දෙරණේ ‘රාජිණි’ තුළින් ඔබ දකින නිපුනි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල දෙරණ රූපවාහිනි නාළිකවේ විකාශය වෙන ‘රාජිණි’ ටෙලි නාට්‍යය තුළ දකින නිපුනි සමරක්කොඩි සමගින් අපි මෙවර කත බහා කළේමු. 2015 වසරේ රංගනයට සම්බන්ධ වී ඇති නිපුනි දැනට ටෙලි නිර්මාණ කිහිපයකටද දායක වී රංගන ශිල්පිණියකි. මේ දිග හැරෙන්නේ ‘සාරවිට’ අපි ඇය සමග කළ කතා බහයි..

ඔබ නිරූපිකාවක්ද? එහෙමත් නැත්නම් රංගන ශිල්පිණියක්ද?

ඇත්තටම කිව්වොත් මාව රංගන ශිල්පිණියක් විදිහට අඳුන්වනවා නම් මම ගොඩක් කැමතියි. මොකද, මම දායක වුණ නිර්මාණ ගත්තොත් ගොඩක් ඒවා රංගනය පැත්තට සම්බන්ධ වෙච්ච ඒවා නිසා. හැබැයි මම වෘත්තියක් විදිහට නොවුණත් හොබි එකක් විදිහට නිරූපණ කටයුතුත් කරනවා ඉදල හිටලා.

දැනට දායක වුණ නිර්මාණ මොනවද?

ක්ෂේත්‍රයට මම එන්නේ 2015 වසරේදී. ස්වර්ණවාහිනියේ විකාශය වුණ සමීර හසුන්ගේ ‘මීදුම් අම්මා’ කියන ටෙලි නාට්‍යය හරහා. ඊට පස්සේ ජෙරම් ජෝශප්ගේ ‘සිතින් සියවසරක්’. ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. වසර කිහිපයකට පස්සේ තමයි දෙරණ රූපවාහිනියේ මේ දිනවල විකාශය වෙන ‘රාජිණි’  ටෙලි නාට්‍යයට එකතු වුණේ. ඉදිරියේදී තව එන්න තියෙනවා ‘මර්ඩර්’  කියන ටෙලි නාට්‍යයක් මම රංගනයෙන් දායක වුණ.

නිපුනි කියන නම දැන් මේ ක්ෂේත්‍ර තුළ ජනප්‍රියද?

නිපුනි කියනවාට වඩා මාව මේ ක්ෂේත්‍රය තුළ ගොඩක් අය දන්නේ සමරක්කොඩි කියලා. සමරක්කොඩි කියන නමින් නම් මේ ක්ෂේත්‍රය තුළ මම ටිකක් විතර ජනප්‍රියයි. 

ජනප්‍රිය වෙන්න අද ගොඩක් අය කෙටි මාර්ග භාවිත කරනවා. නිපුනිත් එහෙම කෙනෙක්ද?

නැහැ. මට එහෙම ඉක්මණින් ජනප්‍රිය වෙන්න උවමනාවක් තිබුණේ නැහැ. 2015 වසරේ ඉඳලා මම දායක වුණ නිර්මාණ ගත්තොත් ඉතා අතළොස්සක් තමයි තියෙන්නේ. මම කැමතියි හෙමින් ගමනක් යන්න. අනික මේ ක්ෂේත්‍රය තුළ හැදැරිමක් සමගින් යන්න. කැළණි විශ්වවිද්‍යාලයේ ෆිල්ම් ඇන්ඩ් ටෙලි විෂන් සම්බන්ධ උපාධියකුත් මම දැනට හදාරලා තියෙනවා.

අලුත් අයට මේ ක්ෂේත්‍රය ගැන තියෙන්නේ චකිතයක්?

එහෙම නැහැ. තමන් දැනගන්න ඕනා කාගෙවත් කතාවක් අහන්නේ නැතුව තමන්ගේ වැඩ ටික හරියට කරගෙන යන්න. එහෙම වුණාම ඔය කියන කතාවලට මුහුණ දෙන්න ඕනා නැහැ කියලායි මම නම් හිතන්නේ.

ඔබ වඩාත්ම කැමති නිරූපණයටද එහෙමත් නැත්නම් රංගනයටද?

නිරූපණය ගැන මම හදාරලා නැහැ. නමුත්, රංගනය ගැන හදරාලා තියෙනවා. ඒ නිසා මම කැමතියි රංගනය පැත්තෙන් ඉදිරියට යන්න. නිරූපණ කටයුතුවලටත් පොඩි කැමැත්තක් තියෙනවා. පොටෝ ෂුට්වලට එහෙමත් මම පෙනි ඉඳලා තියෙනවා. හැබැයි ලොකුවට නිරූපණ කටයුතු කරල නැහැ මම රංගනය තරම්.

ඔබට ඉලක්ක තියෙනවද?

මට අවශ්‍යය මිනිස්සු ආදරය කරන චරිතයක් වෙන්න. ඒ වගේම තමයි මම කැමතියි ජනප්‍රිය රංගන ශිල්පිණියක් කියනවාට වඩා දක්ෂ රංගන ශිල්පිණියක් කියලා මාව මිනිස්සු අඳුන්වනවට.

උදව් කරපු අය ගැනත් මතක් කරමුද?

ක්ෂේත්‍රයට එන්න උදව් කරපු අය ගැන කියනවා නම් සමිර හසුන්. තිළිණ බොරලැස්ස. බුද්ධික අබේරත්න, අසිත කුමාර, නලින් සුබසිංහ අයව විශේෂයෙන්ම මතක් කරන්න ඕනා.

බුද්ධික සේනාධීර