අහම්බෙන් රංගනයට ආ වෛද්‍ය ශිෂ්‍යාවන ශ්‍රීලිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරන්තරයෙන්ම අලුත් මුහුණු දකින්නට ලැබෙන තෙළිඟු සිනමාවේ මේ වනවිට තරුණ ආකාර්ශණය වැඩිපුරම ලැබෙන නවක නිළියක් කෙරෙහි මෙවර අපගේ අවධානය යොමු විය. ඇය නමින් ශ්‍රී ලීලාය. තවමත් 21ක් වැනි වියෙහි පසුවන යෞවනියක් වන ශ්‍රී ලීලා වර්තමානය වනවිට තෙළිඟු සිනමාවේ වැඩිම ඉල්ලුමක් ඇති නවක නිළිය බවට පත්ව සිටියි.

ඇමෙරිකාවේ තෙළිඟු භාෂාව කතා කරන පවුලක උපත ලැබූ ශ්‍රී ලීලා හැදී වැඩුණේ ඉන්දියාවේ බැංගලෝරයේය. නාරිවේද විශේෂඥ වෛද්‍යවරියක් වන ඇයගේ මවගේ අඩිපාරේ යමින් ශ්‍රී ලීලාද මේ වනවිටත් වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යාවක් බවට පත්ව සිටියි. තවත් වසරකින් ඇයගේ විශ්වවිද්‍යාල ගමන නිමා වන අතර, ඉන් පසුව ඇය වෛද්‍ය වෘත්තියටද යොමුවීමට සූදානමින් සිටියි.

රශ්මිකා මන්දනාට පසුව වර්තමානයේ වැඩිම තරුණ ආකාර්ශණයක් දිනාගත් තෙළිඟු සිනමා නිළිය බවට පත්ව ඇත්තේද ශ්‍රී ලීලාය. පාසල් අධ්‍යාපනය ලබන කාලයේදීම සිනමා රංගනයට එකතුවීමට තරම් වාසනාවන්ත වූ ඇය මුලින්ම රංගනයෙන් දායක වූයේ කන්නඩ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වූ අර්ජූන්ගේ කිස් චිත්‍රපටයේය.

එවකට ලීලා පාසල් අධ්‍යාපනයේ අවසන් අදියරයේ සිටි ශිෂ්‍යාවක්ද වූවාය. විශේෂත්වය වන්නේ ශ්‍රී ලීලා කළ පළමු සිනමා රංගනයෙන්ම ඇයව ඇගයිමට පාත්‍රවීමය. 2020 වසරේ කන්නඩ සිනමා සම්මාන උළෙලයන් රැසකදීම ඇය කිස් චිත්‍රපටය වෙනුවෙන් හොඳම නවක නැගි එන නිළිය ලෙස සම්මානයට පාත්‍ර විය.

පළමු සිනමා රංගනය සාර්ථක වූ නිසාම ඇයට කන්නඩ චිත්‍රපට හතරකට එකදිකට දායක වෙන්නට අවස්ථාව හිමිවිය. එය කෙටි කාලයක් තුළදී කන්නඩ සිනමාව තුළ සිය ස්ථාවරත්ව ගොඩ නගාගන්නට ශ්‍රී ලීලාට මනා පිටුවහලක්ද විය. තෙළිඟු චිත්‍රපට කෙරෙහි ලෝකයේම අවධානය දිනාගන්නා මොහොතක ශ්‍රී ලීලාට එම සිනමාවට පිවිසීමට ලැබීම ඇගේ වාසනාව වි තිබේ.

ශ්‍රී ලීලා තෙළිඟු සිනමාවට පිවිසෙන්නේ පසුගිය වසර අවසානයේදී තිරගත වූ ධමකා චිත්‍රපටය හරහාය. ඒ සුපිරි තෙළිඟු තරුවක් වූ රවී තේජා සමග රඟපාමිනි. රංගනයෙන් දායක වූ පළමු තෙළිඟු චිත්‍රපටයම ඉන්දීය රුපියල් කෝටි සියයකට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත් වූ නිසාම මේ වනවිට ශ්‍රී ලීලාට තෙළිඟු සිනමාව තුළ වැඩි ඉල්ලුමක් මතුව තිබේ.

එයට හොඳම උදාහරණය වන්නේ තෙළිඟු සිනමාවේ සුපිරි තරුවක් වූ මහේෂ් බාබූගේ මිළඟ සුපිරි චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය ශ්‍රී ලීලාට හිමිව තිබිමය. චිත්‍රපටය මේ වසරේ අගෝස්තු 11 වැනිදා ප්‍රදර්ශනය වනු ඇතැයි විශ්වාස කළ හැකි අතර, එහි රූපගත කිරිම් කටයුතු දැනටමත් විදෙස් රටවල් කිහිපයක සිදුවෙමින් පවති.

මහේෂ් බාබු හැරෙන්නට ශ්‍රී ලීලා සමගින් රඟපාන්නට මේ වනවිට දකුණු ඉන්දීය සුපිරි තරු රැසක් පුලපුලා බලා සිටියි. ඒ අතර, ධනුෂ්, විජේ දේවරකොන්ඩා, නානි, පවන් කල්‍යාන් හා අල්ලු අර්ජූන් වැනි සුපිරි තරුද සිටිම කැපී පෙනේ. ශ්‍රී ලීලා රංගනයෙන් දායක වෙන මිළඟ චිත්‍රපටය දහය මේ වනවිටත් වෙන් කර ඇති අතර, ඉන් චිත්‍රපට බොහෝමයක් ලබන වසරේ ප්‍රදර්ශනය වීමට පෙළගැසි තිබේ.
මිළමුදල් යහමින් ඇති පවුල් පසුබිමක් ඇති ශ්‍රී ලීලා සිනමා රංගනයට පිවිස ඇත්තේ ඊට ඇති කැමැත්ත නිසා නොවන බව පවසයි. මේ වනවිට විවාහ වී නොමැති ඇය තවමත් පෙම්වතියක්ද නොවේ. එහෙත්, පසුගිය පෙබරවාරි 22 වැනිදා ඇය ආබාධිත දරුවන් දෙදෙනෙකු හදාවඩා ගැනීමට මවක් සේ ඉදිරිපත් වීමය. මෙය බොහෝ දෙනෙකු පුදුමයට පත් කළ සිදුවීමක් වූ අතර, ඇයගේ මෙම ක්‍රියාව විශාල පිරිසක් මහ ඉහළින් අගය කරද තිබුණි.

බුද්ධික සේනාධීර