‘බුද්ධිමත්ම රූපරාජිණිය’ ලෙස මිණි කිරූළ දිනගත්තා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අද ‘සාරවිට’ තරු කතා බහා දිග හැරෙන්නේ දිප්ති ජයරත්න සමගය. 2019 වසරේ පැවැති ‘ ශ්‍රී ලංකා විවාහක රූපරාජිණි’ හා ‘විශ්ව විවාහක රූපරාජිණි’ තරගවලට ඉදිරිපත්වීමත් සමග නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වූ දිප්ති නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යාමට බලාපොරොත්තුවෙන් සිටින්නීය.

ඔබ ඉදිරිපත් වූ රූපරාජිණි තරගය ගැන කියමු?

ඔව්, නිරූපණයට එකතු වෙන්නේ 2019 වසරේ. ඒ අවස්ථාව ලැබුණේ 2019 වසරේ මම ඉදිරිපත් වුණ ‘ශ්‍රී ලංකා විවාහක හ විශ්ව විවාහක රූපරාජිණි’ තරගාවලියට ඉදිරිපත් වීමත් සමග. එහි මම අවසන් තරගකාරියන් 12 දෙනා අතරට ආවා. අන්තිම වටයේදී මම ‘බුද්ධිමත්ම රූපරාජිණිය’ ලෙස මිණි කිරූළ දිනගත්තා. ඒ වගේම 2020 වසරේදී මම ලංකාවේ තිබුණ ‘ විශ්ව විවාහක රූපරැජිණ’ තරගයටත් සහභාගී වුණ. ‘කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් මේ තරගය තිබුණේ ඔන්ලයින් ක්‍රමයට.

එතොකට නිරූපණයට සම්බන්ධ වෙන්නේ ඔබ?

විවාහක රූපරාජිණි තරගවලට සම්බන්ධ වීමත් සමග මාව බොහෝ දෙනෙකු අඳුනගත්තා. ඒ හරහා තමයි මට නිරූපණයට යොමු වෙන්න අවස්ථාව ලැබුණේ.

නිරූපිකාවක් විදිහට ඔබ කලා කටයුතුවලට දායක වෙලා තියෙනවාද?

ක්ෂේත්‍රයට ආවේ 2019 වසරේ අන්තිමට වගේ. ඒ කියන්නේ ලෝකයේ ‘කොවිඩ්’ වසංගතය ආරම්භයත් සමග. වැඩ කරගෙන එනකෙටම 2020 වසරේදී ලංකාවේ පළමු හා දෙවැනි ‘කොවිඩි’ රැළි ආවා. ගොඩක් වැඩවලට එකතු වෙන්න ආරාධනා ලැබුණා. නමුත්, වසංගත තත්ත්වයත් එක්ක වැඩ ඔක්කොම වගේ නතර වුණා. සමහර ඒවා කල් දැම්මා. නමුත්, දැනට වැඩ කිහිපයක් සාකච්ඡා මට්ටමින් තියෙනවා. ඉදිරියට ඒවාට සම්බන්ධ වෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ.

ඔබට හිතෙන විදිහට නිරූපණ ක්ෂේත්‍රය හොඳද? නරකද?

ඕනැම වෘත්තියක හොඳ හා නරක කියන දෙකම තියෙනවා. සමහර අවස්ථාවලදී අපි ගන්න තිරණ නිසා අපි කරන වෘත්තිය හොඳ හෝ නරක වෙන්න පුළුවන්. ඒ තමයි මම දරණ අදහස.

නිරූපණය කියන්නේ ඔබගේ වෘත්තියද දැන්?

නැහැ. නිරූපණ කටයුතු කරන්නේ මම විනෝදංශයක් විදිහට. දැනට මම ජාත්‍යන්තර බැංකුවක සේවය කරනවා. ඇත්තටම නිරූපිකාවක් විදිහට මම මුදල් උපයනවට වඩා කැමතියි ඒ හරහා මගේ නම හැදෙනවාට.

නිරූපණයට ඔබ නවකයෙක් තාම. ක්ෂේත්‍රය ගැන මෙකද හිතන්නේ?

සිත්ගන්නා සුළු වෘත්තියක් විදිහටයි මම නිරූපණ ක්ෂේත්‍රය දකින්නේ. නමුත්, මෙහි ඉගෙන ගන්න දේ බෙහෝ දේවල් තියෙනවා. මම ක්ෂේත්‍රයට සම්බන්ධ ෙවලා තම වැඩි කාලයක් නැහැ. ඉතින් තවමත් මේ ක්ෂේත්‍රය තුළ යමක් කරන්න මට ලැබුණේ නැහැ. ඒ වගේම තව මට මේ ක්ෂේත්‍රය තුළ ඉගෙන ගන්න බෝහෝ දේවල් තියෙනවා. ඒ දේවල් හරියට කරගෙන ඉදිරියට යන්න තමයි මම දැනට බලපොරොත්තු වෙන් ඉන්නේ.

නිරූපිකාවකට අද වටිනාකමක් තියෙනවාද?

ඕනෑම දෙයක නිකම් ලැබෙන්නේ නැහැ. ඒක අපි විසින් උපයාගත යුතුයි. ඒකට අපි අපේ දක්ෂතා මුවහත් කරගත යුතුයි. මම හිතනවා එහෙම කරගත්තොත් අපිට පුළුවන් අපිටම කියලා වටිනාකමක් මේ ක්ෂේත්‍රය තුළ ගොඩ නගා ගන්න.

ඔබටත් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

ඔව්. මුලින්ම මගේ පවුලේ අය. ඒ අය හැම වෙලාවම මට උදව් කරනවා. ‘රූපරාජිණි’ තරගයට සහභාගි වුණාට පස්සේ මට නිරූපණ ක්ෂේත්‍රයේ  වැඩ කරන මලිත් රණසිංහ, අර්ජූන් සේනානායක, නිලූ සේනානායක, ෂේහාන් මලින්ත වැනි අය මුණ ගැසුණා. ඒ අයගෙන් මට ලොකු අත්දැකිම් සම්භාරයක් ලැබුණා. ඒක මා ලැබූ ජයග්‍රහණවලටත් යම් පිටුවහලක් වුණා කිව්වොත් හරි. ඊට අමතරව මගේ සහෝදරිය, මිතුරු මිතුරියන්. මා සේවය කරන ස්ථානයේ ප්‍රධානින් මේ හැම කෙනාගෙන්ම මට ගොඩක් උදව් ලැබුණා.

බුද්ධික සේනධීර

20210602Hot (1) 20210602Hot (2) 20210602Hot (3) 20210602Hot (4) 20210602Hot (5) 20210602Hot (6) 20210602Hot (7)