සිනමාවට එකතු වෙන්න ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකම දකින අමන්දා ජයරත්න වර්තමානයේ සිටින යොවුන් ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඉදිරියේදී තවත් විවිධ කලා නිර්මාණ බොහෝමයක් හරහා දකින්නට ලැබෙන අමන්දා සිය අලුත්ම තොරතුරු පවසන්නට ‘සාරවිට’ අපි සමගින් මෙවර එක් වුණේමු.   

මේ දිනවල ඔබ ටෙලි නිර්මාණ කිහිපයකින්ම දකිනවා නේද?

මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යය කිහිපයක් සමග සම්බන්ධ වෙලා වැඩ කරනවා. නම් වශයෙන් කිව්වොත්, ‘සිත්’ , ‘සිදූ’, ‘ආලියා’ හා ‘තාදි’ කියන ටෙලි නාට්‍යවල තමයි මේ දවස්වල වැඩ කරන්නේ. තවත් ටෙලි නාට්‍යය දෙක තුනකට කතා කරලා තියෙනවා. ඉදිරියේදී ඒ ගැන කියන්නම්.

නිර්මාණ කිහිපයකම ඔබ දකින නිසා අමන්දාට ලැබෙන රසික ප්‍රතිචාරත් ඉහළ ඇති?

අනිවාර්යෙන්ම හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි මට. මොකද, මම කරපු හැම චරිතයක්ම ප්‍රේක්ෂයෝ ගොඩක් ආදරය කළා. හැබැයි ගොඩ දෙනෙක් කැමති නැහැ මම නපුරු සැර චරිත කරනවාට. ඒ ඉතින් එයාලා කැමති විදිහ නේ. රංගන ශිල්පිනියක් වුණාම ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනා. මම කැමැතියි ගොඩක් මේ වගේ විවිධ චරිත මට රඟපාන්න ලැබෙනවා නම්.

වසංගත තත්ත්වයත් එක්ක කල කටයුතුවලට ඔබ දෙන දායකත්වය කොහොමද?

ඇත්තටම රටේ තියෙන තත්ත්වයත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි. එත්, අපි රූපගත කිරිම් කරන ස්ථානයේ වැඩ කරන්නේ සෞඛ්‍ය නීතිවලට අනුකූලවයි. රඟපාන්න තියෙන දර්ශන තලයට වුණත් අපි යන්නේ මුඛ ආවරණ පැළඳගෙන. මොකද, මම විතරක් ආරක්ෂා වෙලා වැඩක් නැහැ අපි හැමෝම ආරක්ෂා වෙන්න ඕනා කාලයක් මේක.

කලාවට සම්බන්ධ වුණ මුල් කාලේට වඩා දැන් අමන්දාට වැඩ ගොඩක් ලැබෙනවා නේද?

ඔව්, මම කරපු පළමු නිර්මාණයෙන් පස්සේ මට වැඩ ගොඩක් ලැබුණා. නමුත්. ඒ වැඩ මට ප්‍රතික්ෂේප කරන්න වුණා මගේ උපාධිය සම්පුර්ණ කරන්න ඕනා නිසා. එත්, දැන් මගේ අධ්‍යාපන කටයුතු සියල්ල අවසන් වෙලා තියෙන නිසා ලැබෙන වැඩ භාර අරගෙන කරනවා. අදටත් මම නිර්මාණ කිහිපයකම එක්වර වැඩ කරන්නේ ඒ හින්දයි.

රංගන ශිල්පිනියක් විදිහට දැන් ඔබ මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවරද?

ඔව්. මම හිතනවා මම දැන් ස්ථාවර වෙලා තියෙනවා කියලා. රංගනය කියන්නේ අපිට දවසින් දෙකකින් හදාරලා අවසන් කරන්න බැහැ. අපිට හැමදාම රංගනය කියන දේ තුළින් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් මම හැමදාම මේ අලුත් වෙන කලාවත් එක්ක රැඳිලා  ඒ දේවල් හදාරමනි ඉන්නවා.  

සිනමාවට සම්බන්ධ වෙන්න අමන්දා කැමති නැද්ද?

සිනමාවට සම්බන්ධ වෙන්න නම් ආරාධනා කිහිපයක්ම ආවා. හැබැයි මට රඟපාන්න ලැබුණ චරිත පිළිබඳව මට සැහිමට පත් වෙන්න බැහැ. මොකද මට ගැළපෙන එකක් නේ මම කරන්න ඕනා. එතකොටනේ ඒ චරිතය වුණත් මට හොඳට කරන්න පුළුවන්. ඉතින් හොඳ චිත්‍රපටයක හොඳ චරිතයක් ලැබුණොත් මම භාරගන්නවා.

කතා බහා - බුද්ධික සේනාධීර

20210505Amanda (1)

20210505Amanda (2) 20210505Amanda (3) 20210505Amanda (4)