මේ දිනවල වාර්තාගත ලෙස චිත්‍රපටයක් ලෙස හැඳින්වූවට කිසිඳු වරදක් නොමැත. ජනප්‍රිය දමිළ සිනමා නළු සූර්යා ශිවකුමාර් මේ දිනවල සිය සොහොයුරු කාර්ති ශිවකුමාර් රඟන ඔහුගේ අලුත්ම චිත්‍රපටය වෙනුවෙන් සිය සහාය දක්වමින් සිටින බව සඳහන්. ගෝකුල් අධ්‍යක්ෂණය කරන කාර්තිගේ අලුත්ම චිත්‍රපටය වන්නේ ‘කාශ්මෝරා’ය.
මෙහි කාර්ති ද්විත්ව චරිත නිරූපණය කරන අතර, නයනතාරා හා ශ්‍රී දිව්‍යා මෙහි අනෙකුත් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. චිත්‍රපටය පසුගිය ඔක්තෝබර් 28 වැනිදා දකුණු ඉන්දියාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ අතර, මේ වනවිට එය සාර්ථක ආදායමක් උපයාගෙන තිබෙනවා. චිත්‍රපටය සඳහා වියදම් කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 60ක් බව සඳහන් වන අතර, මෙය ඓතිහාසික කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්.
සූර්යා මේ වසරේ රංගනයෙන් දායක වූ ‘24’ චිත්‍රපටය සාර්ථක ආදායමක් උපයාගන්නට සමත් වූ අතර, එහි දෙවැන්න මේ දිනවල රූපගත කරමින් සිටින අතර, චිත්‍රපටය ලබන වසරේ අවසානයේ තිරගත කිරීමට සූදානම් කර තිබෙනවා.
මේ දිනවල මෙම චිත්‍රපටය ඊඒපි සිනමාහල් වල තිරගතවෙමින් පවතිනවා ඇත.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
