කලාව තුළ වෙනසක් කරන්න උත්සාහ කරන අංජලි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමාජ ජාලහි වර්තමානයේ බොහෝ පිරිසකගේ කතාබහට ලක්ව ඇති යොවුන් ගායන ශිල්පිනි අංජලී බණ්ඩාර සමගින් මෙවර අපි කත බහ කළේමු. වෘත්තියෙන් ගී පද රචකාවියක් වන ඇය මේ වනවිට තමාගේම ගිත කිහිපයක්ද ගායනා කර ඇත. එමෙන්ම කෙටි චිත්‍රපට කිහිපයකම රඟපාද ඇති අංජලි ඉදිරියේදී තවත් බොහෝ කලා නිර්මාණ හරහා ප්‍රේක්ෂක ඔබට දැක ගත හැකිය.

ඔබ ගායිකාවක්ද එහෙමත් නැත්නම් ගී පද රචිකාවියක්ද?

ගායනය සහ පද රචනය දෙකම කරනවා. ඒ හින්දා මාව ඒ ක්ෂේත්‍ර දෙක තුළම වැඩ කරන කෙනෙක් විදිහට අඳුන්වනවට මම කැමතියි.

දැනට ඔබ දායක වෙලා තියෙන නිර්මාණ මොනවද?

ටෙලි නාට්‍ය සහ ඒකාංග කතා කිහිපයකට තේමා ගී රචනා කරලා තියෙනවා. ගීත නිර්මාණයන්ගේ වීඩියෝ තිර රචනා කිහිපයක් මෑතකදී සිදුකලා , රංගනයෙන් කෙටි චිත්‍රපට වලටත්, ගායනයෙන් බොහෝ නිර්මාණ වලටත් මම දැනට දායක වෙලා තියෙනවා.

මේ ක්ෂේත්‍රවලට එන්න අඩිතාලම වැටුණේ කොහොමද?

කුඩා කාලයේ සිටම විවිධ කලා නිර්මාණ වලට යොමු වුණා. පවුලෙන් ලැබුණ අත්වැල එක්ක අධිෂ්ඨානය වුණේ කලා ලොවට අඩිය තියෙන එක තමා.

සමාජජාලාවල ඔබ ජනප්‍රිය චරිතයක් නේද?

මේ වෙද්දි පොඩ්ඩක් කතා බහට ලක් වෙලා තියෙනවා. ඒ මෑතකදී කළ ගී නිර්මාණ කිහිපයක් හරහා.

කොහොමද ඒවාට ලැබෙන ප්‍රතිචාර?

යහපත් ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. ගෑණු ළමයෙක් වෙලා සමාජයේ මිනිසුන්ට සිදුවෙන අසාධාරණකම් ගැන මතයක් කලාවෙන් ඉදිරිපත් කරන එක ගැන ගොඩක් දෙනා අගය කරලා තියෙනවා.

ඔබ සමාජජාලාවල ඉදිරිපත් කරන නිර්මාණවලට ගැටළු ඇතිවෙලා නැද්ද?

තවම ඇති වෙලා නම් නෑ. ඉදලා හිටලා දෙතුන් දෙනෙක් බැනලා ප්‍රතිචාර දක්වනවා  නමුත්, මම කරන දේ හරි කියල මට හිතෙනවා. ඒ හින්දා ඒ ගැන මට ප්‍රශ්ණයක් නැහැ.

ඉදිරියට කරන්න අදහස් කරමින් ඉන්න නිර්මාණ මොනවද?

ඉදිරියට මගේම ගීත නිර්මාණ කිහිපයක් එළීදක්වන්න සැළසුම් කරලා තියෙනවා. ඒ එක්කම මගේ කුළුදුල් කවි පොත එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. මා විසින් ලියූ  පද රචනා 20ක් පමණ ප්‍රවීණ හා තරුණ ගායන ශිල්පීන්ගේ කටහඩින් ඉදිරියේදි දැකගන්න ලැබෙයි. ඒ වගේම කලාවෙන් යම් වෙනස් දෙයක් කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඔබ ගැන තොරතුරු කියනවා නම්?

මම දැනට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවන වසර මානවවංශ සංගීතවිද්‍යා ඒකකයේ ඉගෙනුම ලබනවා. මගේ ගම කුරූණැගල මහව. වයස අවුරුදු 23යි මට තාම.

බුද්ධික සේනාධීර