මම ස්ටේජ් එකට ගියෙත් ගැහි ගැහී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රිසිර නාලිකාව සහ ART TV නාලිකාව එකට එක්ව පැවැත්වුණු ‘රිසිර අවුරුදු කුමරිය’ තරගාවලියේ කිරුළ හිමි කරගන්නේ සයුරි නෙත්යාානි විසින්. සයුරි තවමත් පාසැල් ශිෂ්යාිවක්. එමෙන්ම ඇය කලාවට බොහෝ සේ ආදරය කරන කලාවට එකතුවීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්. ඉතින් සාරවිට කතාබහකට සයුරිව අප සම්බන්ධ කරගත්තේ ඇගේ ජයග්රකහණය පිළිබදව කතා කරන්නටයි. 

ඔබව හදුන්වා දුන්නොත්?

මගේ නම සයුරි නෙත්යා්නි පෙරේරා. මම ඉන්නේ ගොතටුවේ. මගේ වයස අවුරුදු 17යි. මම තමයි පවුලේ බාලයා. 

සයුරි තවම පාසැල් යනවාද?

ඔව්. මගේ පාසැල කොලොන්නාව බාලිකා විද්යාමලය. මම මෙවර 2020 සාමාන්ය  පෙළ විභාගයට මුහුණ දීලා ප්රසතිපල බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

රිසිර අවුරුදු කුමරියට සම්බන්ධ වෙන්නේ?

මම ඒක දැක්කේ ART TV එකෙන්. ඊටපස්සේ මම ගෙදර අයටත් කියලා අයදුම් කළා. ඊටපස්සේ දවසේ අපේ අම්මාට කෝල් කරලා තිබුණා. ඊටපස්සේ දෙවෙනි වටය පැවැත්වුණා. 

තරගයට අයදුම් කරද්දි ජයග්රකහණය කරයි කියලා හිතුවාද?

තරගයකට ඇප්ලයි කරද්දි ආසයිනේ දිනන්න. අනිත් තරගකාරිනියන් එක්ක ලොකු තරගයක් තිබුණා. ආපු හැමෝම විවිධාකාර විදිහට ලස්සන අය. හැබැයි දිනයි කියලා බලාපොරොත්තුවක් හිත යටින් තිබුණා. 

කිරුළ ජයග්රවහණය කළාට පසුව දැණුනු සතුට කොහොමද?

ඒක මාරම සතුටක්. මම පලවෙනි වතාවට තමයි මේ වගේ තරගයකට සම්බන්ධ වුණේ. පලමු තරගයෙන්ම ජයග්රටහණය කරන්න ලැබීම වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්. 

ජයග්රතහණයට ගෙදරින් සහ යාළුවන්ගෙන් ලැබුණු ප්ර්තිචාර කොහොමද?

ගොඩක් සතුටුයි. ඔවුන් හැමදෙනාම මට ලොකු සහයෝගයක් ලබා දුන්නානේ.

පලමු තරගය නිසා ඔබට බයක් දැනුනේ නැද්ද?

මම ස්ටේජ් එකට ගියෙත් ගැහි ගැහී. ඒක පලවෙනි වතාවට මේ වගේ තරගයකට යන ඕනෑම කෙනෙකුට දැනෙන හැගීමක්. හැබැයි පුහුණුවීම්වලදි ඒක එහෙම දැනුනේ නැහැ. ඒත් ෆයිනල් එකේදි ස්ටේජ් එකට නගිද්දි පොඩි බයක් දැනුනා. මම ජයග්රැහණය කළා කියලා නම කියද්දි කකුල් දෙක ගැහුණා. 

මේ ජයග්ර හණයත් සමග කලාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

ඔව්. ඒ නිසා තමයි මම රිසිර අවුරුදු කුමරියට අයදුම් කරන්නේත්. රංගනය පැත්තෙන් ඉදිරියට යන්න මම ගොඩක් ආසයි. හැබැයි තවම ආරාධනා ලැබිලා නම් නැහැ. 

පොඩි කාලේ ඉදලා කලාවට එකතු වෙන්නද හිතුවේ?

ඔව්. මට තේරෙන වයසේ ඉදලාම මම හිතුවේ රගපාන්න ලැබුණා නම් කොච්චර හොදයිද කියලා. 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

උසස් පෙළ විභාගයට හොදින් සූදානම් වෙන්න ඕනේ. ඒ එක්කම ටෙලි නාට්යතවලට හරි නිරූපණයට හරි ආරාධනා ලැබුණොත් ඒවාටත් සම්බන්ධ වෙනවා. 

උදව් කළ අය ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා, තාත්තා, අයියා සහ අක්කාව. ඊටපස්සේ විනිශ්චය මණ්ඩලය අපිට ගොඩක් උදව් කළා. බොහෝ දේවල් කියලා දුන්නා. එතකොට රිසිර TV සහ ART TV කාර් යමණ්ලයටත් ස්තූතියි කරනවා. ඒ වගේම මගේ යාළුවෝ සහ මට වචනයකින් හරි උදව් කරපු හැම දෙනාටම මම මේ අවස්ථාවේදී ස්තූතියි කරනවා. 

කැළුම් දේවින්ද

20210416Hot (3) 20210416Hot (4) 20210416Hot (5) 20210416Hot (7)