ගොඩක් නිරූපිකාවෝ දැන් නිරුවත මාකට් කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිගු කාලයක් තිස්සේ නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරන සනුරි උදේශිකා සමගින් මෙවර ‘සාරවිට’ තරු කත බහා දිග හරින්නට අපි සූදානම් වුණේමු. නිතරම සමාජජාලා තුළ කතාබහට ලක්වෙන සනුරි සිය අලුත්ම කලා තොරතුරු අපිට මෙසේ පැවසුවෙමු..

සනුරි නිරූපිකාවක් වුණේ?

2015 වසරේදී වගේ. එකත් අහම්බෙන් ලැබුණ අවස්ථාවකින්. අඳුනන ඡායාරූප ශිල්පියෙක් කතා කළා ඡායාරූප ටිකක් කරමුද කියලා. ඒ ආරාධනය පිළිඅරගෙන ඔහුගේ පොටෝවලට පෙනි හිටියා. ඒවා සමාජ මාධ්‍යය තුළ පළ වුණාම තවත් කිහිපයකට ආරාධනා ලැබුණා. ඔය විදිහට තමයි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ආසාවක් තිබුණද?

නිරූපණයට සම්බන්ධ වෙන්න නම් අදහසක් මගේ තිබුණේ නැහැ. නමුත්, මා පෙර කි අහම්බෙන් ලැබුණ අවස්ථාව මට උදව්වක් වුණා මේ ක්ෂේත්‍රයට එන්න. දැන් නම් නිරූපණ වැඩවලට ආසයි මම.

ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ක්ෂේත්‍රය ගැන ලොකු කළකිරිමක් ඇතිවෙලා තියෙනවා. ගොඩක් නිරූපණ ශිල්පියෝ නිරූවත් මාකට් කරගෙන දැන් ඉදිරියට යන්න උත්සාහ කරනවා දකිනවා. කිසිම දැනුමක් නැතුව නිසි හැදැරිමක් තොරව මේ ක්ෂේත්‍රය තුළ තුළ ඉදිරියට යන්න උත්සාහ කරන අය දැක්කාම දක්ෂතාවය ඇති කෙනාට අද මේ ක්ෂේත්‍රය තුළ තැනක් නැහැ කියලා හිතෙනවා මට. දක්ෂතාවය තියෙන අය පවා අද මේ ක්ෂේත්‍රය තුළ දකින්නට ලැබෙන්නේ බොහෝම අඩුවෙන්.

කලා කටයුතුවලට එහෙම දායක වෙලා තියෙනවාද?

ගොඩක් වෙලාවට මම සම්බන්ධ වුණේ පොටෝ ෂුට්වලට විතරයි. ඊට අමතරව ගීත රූප රචනා කිහිපයකටත් දායක වෙලා තියෙනවා මම. විවිධ කලා කටයුතුවලට ආරාධන ලැබිලා තියෙනවා දැනට. ඒ වගේම මම රඟපාන්නත් ගොඩක් කැමැතියි. ඒ හින්දා ඉදිරියට ඒ පැත්තට යොමු වෙන්නත් අදහස් කරමින් ඉන්නවා.

නිරූපිකාවකට අද තියෙන පිළීගැනීම කොහොමද?

අද සමාජය තුළ නිරූපිකාවක් කිව්වාම ලොකු වැරදි වැටහිමක් තියෙනවා. ඒ අලුතින් මේ ක්ෂේත්‍රයට එන අයගේ හැසිරිම් නිසා. අද මිනිස්සු පවා නිරූපිකාවක් කිව්ව ගමන් වැරදි කෝණවලින් බලන්න උත්සාහ කරනවා. එහෙම දේවල් නැත්නම් අද මේ වෘත්තිය සුන්දර වෘත්තියක් කියලා මම හිතනවා.

දිගටම නිරූපණ ක්ෂේත්‍රය තුළ රැඳෙන්නද අදහස?

වෘත්තියෙන් මම රූපලාවණ්‍ය ශිල්පිනියක්. දැනටත් මගේම කියල රූපලාවණ්‍යගාරයක් පවත්වාගෙන යනවා. ඒ වැඩවලදී ලැබෙන විවේකය මත තමයි නිරූපණ වැඩවලට එකතු වෙන්නේ. නමුත්, රුපලාවන්‍ය ශිල්පිනියක් විදිහට වැඩ කරන්න තමයි මම ගොඩක් කැමති.

උදව් කරපු අය?

මගේ පවුලේ සියලුම අය. මට රූපලාවණ්‍ය ශිල්පය කියාදුන් සුබෝදනී මධුවන්ති මහත්මිය. මා සමග වැඩ කරපු සියලුම ඡායාරූප ශිල්පින්, නිරූපන ශිල්පිනියෝ හා වචනයකින් හරි සහය දැක්වූ සියලු දෙනාට මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරගන්න.

බුද්ධික සේනාධීර