Logan දැන් තිරගත වේ

  • 11-03-2017
  • Views 5442

එක්ස් මෑන් චිත්‍රපට මාලාවෙන් බිහිවූ ප්‍රධාන චරිතයක් වන ‘වුල්වරීන්’ චිත්‍රපටය ‘එක්ස් මෑන්’ චිත්‍රපට මාලාවට වඩා ජනප්‍රියත්වයක් ලබා ගත් චිත්‍රපටයකි.

මෙහි ප්‍රධාන චරිතයට පණ පෙවූ හියූ ජැක්මන් පිළිබඳව පැවසීමට වචන නොමැති බව කවුරුත් දන්නා කාරණාවක්. චරිතාංග නළුවෙකු ලෙස බොහෝ ජනප්‍රියත්වට පත් ඔහු, Logan චිත්‍රපටයෙන් පසුව මෙම චිත්‍රපටයෙන් සමුගන්නා බවට බොහෝ දෙනාගේ මතය විය.

කෙසේ නමුත් මෙම චිත්‍රපටයට සමුදීමට නම් හියු ජැක්මන් හට හැකියාවක් නොමැති බව ඔහුගේ රසිකයන්ගේ මතයයි. පසුගියදා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබූ Logan 2017 ජේම්ස් මැන්ගොඩ් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූවකි. මේ වනවිට එය ඇමෙරිකානු ඩොලර් මිලියන 247.4 ආදායමක්ද උපයා තිබේ.