නටන්න, ගයන්න, රඟපාන්න මේ හැම එකකටම මම දක්ෂයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සියත අවුරුදු කුමරිය 2023 තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් වින්ධ්‍යා සොනාලි වික්‍රමසේකරට මෙවර අපි සාරවිට තුළින් මෙසේ ඉඩක් වෙන් කළා. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යනය විශේෂ උපාධියක් හදාරමින් සිටින ඇය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමේ කැමැත්තකින්ද පසුවේ. මේ දිග හැරෙන්නේ වින්ධ්‍යා අප සමග කළ කතාවයි.

වින්ධ්‍යාව අපට අදුන්වලා දෙන්න..

මගේ නම වින්ධ්‍යා. දැන මට වයස අවුරුදු 22යි. ගම පිලියන්ද. මුලික අධ්‍යාපනය ලැබුනේ පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන්. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය  අධ්‍යනය විශේෂ උපාධියක් හදාරමින් සිටිනවා.

සියතේ අවුරුදු කුමරිය තරගයට ඔබ ඉදිරිපත් වුණා..

ඔව් මේ වසරේ තිබුණ සියත අවුරුදු කුමරිය තරගයට. එහි දෙවැනි ස්ථානය හිමි වුණේ මට. නාලිකාව අවුරුදු කුමරිය තරගයකට සහභාගි වුණ පළමු අවස්ථාව මේක. ඉතින් එහි අවසන් තරගයට ඇවිල්ලා තරගයේ දෙවැනියා වෙන්න ලැබුණ එක ගොඩක් සතුටුයි.

ඒ කියන්නේ මීට කළින් ඔබ අවුරුදු කුමරි තරගයකට ඉදිරිපත් වෙලා නැහැ..

තියෙනවා. රූපවාහිනි නාළිකාව ඉදිරිපත් වුණ පළමු අවස්ථාව මේක. 2019 වසරේ මගේ ගම පිලියන්දල තිබුණ අවුරුදු කුමරිය තරගයකට සහභාගි වෙලා එහි පළමුවැනියා වුණා. ඊට පස්සේ අවුරුදු කුමරි තරගයකට කියලා ඉදිරිපත් වුණේ සියත රූපවාහිනි නාළිකාව විසින් මේ වසරේදී සංවිධානය කරපු මේ අවුරුදු කුමරිය තරගයට.

වින්ධ්‍යාට ලස්සනට ගීත ගයන්නත් පුළුවන්..

ඔව්, පාසල් යන කාලයේ මම ගීත කිව්වා. ඒ වගේම මට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. පාසල් ඒ අංශ දෙකටම මම සම්බන්ධ වුණා. ඊට අමතරන මම නර්තන කණ්ඩායමකත් හිටියා. හැබැයි මගේ හිනේ වෙලා තිබුණේ කලාවට සම්බන්ධ වෙන්න. මම හිතන්නේ ඉදිරි කාලයේදී ඒ හීනේ ඉටු කරගන්න මට පුළුවන් වෙයි කියලා.

නිරූපණය පැත්තට වගේ යන්න අදහසක් නැද්ද..

ලොකු අදහසක් නැහැ. අවුරුදු කුමරිය තරගයට එන්න කලින් නම් මම බ්‍රයිඩ්ල් පොටෝ ෂුට් කිහිපයකට පෙනී හිටියා. හැබැයි නිරූපණ වැඩවලට නම් මම සම්බන්ධ වුණේ නැහැ. රගපාන්න ලොකු ආසාවක් තියෙනවා. හැබැයි අවස්ථාවක් නම් ලැබිලා නැහැ අදටත්. එක් වරක් ටෙලි නාට්‍යයක පොඩි කොටස මම හිටියා. එච්චරයි.

ඉදිරිය කොහොම වෙයිද වින්ධ්‍යාගේ..

දැනට මම ජනමාධ්‍ය ක්ෂේත්‍රය ගැන හදාරමින් ඉන්නවා. ඉතින් ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරන්න තමයි අදහස. ඊට අමතරව මම කලාවටත් යොමු වෙන්න කැමැත්තෙක් ඉන්නවා.

බුද්ධික සේනාධීර