දහකට වැඩි ඡායාරූපගත කිරිම් ප්‍රමාණයකට මම දායක වෙලා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ස්වර්ණකුමරිය ලෙස අභිෂේක ලබමින් කල ක්ෂේත්‍රයට පිවිසි සංජුල රවිශ්මි වර්තමානය වනවිට කොයි කාගෙත් ආදරය දිනා සිටින්නේ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසය. කාලයක සිට නිරූපණයටද යොමුව ඇති සංජූලා මේ වනවිට ටෙලි නාට්‍යය කිහිපයක් සඳහාද සිය දායකත්වය සපයා ඇත. සාරවිට තරු කතාබහ දිග හැරෙන්නේ ඇය සමගිනි.

සංජුලා කියන්නේ අවුරුදු කුමරියක්?

ඔව්, මම ස්වර්ණවාහිනියේ අවුරුදු කුමරිය බවට පත් වුණා 2016 වසරේ. එතැනින් තමයි මගේ කලා දිවියේ ගමන ආරම්භ වුණේ. ඇත්තටම මං ඒ මොහොත ගැන කතා කළොත් මම සතුටින් ගෙවපු මොහොතක් කිව්වොත් නිවැරදියි. තරගකාරියන් බොහෝ දෙනෙක් හිටියා තරගයට ඉදිරිපත් වෙලා. ඇත්තටම, මං ජිවිතේ දැනට ලබපු ලොකුම ජයග්‍රහණය තමයි ඒක.

කලාවට සම්බන්ධ වෙන හිනයක් සංජුලාට තිබුණාද?

ඔව්, විශේෂයෙන්ම කියන්න ඕනා මටත් වඩා මාව කලාවට යොමු කරන්න කැමැත්තක් තිබුණේ මගේ අත්තම්මාට. පුංචි කාලේ ඉඳලා මාව කලාවට යොමු කරන්න ඇය මගේ පසුපසින් හිටියා. හැබැයි මේ වනවිට ඇය ජිවතුන් අතර නැති වුණත් මම ආදරයෙන් ඇයව මතක් කරන්න ඕනා මේ අවස්ථාවේදි. ඇය තමයි මාව ස්වර්ණකුමරිය තරගයට යොමු කරන්න අයදුම්පතක් යොමු කරලාත් තිබුණේ. ගෙදරට ලියුම ආපු වෙලාවේ ඇත්තටම මම පුදුම වුණා. මොකද, මගේ අත්තම්මා මම දන්නෙවත් නැතුව තමයි මාව ස්වර්ණකුමරිය තරගයට යොමු කරන්න අයදුම්පතක් ඇරලා තිබුණේ..

එතකොට නිවේදිකාවක් වෙන්න පාර හැදුණේ කොහොමද?

ඇත්තටම, පුංචි කාලේ ඉඳලා තිබුණ හිනයක් මේක මට. මට මතක හැටියට හය වසරේ ඉදලා තමයි මට මේ හිනේ ඇති වුණේ. මගේ පාසලේ හිටියා ජනක කියලා සර් කෙනෙක්. ඔහු ඉගැන්වුයේ ඉංග්‍රිසි විෂය. දවසක් මට මතකයි සාහිත්‍ය තරගාවලියකදි ඔහු මට කිව්වා ඔයාට පුළුවන් පුතේ ඔයා උත්සාහ කරලා බලන්න ඉදිරිපත් වෙලා කියලා. මොකද, මම දහම් පාසලේ වගේම පාසලේ විවිධ කලාකටයුතුවලදී පුරක වශයෙන් කටයුතු කරලා තිබුණ නිසා. එදා ඉදන් අද වෙනකම් මට ඒ හිනය අත්හැරුණේ නැහැ. 2008 වසරේ තමයි මම මුලින්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට කටයුතු කරන්න පටන් ගත්තේ. ඒ දිදුල ගුවන් විදුලි නාලිකාවට සම්බන්ධ වෙලා. ස්වර්ණකුමරිය වීම හරහා මගේ හීනයට අලුත් ජිවයක් ඇති වුණා කිව්වොත් හරි. ඊට පස්සේ තමයි මට ස්වර්ණවාහිණි නාලිකාවට සම්බන්ධ වෙලා නිවේදිකවක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණේ.  

සංජුලා රඟපාන්න ආස නැද්ද?

ඇත්තටම මම වෙනත් නාලිකාව අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා අවසන් තරගකරියන් පහළොව අතරට ආවා. ඊට පස්සේ තමයි මට රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඒ ස්වාධින රූපවහිනියේ විකාශය වුණ %ආදර වැස්ස^ හ %මේඝා^ කියන ටෙලි නාට්‍යයවල. එහි මම සහය නිළි චරිතයකට දායක වුණා. මගේ රංගන දිවියේ මා ලබපු හොඳ අත්දැකිමක් කියලා හිතනවා ඒක. නමුත්, මගේ පුංචි කලේ ඉඳලා තිබුණ හීනය වුණේ නිවේදිකාවක් විදිහට වැඩ කරන්න. ඉතින් මම නිතරම උත්සාහ කළා රඟපානවට වඩා මට මගේ හිනයට මුල්තැන දෙන්න.

