නිරූපිකාවක් විදිහට ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි තිළිණි පෙරේරා වර්තමානයේ ඔබ කාගෙත් ආදරය දින සිටින්නේ රංගන ශිල්පිනියක් ලෙස. පසුගිය දිනවල විවිධ කලා කටයුතු රැසකටම දායක වූ ඇය නැවතත් ක්ෂේත්‍රයට ආ මුල් කාලයේ මෙන්ම නිරූපණ කටයුතුවලටද එක්ව සිටින බවට තොරතුරු ලැබේ. ඒ පිළිබඳව අපි ඇයගෙන් මෙසේ විමසුවෙමු.

අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා කියලා ආරංචිය?

එකක් නෙමෙයි කිහිපයකටම දායක වුණ. ඉදිරියේදී ඒව විකාශය වෙයි කියලා හිතනවා. අන්තිමය ප්‍රේක්ෂකයෝ මාව දැක්කේ ජාතික රූපවාහිනියේ විකාශය වුණ ‘සකළගුරු’ කියන ටෙලි නාට්‍යයේ.

කාලේකට පස්සේ ගීත රූප රචනාවකට දායක වුණා නේද?

ඔව්, විශාරද ශෂිකා නිසංසලා මහත්මියගේ ගීතයේ රූපරචනාවට දායක වුණා. එහි රංගනයට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. ගොඩ දෙනෙක් කිව්වා තාත්වික රංගනයක් මම කරලා තියෙනව කියලා. ඔව්, වසර ගණනාවකට පස්සේ තමයි මම ගීත රූප රචනාවකට දායක වුණේ.

ඔබ දායක වුණ වෙනත් කලා නිර්මාණ මොනවද?

ලංකා බැංකුව හා සන්ලයිට් කියන වෙළෙඳ දැන්විම් දෙක සඳහා දායක වුණා. ඉදිරියේදී ඒවා විකාශය වේවි.

නැවතත් ඔබ නිරූපණ කටයුතුවලට සම්බන්ධ වුණා නේද?

ඔව්, ක්ෂේත්‍රයට ආවේ මම මුලින්ම නිරූපිකවක් විදිහට. පස්සේ රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරද්දි නිරූපණයට සම්බන් වෙන එක ක්‍රමයෙන් අඩු වුණා. නමුත්, මම මෑතක ඉඳලා නැවතත් නිරූපණ කටයුතුවලට දායක වුණා. ගොඩක්ම හැබැයි කළේ බ්‍රයිඩ්ල් මොඩල්.

ව්‍යාපාරික කටයුත්තකට එහෙම අතගහන්න අදහසක් නැද්ද?

තියෙනවා. හැබැයි තවමත් ඒක තියෙන්නේ සැළසුම් මට්ටමින්. කලා කටයුතුත් එක්ක අධ්‍යාපන කටයුත්ත මම කරගෙන යන හින්දා කාලය කළමණාකරණය කරගැනිම අසිරුයි. ඒ හින්දා ව්‍යාපාරික කටයුත්තකට යොමු වෙන්නේ ඒ ගැන බොහෝ දුරට හිතලා මතලා තමයි.

රංගන ශිල්පිනියක් විදිහට අද ස්ථාවර වෙලාද ඔබ?

ඔව්, ලැබෙන වැඩත් එක්ක මම හිතනවා මම කලා ක්ෂේත්‍රය තුළ අද ස්ථාවර වෙලා තියෙනවා කියලා. කොහොම වුණත් මේ ක්ෂේත්‍රය තුළ අපිට හැමදාම රැඳෙන්න බැහැ. ඒකට කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළත අපි පුළුවන් තරම් වැඩ කරන්න ඕනා.

ඉදිරිය කොහොම වෙයිද?

ඒක අපිට කියන්න බැහැ. දැන්නම් රංගන ශිල්පිනියක් විදිහට හොඳ වැඩ ටිකක් කරන්න භාරගෙන වැඩ කරන්න ආසයි. නිරූපිකවක් විදිහට මඟහැරුණ වැඩ ආයෙත් කරන්න හිතාගෙන ඉන්නවා. රටේ වසංගත තත්ත්වයත් එක්ක ඉතින් වැඩ කරන එකත් දැන් අමාරුයි. ඉදිරිය හොඳ තත්ත්වයක් උදා වුණොත් අපිටත් හොඳක් වෙයි කියලා හිතනවා.

බුද්ධික සේනාධීර

20210506Hot (3) 20210506Hot (2) 20210506Hot (1)