ගොඩක් අය කියන්නේ මට ගවුම් ලස්සනයි කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කෙටි කාලයක් තුළ නිරූපණ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් ආපු කෙනෙක් තමයි රශි වික්‍රමසිංහ කියන්නේ. ක්ෂේත්‍රයට ආ මුල් කාලයේ ඡායාරූපවලට පමණක් පෙනී සිටියද ඇය වර්තමානය වනවිට නොයෙකුත් කලා නිර්මාණ ඔස්සේ අපිට දකින්නට පුළුවන්ය.

ලොකු වුණාම රාශි කවුරු වෙන්නද කැමති.

පොඩි කාලේ ඉදලම ආසාව තිබුනේ රංගනයෙන් ඉදිරියට ගිහිල්ලා ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිණියක් වෙන්න. ඒ ආසාව අදටත් මගේ තියෙනවා. තාම මම පොඩි වයසනේ ඉන්න. ඉතින් ලොකු වුණාම ඒ වගේ වෙන්න මම කැමතියි. මම හිතනවා ලංකාවේ හැමෝම මට ආදරය කරන දවසක් ඒවි කියලා.

නිළියක් වෙන්නද නිරූපිකාවක් වෙන්නද රශි වැඩිපුරම ආස..

ගොඩක්ම ආස නිළියක් වෙන්න. පොඩි කාලේ ඉඳලාම තිබුණ හීනයක් ඒක මගේ. හැබැයි ඉතින් නිරූපණ කටයුතුත් මම කරන්න කැමතියි.

අදින්න වැඩුපරම ආස ඇඳුම මොකක්ද?

ගොඩාක්ම ආසයි කොටට අදින්න, ඒත් මම යම් සීමාවක් තියාගෙන ඉන්නවා ඒකට. හැබැයි ඉතින් ගෙදර අය යාළුවෝ එහෙම කියන්නේ මට ගොඩක්ම ලස්සන ගවුම් කියලා. ඒවා ඇන්දාම මම හුරුබුහුටි බෝනික්කෙක් වගේ ලස්සනට පේනවා කියලා ඒ අය කියනවා.

ලංකාවේ ලොකු ජැපන්ට් එකකට යන්න අදහසක් නැද්ද?

ගොඩාක් ආසයි එහෙම යන්න අවස්ථාවක් ලැබිලාත් තියෙනවා. ඒත් ඉගනීමේ කටයුතුත් එක්ක ටිකක් දැන් ඒ වගේ දේකට යොමු වෙන්න අමාරුයි. පාසල් අධ්‍යාපන කටයුතු ඉවර කරලා ඒ වගේ දේකට යොමු වෙන්න හිතාගෙන ඉන්නවා.

ඔයාගේ ඇගේ ඔයාට හිතෙන විදිහට ලස්සනම මොකක්ද?

එහෙම ඉතින් කියන්න දන්නේ නෑ ගොඩාක් අය කියනවා කොන්ඩේ ලස්සනයි කියලා මාත් හිතනවා ඉතින් මගේ කොණ්ඩේ ගොඩක් ලස්සන ඇති කියලා. මට වඩා මගේ ලස්සන පෙන්නේ අනිත් අයටනේ. ඒ නිසා ඒ අය කියන දේ පිළිගන්න වෙනවා.

ඔයා මොන වගේ කෙනෙක්ද?

අම්මා නම් කියන්නේ මම හරි දගයි කියලා. මම තමා ඉතින් ගෙදරින් වැඩියෙන්ම අම්මාගෙන් ගුටි කන්නේ. ගෙදර වැඩිපුරම සද්දේ දාන්නෙත් මම.

ක්‍රීඩාවක් විදිහට ඔයා ආසම?

ක්‍රිකට්. ඒකට ආසයි. තාත්තා එක්ක මම ගොඩක් වෙලාවට ක්‍රිකට් තරග බලනවා .ඉතින් ක්‍රිකට් වලට ආසයි

බුද්ධික සේනාධීර / ඡායාරූප සුපුන් උදයංග