ජුනි මස 17 වැනිදා සිට ඇමෙරිකාවේ තිරගත වීම ඇරඹුණු දැනටමත් ඇ.ඩො. මිලියන 200කට ආසන්න ආදායමක් වාර්තා කර තිබෙන සුපිරි සජීවීකරණ චිත්‍රපටයක් ලෙස "Finding Dory" දැක්විය හැකිය.
ළඟදීම සැවෝයි සිනමා ශාලාවේ තිරගත වීමට නියමිත මෙම නවතම චිත්‍රපටයට පිරිවැය වශයෙන් වැයවී ඇති මුදල ඇ.ඩො. මිලියන 200කි. සෙල්ෆි සංස්කෘතිය හඳුන්වා දුන් එලන් ඩෙජෙනරස්, ඇල්බට් බෘක්ස්, හේඩ්න් රෝලන්ස්, එඩ් ඔ‘නීල්, කයිට්ලින් ඕල්සන් ප්‍රධාන චරිත සඳහා හඬ නළු දායකත්වය ලබාදෙන මෙහි කතා පුවත දිව යන්නේ ඩෝරි නම් මාළුවෙකු තම දෙමවුපියන් සොයා යන ත්‍රාසජනක ගමන වටාය. ලින්ඩ්සේ කොලින්ස්ගේ සම නිෂ්පාදනයෙන්ද, ඇන්ඩෘ ස්ටැන්ටන්ගේ අධ්‍යක්ෂණයෙන්ද නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ කතාව අධ්‍යක්ෂ ස්ටැන්ටන්ගෙනි.
තිර රචනයද අධ්‍යක්ෂ ස්ටැන්ටන් සහ වික්ටෝරියා ස්ට්‍රවුස්ගෙනි. හාස්‍යයෙන් පිරි සුපිරි ත්‍රිමාණ සිනමාපටයක් වන මෙම චිත්‍රපටය, ජෙරමි ලැස්කිගේ සිනමා කැමරාකරණයකි. ජනප්‍රිය සිනමා සංගීතඥ තෝමස් නිව්මෑන් මෙහි සිනමා සංගීතය මෙහෙයවා ඇත.කෙසේ වෙතත් චිත්‍රපටය දැනටමත් විචාරකයන්ගේ ප්‍රශංසාවට හේතුවී ඇති මෙය 2003 වසරේදී තිරගත වූ Finding Nemo නම් අධ්‍යක්ෂ ස්ටැන්ටන්ගේම චිත්‍රපටයක දෙවැනි කොටස වේ.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
