’Best Makeup Artist’ කියන්නේ හිතපු නැති ජයග්‍රහණයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවක රූපලාවණ්‍ය ශිල්පිනියක් වන ශර්මිලා පෙරේරා පසුගිය දා ලංකාවේ හොඳම අංග රචනා ශිල්පිනිය (Best Makeup Artist) ලෙස සම්මාන දිනාගත්තා. ඇය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයක් ඇතුළතදියී මේ ජයග්‍රහණය ලබා ගන්නේ. කලක් නිරූපණ ශිල්පිනියක් ලෙසද කටයුතු කළ ශර්මිලා සාරවිට කතාබහකට එකතු වුණේ මේ විදිහටයි.

මේ දවස්වල වැඩකටයුතු කොහොමද ?

මේ දවස්වල සාමාන්‍ය විදිහට සැලෝන් එකේ වැඩ කරගෙන යනවා. 

පහුගිය දවස්වල ලොකු ජයග්‍රහණයක් ලැබුණනේ. ඒ ගැන කිව්වොත්?

ඔව්. GLORIOUS ICONIC AWARDS - 2022 හි මම හොඳම මේකප් ආටිස්ට් වුණා. 

ලැබුණු ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?

ඒක මගේ ඉදිරි ගමනට ගොඩක් වටිනවා. මම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු තුනයි. ඉතින් කෙටි කාලයක් ඇතුළත මේ වගේ ජයග්‍රහණයක් ලැබුණු එක ගැන ලොකු සතුටක් තියෙන්නේ. ලංකාවේම හොඳම මේකප් ආටිස්ට් වුණා කියන එක මට ගොඩක් වටිනවා. 

ඔබේ ජයග්‍රහණය ගැන පවුලේ අයගේ ප්‍රතිචාර කොහොමද?

සැලෝන් එකට අම්මයි අප්පච්චිගෙනුයි ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ ජයග්‍රහණයටත් ඔවුන් නිහතමානීව සතුටු වෙනවා. 

මේ ජයග්‍රහණය ඔබ බලාපොරොත්තු වුණු දෙයක්ද?

නැහැ. ඇත්තටම හිතුවේ නැහැ. මම සිලෙක්ට් වෙලා කියලා මම දැනගද්දිත් මම පුදුම වුණා. මොකද මම මේ ෆීල්ඩ් එකට ඇවිත් පොඩි කාලයක්නේ. අනිත් එක මට වඩා ගොඩක් ප්‍රවීණ අය ඉන්නවානේ. ඒ නිසා මේක මම හිතපු නැති ජයග්‍රහණයක්. 

සැලෝන් එකට අමතරව මොනවාද කරන්නේ?

කලින් නම් මම නිරූපණය කළා, රංගනයට සම්බන්ධ වුණා. ඒත් සැලෝන් එක දැම්මට පස්සේ ඒවායෙන් ඉවත් වුණා. දැනට නම් සැලෝන් එක විතරයි කරගෙන යන්නේ. 

ආයෙත් නිරූපණයට එන්න අදහසක් නැද්ද?

එහෙම අදහසක් නම් නැහැ. හැබැයි වෙළඳ දැන්වීම්වලට ආරාධනා ලැබෙනවා. ඒවාට ඉදිරියේදී දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. 

සැලෝන් එකත් එක්ක බිසී වෙන නිසාද නිරූපණයෙන් ඉවත් වුණේ?

ඔව්. ඒකත් එක හේතුවක්. අනික අපේ ගෙදරිනුත් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ මම මොඩලින් කරනවාට. 

ශර්මිලා ටික් ටොක් තුළ ජනප්‍රිය චරිතයක් නේද?

මම හොබී එකක් විදිහට ටික් ටොක් කරනවා. හැබැයි ජනප්‍රියයිද කියලා දන්නේ නැහැ. ඒත් මගේ ටික් ටොක් ගොඩක් අය බලනවා. මම ටික් ටොක් කරනවාට ගෙදර අය එහෙම කැමැතිත් නැහැ. ඒකත් දැන් ටිකක් අඩු කරගෙන යනවා. 

ඔබට සහය වුණු අය ගැන කිව්වොත්?

අම්මයි අප්පච්චියි විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම මට මේ ගමනට උදව් කරපු හැම දෙනාවම ආදරයෙන් මතක් කරනවා. 

කැළුම් දේවින්ද