මට ලැබුණේ හැම විටම එකිනෙකට වෙනස් චරිත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලි නාට්‍යය කිහිපයම දැක ඇති හංසි ගමගේ මේ දිනවල ‘සොමිබර ජරමර’ හා ‘අසංවර වැස්සක්’ යන ප්‍රේක්ෂයන් අතරේ වර්තමානයේ කතාබහට ලක්වන ටෙලි නාට්‍යය තුළින් දකින්නට ලැබේ. ඉදිරියේදී තවත් ටෙලි නාට්‍යය රැසකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටින හංසි ඒ පිළිබඳව ‘සාරවිට’ අපිට දැක්වූයේ මෙවැනි අදහසකි.

 

මේ දවස්වල ඔබ දායක වුණ නිර්මාණ මොනවද?

අකිල අබේරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන "සොමිබර ජරමර" නාට්‍යය හා තිස්ස විජේකෝන් මහත්මයාගේ නිර්මාණයක් වන "අසංවර වැස්සක්* කියන ටෙලි නාට්‍යය හරහා මාව මේ දිනවල දකින්න පුළුවන්. ඊට අමතරව තුෂාර තෙන්නකෝන් මහත්මයා විසින් අධ්‍යක්ෂණය කරන "මිහී"  හා චරිත් අබේසිංහ මහත්මයාගේ නිර්මාණයක් වන  "තාදී"  කියන ටෙලි නාට්‍යය හරහාත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට මාව දැකගන්න පුළුවන් වේවි.

 

වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතයටද?

‘සොමිබර් ජරමර’ ටෙලි නාට්‍යයේ ‘හංසි’ කියන චරිතයට තමයි ගොඩක්ම රසික ප්‍රතිචාර ලැබෙන්නේ.  ඒ වගේම ‘අසංවර වැස්සක්’ ටෙලි නාට්‍යයේ ‘ඈන්’ කියන චරිතයත් ප්‍රේක්ෂයන්ගේ මතකයේ අද වෙන කොට තියෙනවා. කොටින්ම කිව්වොත් මේ චරිත දෙකටම අද වෙන කොට ඉහළ රසික ප්‍රතිචාර හිමිවෙමින් පවතිනවා.

 

දැනට ඔබ දායක වුණ කලා නිර්මාණය ප්‍රමාණය කොපමණද?

ටෙලි නාට්‍යය ගත්තොත් පහක් විතර රඟපාලා තියෙනවා. ඊට අමතරව මා වෙළෙඳ දැන්විම් බොහෝ ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා.

 

රංගන ශිල්පිනියක් විදිහට ඔබ අද යම් තැනක ඉන්නවද?

ඔව්. ක්ෂේත්‍රය තුළ මා ගැන දැන් කතා කරනවා. ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක හිතෙනවා අද වෙන කොට රංගන ශිල්පිනියක් විදිහට මාව යම් පිරිසක් අඳුනගෙන තියෙනවා කියලා.

 

ඔබ බොහෝ වෙලාවට අපි දුටුවේ එකම චරිතයෙන්. හිතෙනවාද යම් චරිතයකට ඔබ කොටු වෙලා කියලා?

නැහැ, ‘අසංවර වැස්සක්’ හී ‘ඈන්’ කියන චරිතය දඟකාර, කටකාර චරිතයක්. නමුත්, මම දායක වුණ සෑම චරිතයක්ම එකිනෙකට වෙනස් විවිධත්වයක් තියෙනවා කියලා මට හිතෙනවා. ‘සිද්ධාර්ථ ගෞතම’ ටෙලි නාට්‍යය උදාහරණයකට ගන්නකෝ. එහි  මා දායක වුණේ නපූරු දාසියක් විදිහට.  

 

රගපාන්න ආස චරිත තියෙනවද?

මට ගොඩක් ලැබිලා සහ ලැබෙන්නට නියමිත වෙලා තියෙන්නේ බටහිර පන්නයේ තරුණියන්ගේ චරිත. නමුත්, මා ගොඩක් ආසවෙන් ඉන්නවා ගැමි තරුණියක් හෝ අසාමාන්‍ය ගති පැවතුම් ඇති තරුණියකගේ චරිතයක් කරන්න. ඒ වගේ චරිතයක් ඉදිරියේදී මට ලැබෙයි කියල මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

කලාවට සම්බන්ධ නොවුනා නම්?

බොහෝ දුරට මම නර්තන ගුරුවරියක් වෙයි. මොකද, කලාවට සම්බන්ධ වෙනවා වගේම ලොකු හිනයක් නර්තන ගුරුවරියක් වෙන්නත් මගේ හිතේ තිබුණා.

 

උදව් කල අය?

දෙමාපියන් හා මගේ සැමියා ද ඇතුළුව අකිල අබේරත්න, තිස්ස විජේකෝන්, ප්‍රභාත් රෝෂන්, තුෂාර තෙන්නකෝන්, තිළිණ බොරලැස්ස වැනි අධ්‍යක්ෂවරුන් මා හට ඉදිරියට ඒමට අතහිත දීම ගැන මේ අවස්ථාවේ මා ස්තූතියි පුදකරමි.

 

කතාබහා - බුද්ධික සේනාධීර

 

20210407Hot (1) 20210407Hot (2) 20210407Hot (3) 20210407Hot (4) 20210407Hot (5)