කලාවට එකතු වුණ ගැන මට ගොඩක් සතුටුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෑත කාලයේ කලා ක්ෂේත්‍රයට ආ නවක තරු අතරේ සුවිශේෂි තැනක් හිරුණි මංජලිට හිමිවෙයි. දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ශක්ති (සිදූ දෙවැනි කොටස) ටෙලි නාට්‍යයේ ලින්ඩිට පණ පෙවු ඇය මේ දිනවල කලාවෙන් තරමක් ඈත්ව සිටියි.

හිරුණි පාසල් කාලේ ඉඳලාම කලාවට දක්ෂ කෙනෙක්

ඔව්, එහෙම කිව්වොත් හරි. මගේ පාසල කළුතර බාලිකා විද්‍යාලය. පාසල් කාලේදී මම නාට්‍යය හා රංග කලාව පිළිබඳව හදාරලා තියෙනවා. ඒ වගේම පාසල් මට්ටමින් පැවති වේදිකා නාට්‍යයවල රඟපාලා තියෙනවා. පාසල් කාලේ කලා වැඩවලට ගොඩක් මම සම්බන්ධ වුණා. පාසල් අධ්‍යාපනය නිමාවත් සමග කලාව ගැන මම ඉගෙන ගත්තේ නැහැ. .

හිරුණිගේ දැන් වෘත්තිය මොකක්ද?

මුලින්ම මම වෛද්‍ය රසායනගාරයක කාර්මික ශිල්පිණියක් විදිහට සේවය කළා. ඊට පස්සේ ඒ වෘත්තියෙන් ඉවත් වෙලා ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විදිහට වැඩ කළා. ඔය අතරතුර තමා රංගනයට ආවේ ප්‍රදිප් මානවඩු අයියාගේ ආරාධනයක් මත. අධ්‍යක්ෂක තිළිණ බොරලැස්ස මහතාවත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මට රංගන ශිල්පිණියක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලබාදුන්නට. දැන් මම මනෝ විද්‍යාව පිළිබඳව වැඩිදුරටත් හදාරමින් ඉන්න නිසා.

ශක්ති ටෙලි නාට්‍යයෙන් පස්සේ ඔබව අපිට ආයෙත් දකින්න පුළුවන්?

දැනට නම් එහෙම මුකුත් නැහැ. මොකද, රංගනයෙන් මම දැන් ටිකක් විතර ඈත් වෙලා ඉන්නේ. හේතුව මගේ වෘත්තිය කටයුතු නිසා. නමුත්, මම කලාවෙන් ඈත්වෙලා නැහැ කියලා මුලින්ම මගේ ආදරණිය රසික, රසිකාවියන්ට කියන්න ඕනා. මේක පුංචි විවේකයක් විතරයි. ඉදිරියේදී මම කලා නිර්මාණ කිහිපයකින්ම එන්න හිතාගෙන ඉන්නවා. මොකද, මට රංගනය පැත්තෙන් ගොඩක් ආරාධනා දැනටමත් ලැබෙන හින්දා.

රංගනය පැත්තට යොමු වීම ගැන හිරුණිට සතුටුද?

අනිවාර්යයෙන්ම. මොකද, හිරුණි මංජලී කියලා කෙනෙක්ව ප්‍රේක්ෂකයෝ අඳුනගත්තේ මම රඟාපාන්න ආපු හින්දා. අවින් දේ තමා කලාව කියන දේ හැමෝටම උරුම වෙන්නේ නැහැ. දක්ෂතාවය වගේම ඒකට පොඩි වාසනා ගුණයකුත් තියෙන්නේ ඕනා. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා අද රංගන ශිල්පිණියක් විදිහට වැඩ කරන්න ලැබුණ එක ගැන.

බුද්ධික සේනාධීර
ඡායාරූප සජිව ලක්ෂාන්