අවුරුද්දක් දෙකක් කලාවෙන් ඈත්වෙන්න සූදානමක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින සුධීක්ෂා සමාධි පෙරේරා සමගින් අපි මෙවර සාරවිට තරු කතාබහ අරඹන්නට බලපොරොත්තු වුණේමු. නව වසරේ බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙන සිටින සුධික්ෂා ඒ පිළිබඳව අපිට මෙසේ පැවසුවෙමු.

කොහොමද ජිවිතේ?

වරදක් නැහැ හොඳින් ගෙවනවා. ටෙලි නාට්‍යය කිහිපයකම වැඩ කරන නිසා ටිකක් විතර මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නවා මම.

ටෙලි නාට්‍යය කිහිපයකම ඔබව අපි දකිනවා?

ඔව්, හිරු ටිවි නාළිකාවේ විකාශය වෙන ෂැඩෝ හා දිවිතුරා ටෙලි නාට්‍යයවල වගේම ස්වර්ණවාහිනියේ විකාශය වෙන පාර වසා ඇත ටෙලි නාට්‍යයේ මාව මේ දිනවල දකින්න පුළුවන්.

වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතයටද?

චරිත තුනටම එක හා සමාන ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි ගොඩ දෙනෙක් කතා කරන චරිතය තමයි දිවිතුරා නාට්‍යයේ රේහානා හා ෂැඩේ නාට්‍යයේ තේරුණි කියන චරිත දෙක. පාර වසා ඇත ටෙලි නාට්‍යයේ සවනි කියන චරිතයටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුවක් නැතුව ලැබෙනවා.

වසංගත තත්ත්වය නිසා පසුගිය කාලේ වැඩ ලැබුණේ අඩුවෙන්ද?

ඒ කාලේ තමයි වැඩ ගොඩක්ම කළේ කිව්වොත් හරි. කොවිඩ් වසංගත තත්ත්වය කියලා කලා කටයුතු නතර කළේ නැහැ. ගොඩක් ටෙලි නාට්‍යයවල වැඩ කළා ඒ කාලේ. දැන් තමයි ටිකක් හරි වැඩ අඩුවෙන් කරන්නේ.

මේ ටෙලි නාට්‍යයවලට අමතරව තවත් ඉදිරියට එන්න තියෙන කලා කටයුතු තියෙනවාද?

කිහිපයක් තියෙනවා. මම හිතන්නේ ඉරේෂ් ලොකුබණ්ඩාර අයියා එක්ක කරපු ටෙලියක් තවත් දවස් කිහිපයකින් එන්න තියෙනවා. ඒක විකාශය වෙන්නේ ස්වාධින රූපවාහිනි නාළිකාවේ.

ව්‍යාපාරික කටයුතු කොහොමද?

සුපුරුදු පරිදි ඒ වැඩ කටයුතු ටිකක් කරගෙන යනවා. මගේ සැලොන් එකේ නම සැලොන් සමාධි මාලඹේ විද්‍යාල හංදියේ තමයි ඒක තියෙන්නේ. කලා කටයුතුත් එක්ක ඒ වැඩත් සමබරව කරගෙන යනවා මම.

නව වසරේ මොනවාද සැළසුම් ඔබගේ?

වසරක් දෙකක් එක දිගට මම කලා කටයුතු වගේම ව්‍යාපාරික කටයුතු කළා. ගොඩක් මහන්සියි මට. ඒ හින්දා මම හිතගෙන ඉන්නේ විදෙස් රටකට ගිහිල්ලා වසරක් එකහාමරක් වගේ ඉන්න. මේ දවස්වල ඒ විවේකය ගන්න වැඩ කරනවා.

ඇය විදෙස් ගත වෙන්න අදහස් කළේ එක පාරටම?

ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැදෙන ටෙලි නාට්‍යය චරිත කිහිපයක් කළ පසුගිය කාලේ. ඒ වගේම දැන් විකාශය වෙන ටෙලි නාට්‍යවලටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ හින්දා මම හිතුවා වසරක් දෙකක් කලාවෙන් ඈත්වෙලා හිටියා කියලා මට පාඩුවක් වෙන එකක් නැහැ කියලා.

බුද්ධික සේනාධීර