ගන්න ඇඳුම මම දෙතුන් පාරකට වැඩිය අඳින්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය බවට වර්තමානයේ පත්ව ඇති පාරදිගේ’ ටෙලි නාට්‍යයේ මානවි’ චරිතයට පණ පොවන සප්නා පාදුක්ක මෙවර සාරවිට’ අප සමග මෙසේ එක්විය.  නිතරම පෞද්ගලික හා කලා තොරතුරු විමසන නිසාම සප්නාගෙන් අප ඇය කැමති විලාසිතා ගැන විමසුවා.

විලාසිතා වලට සප්නාගේ තියෙන කැමැත්ත කොහොමද?

ලොකු කැමැත්තක් තියෙනවා. නිතරම වගේ අලුත් අලුත් විලාසිතා කරන්න මම ආසයි. හැබැයි කාලෙන් කාලේට එන හැම විලාසිතාවක්ම වගේ මම කරන්න  කැමති නැහැ. නමුත්, මට ගැළපෙන, හොඳයි කියල හිතෙන විලාසිතා විතරක් මම තෝරගෙන කරනවා.

විලාසිතාවලට වියදම් කරන මුදලක් තියෙනවාද මාසිකව?

එහෙම නැහැ. මොකක් හරි උත්සවයක් විශේෂ දෙයක් තියෙන කොට ඇරෙන්න මම හැම වෙලාවේම ඇදුම් හා අනෙකුත් දේවල් ගන්නේ නැහැ. ඒ හින්දා මාසිකව මට මේ පමණ මුදලක් විලාසිතාවලට වියදම් වෙනවා කියලා කියන්න බැහැ.

ගන්න ඇඳුමක් කොපමණ වතාවක් අඳිනවද?

දෙතුන් පාරකට වැඩිය අඳින්නේ නැහැ.

ඇඳුමක් හරි වෙනත් දෙයක් ගනිද්දි මුලින්ම බලන්නේ ලස්සනද? ඊට වියදම් වන මුදලද?

ලස්සන. මට ලස්සනයි කියලා හිතෙන ඕනෑම දෙයක් මම මුදල ගැන හිතන්නේ නැතුව ගන්නවා.

ඇදුම් ගන්න විශේෂත තැන් තියෙනවද ඔබට?

දැන් නම් ගොඩක් වෙලාවට ඔන්ලයින් ඇණවුම් කරලා තමයි ඇඳුමක්, සපත්තුවක් වගේ දෙයක් මම ගන්නේ. එහෙම නැත්නම Disel Fashion එකෙන් තමයි ඇඳුම් ගන්නේ.

ඇඳුමක් ගන්න යනවා නම් කා සමගද යන්නේ?

ගොඩක් වෙලාවට මම තනියම තමයි යන්නේ. මොකද එහෙම ගියොත් විතරයි මට හරියටම හරියන ඇඳුම තෝරගන්න පුළුවන් වෙන්නේ.

සප්නාට වැඩියෙන්ම ගැළපෙන ඇඳුම මොකක්ද?

Crop Top & Jeans. ගොඩක් අය කියනවා මට ඒ වගේ ඇඳුම් ලස්සනයි කියලා.

බුද්ධික සේනාධීර