ගෙදරින් අකමැති වුණු නිසා නිරූපණයෙන් ඉවත් වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලක් නිරූපිකාවක් ලෙස සිටි ශර්මිලා දැන් රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා. මේ වනවිට ශර්මිලා ඇගේම සැලෝන් එකක් පවත්වාගෙන යනවා. සාරවිට මේ කතාබහ ශර්මිලා සමගින්.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම ශර්මිලා පෙරේරා. මගේ පදිංචිය මහනුවර. මම නිරූපණ ශිල්පිනියක් විදිහට කාලයක් කටයුතු කළා. දැන් මම එයින් ඉවත් වෙලා රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට මගේම සැලෝන් එකක් පවත්වාගෙන යනවා.

රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්නේ හිතුවේ ඇයි?

මම පොඩි කාලේ ඉඳලා රූපලාවන්‍ය පැත්තට ආසයි. මම රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්න ඕනේ කියන අදහස එන්නේ කොහොමද කියලා මට මතක නැහැ. මට තේරෙන්නේ නැති කාලේ ඉඳලා මම සෙල්ලමට හැමෝවම මේකප් කළා. ලොකුවෙද්දි ඒක තවත් ආසාවක් බවට පත්වුණා. ඒ නිසා මම අවුරුදු දහයක් විතර ඒ ගැන ඉගෙනගත්තා. ඊටපස්සේ මම සැලෝන් එකක් ආරම්භ කළා.

නිරූපණයෙන් ඉවත් වෙන්න හිතුවේ ඇයි?

මම මොඩ්ලින්, ඇක්ටින් දෙකම කාලයක් කළා. ඇත්තටම එයින් ඉවත් වුණේ අපේ ගෙදරින් එච්චර කැමැත්තක් තිබුණේ නැති නිසා. ලොකුම හේතුව වුණේ ගෙදරින් අකමැති වීමයි.

ආයෙත් එකතු වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

එහෙම බලාපොරොත්තුවක් නැහැ. නමුත් වෙළඳ දැන්වීම්වලට විතරක් සම්බන්ධ වෙන්න කැමැත්තක් තිබෙනවා. හැබැයි තවම ඒ ගැන හරියටම හිතලා නැහැ.

සැලෝන් එක ගැන කිව්වොත්?

මගේ සැලෝන් එකේ නම ‘Shermila Perera Hair & Skin Care’. ඒක තියෙන්නේ මැණික්හින්න නගරයේ. සම සහ කොණ්ඩය සම්බන්ධව හැමදෙයක්ම මගේ සැලෝන් එකේ කරනවා.

සැලෝන් එකක් කරනවා කිව්වාම එළියේ සමාජය ටිකක් වෙනස් විදිහට හිතනවා නේද?

ඔව්. කෙනෙක් හැසිරෙන විදිහෙන් තමයි ගොඩක් අය එහෙම හිතනවා. හොඳට නම තියාගෙන ඉන්න අයට නම් හැබැයි කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන් හැසිරෙන විදිහත් එක්ක තමයි හැමදෙයක්ම තීරණය වෙන්නේ ඉතින්.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මගේ සැලෝන් එක තවත් දියුණු කරගෙන පෞද්ගලික ජීවිතයත් සරලව ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

කැළුම් දේවින්ද