මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා..



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෘත්තියෙන් නිරූපිකාවක් ලෙස කටයුතු කරන තමාරා ගම්ලත් සමගින් අපි මෙවර කතා බහා කළේමු. රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා කිහිපයකටම දායක වි ඇති ඇය ඉදිරියේදී රංගන ශිල්පිනියක් ලෙස ටෙලි නාට්‍යය කිහිපයක් හරහාද ඉදිරියේදී දකින්නට ලැබේ.

ඔබ ක්ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදිහට?

ඔව් මුලින්ම බ්‍රයිඩ්ල් මොඩල් කෙනෙක් විදිහට. ඊට පස්සේ මම 2019 වසරේ ‘මිසිස් ශ්‍රී ලංකා^ හා ‘මිසිස් යුනිවර්ස්^ තරගයට ඉදිරිපත් වුණා. ඒ එක්කම තමයි මොඩල් කෙනෙක් විදිහට දිගටම මේ ෆිල්ඩ් එකේ වැඩ කරන්න පටන් ගත්තේ.

කලා කටයුතු මොනවද කරලා තියෙන්නේ?

රූපවාහිනි වෙළෙඳ දැන්විම් කිහිපයකට පෙනී ඉඳලා තියෙනවා දැනට. ‘බයිරහා^ වෙළෙඳ දැන්විමේ ප්‍රධාන චරිතේ කළා. ඊට අමතරව ගිහාන් දිසානායක මහත්මයා කරපු මොරටුව විශ්වවිද්‍යලයේ විලාසිතා දැක්මට ‘රැම්ප් මොඩල්^ කෙනෙක් විදිහට සම්බන්ධ වුණා. තව සමන් රත්නායක මහත්මයා අධ්‍යක්ෂණය කළ ගීත රූප රචනාවක් සඳහා දායක වුණා. සමන් කුමාර ලියනගේ මහත්මයා අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉදිරියේදී තවත් කලා කටයුතු සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා කිහිපයක් මේ වනවිට ලැබිලා තියෙනවා.

නිරූපණ ක්ෂේත්‍රය ගැන ඔබ දරණ අදහස?

හොඳ දැනුමක් ඇතිව මේ වෘත්තියේ කටයුතු කරනවා නම් සාර්ථකත්වයක් ගන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමයි නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ.

මොනවද ඉලක්ක තියෙන්නේ ඔබගේ?

‘රැම්ප් මොඩ්ලින්^ වැඩිදුර හදාරන්න හා ඒ සම්බන්ධයෙන් වැඩ කරන්න. දැනට ටෙලි නාට්‍යය කිහිපයක් සඳහා රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒවාට සම්බන්ධ වෙලා රංගනය පැත්තෙන් ස්ථිර ගමනක් යන්න අදහස් කරමින් ඉන්නවා. ඒ වගේම තවත් මගේ තිබුණ ලොකුම හිනයක් තමයි මේකප් ආටිස් කෙනෙක් වෙන එක. ඒ පැත්තටත් ඉදිරියේදි යොමු වෙන්න අදහස් කරමින් ඉන්නවා.

කලාවට සම්බන්ධ නොවුණා නම් ඔබ කවුරු වෙයිද?

ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වෙනවා. නමුත්, මා කළින් කිව්වා වගේ අනිවාර්යයෙන්ම මම මේකප් ආටිස් කෙනෙක් වෙලා මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. දැනටමත් මම ඒ පැත්තට යොමු වෙලා ඉන්නේ.

විවාහ කෙනෙක්ට මේ ක්ෂේත්‍රය සුදුසුද?

විවාහක හා අවිවාහක වුවත් මොන ක්ෂේත්‍රයක වැඩ කළත් තමන්ගේ අනන්‍යතාවය, පෞරුශත්වය මත එහි හොඳ නරක රඳා පවතිනවා.

නමුත්, විවාහක අයට එල්ල වෙන බලපැම් වැඩියි නේද?

මම නම් හිතන්නේ විවාහක හා අවිවාහක ඕනෑම කෙනෙකුට තමන්ගේ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය හා අවබෝධය ඒ අවස්ථාවලදි ගොඩක් වැදගත් වෙනවා කියලා. අපි මේ ක්ෂේත්‍රය තුළ දැනගෙන වගකිමෙන් වැඩ කරනවා නම් ඔය වගේ ප්‍රශ්න අපිට ඇත්තටම වැදගත් නැහැ.

කවුද ඔබට උදව් කළේ?

මගේ පවුලේ අය මුලින්ම මතක් කරන්න ඕනා. ඒ අයගේ උදව් නැත්නම් අද මම මේ ෆිල්ඩ් එකේ නැහැ. ඊට අමතරව නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රවිණයෝ. විශේෂයෙන්ම මිසිස් නිලු සේනානායක හා මිස්ටර් අර්ජූන් සේනානායක දෙදෙනා. ඒ වගේම ගිහාන් දිසානායක, ටෙලි නාට්‍යය අධ්‍යක්ෂක සමන් කුමාර ලියනගේ හා මිස්ටර් මේනාස් යන අයව මතක් කළ යුතුයි.

කත බහා - බුද්ධික සේනාධීර

20210528Hot (1) 20210528Hot (2) 20210528Hot (3) 20210528Hot (4)