දැන් මම පෙම්වතියක්.. මේ වසරේදී බොහෝවිට මම විවාහය වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන ‘පිච්චමල සුවඳයි’ ටෙලි නාට්‍යයේ ‘රෝහිනි’ චරිතයට පණ පොවන දුෂිප්‍රභා ඉලංගකේන් සමගින් මෙවර අපි කතා කරන්නට සූදානම් වුණේමු. නොබෝ දිනකින් විකාශය වන ටෙලි නට්‍යය ද්විත්වයක හා සිනමා නිර්මාණයක් තුළද ඇය පෙනි සිටියි.

දුෂි මේ දිනවල කාර්යබහුලද?

ලොකුවට නම් නැහැ. පසුගිය දවස්වල නම් නිර්මාණ කිහිපයක වැඩ කළ නිසා ටිකක් විතර කාර්යබහුල වුණා.

ඔබව අපි ටෙලි නාට්‍යයකින් දකිනවා?

මේ දවස් වල ITN එකේ ‘පිච්චමල සුවදයි’ ටෙලි නාට්‍යය  විකාශය වෙනවා. මම රඟපාන්නේ ‘රෝහිනි’ කියන චරිතය. රෝහිනි ගැන කියනවා නම් ඇය හරිම කටකාර නපුරු කෙනෙක්.

චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොන වගේද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ගොඩක් අය බනිනවා මම නපුරුයි කියලා. මම හිතන්නේ ඒ චරිතේට මම සියයට සියයක් සාධරණයක් කරලා තියෙන නිසා කියලා හිතනවා.

ඉදිරියේදී ඔබ දායක වු නිර්මාණ තව එන්න තියෙනවාද?

ඔව් චිත්‍රපටක් එන්න තියනවා "ගුත්තිල" කියලා. තව ටෙලිනාට්‍ය 2ක් විකාශනය වෙන්න තියනවා. පසුගිය දිනවල ඒ නිර්මාණ රූපගත කරලා අවසන් කළා.  චිත්‍රපටය නම් කොවිඩි වසංගත තත්ත්වය නිසා ටිකක් කල් ගියා ප්‍රදර්ශනය කරන්න. නමුත්, මම හිතනවා ඉතා ඉක්මණින් එය සිනමා ශාලාවල දකින්න ලැබෙයි කියලා.

රංගන ශිල්පිනියක් විදිහට ඔබ දැන් ස්ථාවරද?

අනිවාර්යයෙන්ම, මේ දවස් වල මම රංගනය හදාරනවා. ඒ අනෝජා විරසිංහ මහත්මිය ගේ අභින වැඩමුළුවට සහභාගි වුණා. ඒක රංගනයට පිවිසෙන්න බලාගන ඉන්න වගේම රංගනයේ නියතු අයත් හැදෑරිය යුතු වැඩමුළුවක් කියලයි මම හිතන්නේ. රංගනය වගේම කටහඩ පාලනය ගැනත් හුඟක් දේ ඉගෙන ගත්තා. මම හිතනවා ඒක මගේ රංගන ජිවිතේට අඩු පාඩු හදාගන්න පිටුවහලක් කියලා. ඊට අමතරව මම මුල් කාලයේ ඉදන්ම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණ කෙනෙක් ඉන් ලබාගත්ත දැනුමත් ඉතාම වටිනවා.

ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහසක් තිබුනා නේද?

අනේ ඔව්, ඒ හැමදේම කොවිඩි වසංගත තත්ත්වය නිසා කරගන්න බැරිවුණා. ඒත් දැන්නම් අදසක් නෑ  වර්තමානයේ රටේ පවතින තත්ත්වයත් එක්ක  ව්‍යාපාරයක් පටන්ගන්න.

ඔබ දැන් පෙම්වතියක්ද කියලා

ඔව් මම දැන් පෙම්වතියක්. හරිම ආදරෙන් සතුටින් ආදරය විදින පෙම්වතියක්. මේ වසරේදී විවාහ වෙන්නත් අදහසක් තියෙනවා මගේ.

බුද්ධික සේනාධීර