහ "The Mummy's Curse" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ද නිරූපණය කළේ ඔහුය. 1955 දී මෙහි අවසන් කොටස වූ "Abbott and Costello Meet the Mummy" nතිරගත වූ අතර, එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ එඩී පාකර්ය.

කෙසේ වෙතත් නවතම චිත්‍රපටයේ ටොම් කෲස් සමග සොෆියා බොයිටෙලා, ඇනාබෙලා වැලිස්, ජේක් ජොන්සන් රඟන අතර, ක්‍රියාදාම සපිරි ත්‍රාසජනක අද්භූත චිත්‍රපටයක් වන "The Mummy" චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඇලෙක්ස් කර්ට්ස්මන් විසිනි. ජෝන් ස්පයිට්ස්, ඇලෙක්ස් කර්ට්ස්මන් සහ ජෙනී ලුමෙට් කතාව ලියූ මෙහි තිර රචනය ඩේවිඩ් කොයෙප්, ක්‍රිස්ටෝපර් මැක්කුරේ, ඩයිලන් කුස්මන්ගෙනි. ඒ අනුව "Perfect World Pictures", "Secret Hideout Conspiracy Factory" සහ "Sean Daniel Company" යන චිත්‍රපට සමාගම් දායක වූ මෙම චිත්‍රපටය ජුනි මස 09 වැනිදා නිකුත් වීමට නියමිත නමුත්, චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගිය 22 වැනිදා ඇමෙරිකාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය පසුව වෙනස් කෙරිණ. ඒ පසුගිය 22 වැනිදා මැන්චෙස්ටර් අරීනා රඟහලට එල්ල වූ බෝම්බ ප්‍රහාරය හේතුවෙනි. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නගර ශාලාවේ දී එදින මෙහි මංගල දර්ශනය පවත් වන්නේ මේ අනුවය.

මෙහි කතාව දිව යන්නේ ප්‍රාග් ඓතිහාසික දෙව්දුවක් අහිතකාමිත්වය සමග කාන්තාරයක ගුහාවකින් මතු වීමත්, භීතියට පත් තර්ජනාත්මක මානුෂීය සම්බන්ධතාවයත් අතර දෝලනය වන අපූරු කතාවක් වටාය.

"The Mummy" චිත්‍රපටය, අධ්‍යක්ෂ ඇලෙක්ස් කර්ට්ස්මන්, ක්‍රිස් මෝගන්, ෂෝන් ඩැනියෙල් සහ සාරා බ්‍රෑඩ්ෂෝ නිෂ්පාදනය කරන ලද මෙම සිනමාපටයේ නික් මෝටන්ගේ චරිතය ටොම් කෲස් නිරූපණය කරනා අතර, ඊජිප්තියානු දෙව්දුවක වන ඇමුනෙන්ට් ඇසුරින් නිර්මාණය කළ අබ්මනන්ට් කුමරිය හෙවත් මමියගේ චරිතය සොෆියා ද, ජෙනී හැල්සේගේ චරිතය ඇනාබෙලා වොලිස් ද, සාජන්ට් ක්‍රිස් වැලිගේ චරිතය ජේක් ජොන්සන් ද, කර්නල් ග්‍රීන්වේගේ චරිතය කර්ට්නේ බී.වැන්ස්ද නිරූපණය කරති.

2012 වසරේ දී යුනිවර්සල් පික්චර්ස් චිත්‍රපට සමාගම ගෙන ආ සැලසුම් යෝජනාවත් සමග 2013 වසරේ දී ඇරැඹි මෙම සිනමා ව්‍යාපෘතියට පළමුව ලෙන් වයිස්මන් අධ්‍යක්ෂවරයා ලෙස තෝරාගත් අතර, දෙවනුව ආන්ද්‍රෙස් මුස්චෙයිටි තෝරා ගත්තේය. 2014 වනවිට ඔවුන් සියලු දෙනාම එයින් ඉවත්ව ගොස් සිටියහ.

2015 වසරේ නොවැම්බර් මසදී ටොම් කෲස් මෙම චරිතය සඳහා සාකච්ඡා මට්ටමේ සිටි අතර, සොෆියා සමගින් එම වසරේම දෙසැම්බර් මස වනවිට සාකච්ඡාමය අවධියක් නිෂ්පාදකවරු පසු කරමින් සිටියහ. නිෂ්පාදකවරුන් සොෆියා තෝරා ගැනීමට හේතු වී ඇත්තේ "Kingsman: The Secret Service" චිත්‍රපටයයි. ඒ ඇගේ පැවැති ඇස්වලින් කතා කරන ස්වභාවයයි.

මේ අනුව සියලු නළුවරණ කටයුතු 2016 වසරේ මැයි මස වනවිට අවසන් වූ නමුත්, අප්‍රේල් මස 03 වැනිදා වනවිට එංගලන්තයේ ඔක්ස්ෆෝඩ් නගරයේ දී ආරම්භ වූ අතර, මෙහි රූගත කිරීම් සරේ ප්‍රාන්තයේද සිදුවිණ. 2016 වසරේ අගෝස්තු මස වනවිට සියලු රූගතකිරීම් අවසන් විය. ඒ සති දෙකක් පුරා නැම්බියාවේද සිදු වූ රූගත කිරීම් සමගිනි. මෙහි සිනමා කැමරාකරණ අධ්‍යක්ෂවරයා ලෙස බෙන් සෙරෙසින් කටයුතු කළේය.

චිත්‍රපටය ද්විමාණ මෙන්ම ත්‍රිමාණ පිටපත් ලෙසින්ද නිකුත්වීමට නියමිත අතර, පසුගිය දෙසැම්බර් 20 වැනිදා මෙහි පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූ නමුත් එහි වරදක් සිදුවී ඇත්තේ වැරැදි ශබ්ද සංයෝජනයක් එම රූපාවලිය සමග මුසු කිරීම හේතුවෙනි. මෙහි චිත්‍රපට සංගීතය බ්‍රයන් ටයිලර්ගෙනි.