Professional Model කෙනෙක් වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවක නිරූපණ ශිල්පිනියක් වන තිලි ෆර්නෑන්ඩු දායක වුණු බොහෝමයක් නිර්මාණ සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය වූවා. වෘත්තීමය නිරූපණ ශිල්පිනියක් වන තිලි නිරූපණ ගමන ආරම්භ කරන්නේ බ්‍රයිඩ්ල් නිරූපණ ශිල්පිනියක් විදිහටයි. ප්‍රවීණතම නිරූපණ ශිල්පිනියක් වීමේ අරමුණ තිබෙන ඇය සමග සාරවිට අපි කතාබහක් පැවැත්වූවා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මම තිලි. මම නිරූපණ ක්ෂේත්‍රයේ නිරත වෙනවා. මගේ ගම කුරුණෑගල. මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මායි, තාත්තයි, අක්කලා දෙන්නයි.

ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?

කලාවේ ආරම්භය ගැන කියනවා නම් මාව මුලින්ම උඩරට මනාලියක් විදිහට ඩ්‍රෙස් කරලා නිරූපණ ක්ෂේත්‍රයට ගෙනාවේ කුරුණෑගල Trend u salon එකේ මයිකල් අයියා. එතනින් එහාට ඉදිරියට යන්න මට ගොඩක් අය උදව් කළා.

ඔබ දායක වුණු නිර්මාණ ගැන කියමු?

මේ වෙද්දි නිර්මාණ තුන්සීයකට ආසන්න ප්‍රමාණයකට සහභාගී වෙලා තිබෙනවා. ඒ අතරින් Bridal, Casual, Fashion, Concept වගේ නිර්මාණ රැසකට දායක වෙලා තිබෙනවා.

ඔබේ ෆොටෝෂූට් ගොඩක් සමාජ මාධ්‍යයේ ජනප්‍රියයි. මොකද හිතෙන්නේ ඒවාට ලැබෙන ප්‍රතිචාරවලට?

ඇත්තටම හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. එක්කෙනෙකුට ලස්සන දෙයක් තව කෙනෙකුට කැත වෙන්නත් පුළුවන්නේ. ඒක නිසා දෙකම ඉතින් සතුටින් භාර ගන්නවා.

නිරූපණ ශිල්පිනියකට සෝෂල් මීඩියා කොච්චරක් දුරකට වැදගත් වෙනවාද?

ඇත්තටම ගොඩක් වැදගත්. මොකද අපි අළුත් අළුත් දේවල් ගොඩක් ඉගෙනගන්නේ සෝෂල් මීඩියා හරහානේ.

ඔබ ගැන සමාජ මාධ්‍යයේ ගොසිප් මැවුණු නිර්මාණය මොකද්ද?

කාඩ් පැක් එකකින් හදපු ඩ්‍රෙස් එකකින් කරපු ෆොටෝෂූට් එක තමයි.

ඔබ වෘත්තීමය නිරූපන ශිල්පිනියක්ද?. එහෙම නැත්නම් වෙනත් ක්ෂේත්‍රයක නියැලෙනවද?

ඔව්. මගේ වෘත්තීය නිරූපණ ක්ෂේත්‍රය තමයි.

ඔබ පැජන්ට්වලට සහභාගී වෙන්නේ නැද්ද?

මට පැජන්ට්වලට සහභාගී වෙන්න ලොකු කැමැත්තක් නැහැ.

රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?

ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒත් රංගනයයි නිරූපණයයි දෙකම පටලවා ගන්නේ නැතුව මං කැමතියි එක ක්ෂේත්‍රයකින් පමණක් ප්‍රවීණයෙක් වෙන්න. ඒක නිසා මම ආසම ක්ෂේත්‍රය විදිහට නිරූපණය පමණක් කරනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද

ගෙදරින් නම් ලොකු කැමැත්තක් නැහැ. ඒත් මගේ වැඩවලට හොඳ සහයෝගයක් ගෙදරින් ලැබෙනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

නිරූපණ ක්ෂේත්‍රය Professional Model කෙනෙක් වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.

උදව් කළ අය ගැනත් කියමු?

මුලින්ම මතක් කරන්න ඕනේ Trend u salon එකේ මයිකල් අයියාවයි ඒ අක්කාවයි. ඊටපස්සේ නිකී සේරා අක්කා, චමරි අබේසේකර අක්කා, සනෝජා අක්කා, බුද්ධිනී අක්කා, සඳකැළුම් අයියා, සසිත් අයියා. මේ අය තමයි ගොඩක් උදව් කළේ. ෆොටෝග්‍රැෆර්ස්ලා නම් ගොඩක් අය උදව් කරලා තිබෙනවා. නම් වශයෙන් කියන්න බැරි තරමේ පිරිසක් ඉන්නවා. ඒ හැමෝවම ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද