නැහැ මම ජනප්‍රිය ලැයිස්තුවල නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලි නට්‍යය හා සිනමා නිළියක් ලෙස ජනප්‍රියත්වයට පත්ව ඇති දුෂි ප්‍රබා ඉලංගකෝන් වර්තමානයේ ප්‍රේක්ෂකයෝ බොහේ දෙනෙකු ආදරය කරන යොවුන් කලා ශිල්පිනියකි. නිරන්තරයෙන්ම විවිධ කලා නිර්මාණ ඔස්සේ දකින ඇය සමගින්. අද ‘සාරවිට’ තරු කත බහා මෙසේ දිග හැරෙයි.

මේ දිනවල ඔබ කලා නිර්මාණ හරහා දකින්නේ නැහැ?

 ඔව්, අන්තිමට මාව ප්‍රේක්ෂකයෝ දැක්කේ ‘ෂෙලීනා’ චිත්‍රපටයේ හා ස්වර්ණවාහිනියේ විකාශය වුණ ‘ඇය’ කියන ටෙලි නාට්‍යය තුළින් පමණයි. නමුත්, මම කරපු ගොඩක් වැඩ ඉදිරියට එන්න තියෙනවා.

මොනවද ඒ නිර්මාණ?

චිත්‍රපට ගත්තොත් ‘ගුත්තිල’ කියලා චිත්‍රපටයකට මම සම්බන්ධ වුණ. එය ඉදිරියේදී ප්‍රදර්ශනය වේවි. තව මගේ ටෙලි නාට්‍යය දෙකක් විකාශය වෙන්න තියෙනවා.

කලා නිර්මාණ බොහෝමයක ඔබව අපි දුටුවා. දැන් ඔබ ජනප්‍රිය චරිතයක්ද?

අපෝ නැහැ. මම ජනප්‍රිය නැහැ. ලැබෙන රසික ප්‍රතිචාර මත මම හිතනවා මම ටිකක් ජනප්‍රිය ඇති කියලා. මිනිස්සු මාව දැක්කොත් කතා කරනවා. ගොඩක් තරුණ වයස්වල පසුවෙන අය. ඒ ඇරෙන්න ඉතින් මම ජනප්‍රිය ලැයිස්තුවල නම් නැහැ.

දැනට කොපමණ නිර්මාණ ප්‍රමාණයකට ඔබ දායක වෙලා තියෙනවාද?

චිත්‍රපට ගත්තොත් නම් ‘ෂෙලිනා’ හා ඉදිරියට තිරගත වෙන්න නියමිත ‘ගුත්තිල’ කියන චිත්‍රපටවලට පමණයි. ටෙලි නාට්‍යය ගත්තොත් දැනට මම විස්කක් විතර රඟපාලා තියෙනවා.

ගොඩක් මිනිස්සු අතරට ගියේ ඔබ මොන චරිතය හරහාද?

මෑත කාලයේ කරපු හැම නිර්මාණයක් හරහාම මාව මිනිස්සු අතර කතාබහට ලක්වුණා කියලා හිතනවා. මම කලා ක්ෂේත්‍රයට ආවේ 2013 වසරේදි. සිරසේ විකාශය වුණ ‘මන්දාරමෙන් එහා’ කියන ටෙලි නාට්‍යයෙන්. එහි මම කළේ ප්‍රධාන චරිතය. ඒ චරිතය හරහා තමයි මා ගැන මුලින්ම මිනිස්සු කතා කළේ.

නිළියක් විදිහට අද ඔබ ස්ථාවරද මේ ක්ෂේත්‍රය තුළ?

එහෙම හිතනවා. නමුත්, එක දිගට වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. ‘කොවිඩ්’ රෝගයත් එක්ක ගොඩක් වැඩ අතපසු වුණ. මම ඉන්නේ බදුල්ලේ හාලිඇල. ඉතින් කොළඹ වැඩ වලට අද එන්න විදිහක් නැහැ. එහෙම වුණාම නිළියක් කියන ස්ථාවරත්වය බිඳිලා යනවා. මේ තත්ත්වය පහවෙලා ගියම හිතාගෙන ඉන්න පුර්ණකාලිනව රංගන කටයුතුවලට එකතු වෙන්න.

ව්‍යපාරියක් කරන්න කාලේක ඉඳලා ඔබගේ අදහසක් තිබුණා නේද?

තවමත් තියෙනවා. මගේම කියලා ජිම් එකක් දාන්න. මම ඒ පිළිබඳව හදාරලා සහතිකත් දිනාගෙන තියෙනවා. ඉතින් ඉගෙන ගත්තු ඒ දෙයින් වැඩක් කරන්න ඕනා. බලමු ඉදිරියට. කාලයයි මුදලුයි ලැබෙන විදිහට ඒ වැඩේට මුලපුරනවා.

බුද්ධික සේනාධීර