නිවේදිකාවක් විදිහට දැන් ඔබ ස්ථාවර වෙලා තියෙනවාද?

සමාජයේ බොහෝ වෙලාවට කතිවකාවතක් ගොඩ නැගිලා තියෙනවා නිවේදිකාවක් වෙන්න අපි මොනවද සපුරා ගන්න ඕන සුදුසුකම් කියලා. ඊටත් එයා ගිහිල්ලා මේ සම්බන්ධව කතා කරනවා නම් වෘත්තිමය නිවේදිකාවක්, නිවේදකයෙක් වෙන්නට අපිට මේ ක්ෂේත්‍රය තුළ පුළුවන්කමක් ලැබෙනවාද කියන දේ. හතු පිපෙනවා වගේ ඉස්සරහාට ඇවිල්ලා නිවේදනය කරලා  අද දකින මුණ හෙට නොපෙනි යනවාට වඩා මම හිතන්නේ තමන්ට කියලා අනන්‍යතාවයක් මේ පුංචි තිරේ තුළ ගොඩ නගාගන්න පුළුවන් නම් අන්න ඒක වටිනවා. දැනුමින්ද අත්දැකිම්වලින්ද පරිපුර්ණ වන්නට පුළුවන් නම් මම හිතනවා නිවේදිකාව කියන භුමිකාව තුළින් අපිට වෘත්තිමය මෙය වටපිටවක් ගොඩනගාගන්න පුළුවන් කියලා. ඒත්, අද බොහෝ දෙනෙක් ඊට උත්සාහ ගන්නේ නැහැ.

සංජුලා නිවේදිකාවක් විදිහට දැනට කටයුතු කරල තියෙනවා නේද?

මම ස්වර්ණකුමරිය වෙන්න කලින් ඉදලා නිරූපිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා. මම බෙහෝම හොඳින් දන්න රූපලාවන්‍ය ශිල්පිනියක් මෙරදි පැවැත්වු නිරූපණ තරගාවලියක් සඳහා ඇය මට කිව්වා සම්බන්ධ වෙන්න කියලා. ඇත්තටම ඒ වෙන කොට මට මේ ක්ෂේත්‍රය ගැන අත්දැකිමක් තිබුණේ නැහැ. හැබැයි මේ වනවිට මංගල ඇඳුමෙන් හැඩවුණ නිරූපිකවක් ලෙස අද මාව බොහෝම ප්‍රසිද්ධ කියලා මම විශ්වාස කරනවා. මේ වෙන කෙට මම බොහෝ රූපලාවන්‍ය ශිල්පින් එක්ක දහකට අධික ඡායාරූප ගතකිරිම් ප්‍රමාණයකට මම දායක වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම බෙහෝ වාණිජ්‍ය වෙළෙඳ දැන්විම්වලටත් පෙනි ඉඳලා තියෙනවා. දැනටත් මම මගේ නිරූපණ කටයුතු එදා වගේම සුපුරුදු පරිදි කරගෙන යනවා.

ඔබ දැන ජනප්‍රිය කෙනෙක්ද?

ජනප්‍රියත්වය කියන්නේ ජනතාවගේ ආදරයත් එක්ක අපේ ලඟ ගොඩනැගෙන හරිම පුදුමාකාර දේකට. කාලයකට ජනප්‍රිය වෙන කෙනෙක් තවත් කාලයකට ජනප්‍රිය නොවන්න පුළුවන්. හැබැයි ජනප්‍රියත්වයට වඩා ඔබේ මතකයේ රැදෙන කෙනෙක් බවට පත්වෙන එක තමයි මම දකින විදිහට හොඳම දේ. මොකද හේතුව ඔබට වඩාත් පලදායි දෙයක් ජිවිතේට එකතු කරන ගමන් හෝ ඔබේ රසවින්දයට යමක් එකතු කරන ගමන් ඒදේ කරන්න පුළුවන් නම් මට හිතෙන විදිහට ජනප්‍රියත්වයට වඩා ඔබේ ආදරය දිනගන්න පුළුවන් නම් කියලා. මම ජනප්‍රියද නැද්ද කියන එක මට තිරණයකට එන්න බැහැ ඒක මම දන්න කාරණයක් නොවන හින්දා. නමුත්, ලැබෙන ප්‍රතිචාර මත හිතෙනවා පිරිසක් අද වෙන කොට මාව අඳුනගෙන තියෙනවා කියලා.
 

ඡායරූප හා සටහන - බුද්ධික සේනාධීර