නිරූපිකාවක් වෙන්න ඕනා නැහැ කට කතාවක් හදාගන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විවිධ කලා නිර්මාණ ඔස්සේ දුටු ඉසුරි හෙට්ටිආරච්චි වාර්තමානයේ කාගෙත් අවධානය දිනා ඇත්තේ යොවුන් රංගන ශිල්පිනියක් විදිහටය. කාලයක සිට නිරූපණ කටයුතුවල නිරතව සිටින ඇය ඉදිරියේදී ටෙලි නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබට දැකගත හැකිය. ඒ නිසාම අද ‘සාරවිට’ තරු කතා බහ තුළින් අප ඇයට ඉඩක් වෙන් කළා.

පසුගිය කාලයේ ඔබ කලා ක්ෂේත්‍රය තුළ දකින්න ලැබුණ කෙනෙක් නෙවෙයි?

ඔව්, පසුගිය වසර තුනක කාලය ගත්තොත් මම කලාවෙන් තාවකාලිව ඉවත් වෙලා හිටියා පෞද්ගලික හේතුවක් මත. ඒත්, මේ වසරේ මුල ඉඳලා නැවතත් මම කලා කටයුතුවලට සම්බන්ධ වෙලා නැවතත් වැඩ කරන්න පටන් ගත්තා.

ඉසුරි නිරූපණයට සම්බන්ධ වෙන ආසාවක්, කැමැත්තක් මතු වුණේ කොහොමද?

ඇත්තටම කිව්වොත් හැමෝටම පොඩි කාලේ හින තියෙනව නේ. මටත් තිබුණා. හැබැයි නිරූපණ ක්ෂේත්‍රයට එන්න නෙමෙයි. මම මේ ක්ෂේත්‍රයට ආවේ අහම්බෙන් කිව්වෙත් හරි. දැන් කාලයක ඉඳලා මම මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරගෙන යනවා. ඒ අතරේම රංගනයටත් මේ වනවිට මම යොමු වෙලා ඉන්නවා. මුලින් මම රඟපන්න අකමැත්තෙන් හිටියේ. නමුත්, ඒ සඳහා අවස්ථාව ලැබුණාම මට හිතුණ දෙයක් තමයි ඇයි මිට කළින් මම රඟපාන්න ආවේ නැත්තේ කියන අදහස. අද නම් මම නිරූපණයට වඩා රඟපාන්න ගොඩක් ආසයි.

දැන් ඉන්න නිරූපිකාවෝ කොටට අදිනවා. එය ජනප්‍රිය වෙන්න ගන්න උත්සාහයක්ද?

ගොඩක් නෙමෙයි. හැබැයි සාපේක්ෂකව ගත්තොත් අද නිරූපිකාවෝ බොහෝ දෙනෙක් කොටට අදිනවා. මොකද, අද කාලේ වෙනස්. ඒ නිසා හැමෝම වගේ අලුත් විලාසිතා කෙරෙහි උනන්ඳු වෙලා ඉන්නවා. ඒ වගේම තමන්ට කැමති විලාසිතාවක් කරන්න අද අයිතියක් හා නිදහසක් තියෙනවා. ඒ හින්දා ගොඩක් අය කොටට අදින්න පුරුදු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.

නිරූපිකාවන්ට අද විවිධ කතා හැදෙනවා. ඔබටත් එහෙම කතා හැදිලා තියෙනවාද?

ඇත්තම කියනවා නම් නිරූපිකාවක් වෙන්න ඕනා නැ කට කතා හැදෙන්න නම්. සාමාන්‍යයෙන් අපේ ජිවිතේ ඕනැම කෙනෙකුට කට කතා හැදෙනවා. වැඩිය ඕන නැ පාරේ යන කෙනෙක් එක කතා කර කර ඉන්නවා නම් ඒකටත් අද කතා හැදෙන කාලයක් මේක. ඒ හින්දා නිරුපණ ක්ෂේත්‍රයේම බලපන්නේ නැහැ දැන් කට කතාවක් හැදෙන්න.

ගොඩක් නිරූපිකාවෝ අද ටැටු අඳිනවා. ඒක අද විලාසිතාවක් බවට පත් වෙලා තියෙනවා නේද?

ඔව්, ඇත්තටම කිව්වොත් එකත් දැන් කලාවක් කියලා මට හිතෙනවා. නිරූපණ ක්ෂේත්‍රයට ඒක සම්බන්ධ දෙයක් කියලා මම හිතනවා. හැබැයි අද කට්ටිය නම් ඒක කලාවක් විදිහට දකින්නේ නැහැ. ඇත්තටම මගේ කකුලෙත් ටැටු එක්ක ඇදල තියෙනවා. ඒක කාලේකට කලින් ගහපු පොඩි ටැටු එකක්. ඊට පස්සේ මට හිතුණා ඒක ටිකක් ලොකුවට අදින්න. කොහොම නමුත්, අද ගොඩක් අය ටැටු එකක් දිහා බලන්නෙත් ඒක නරක දෙයක් විදිහට.

අලුතින් ක්ෂේත්‍රයට එන අයත් එක්ක තරගයක් තියෙනවාද ඔබට?

කොහෙත්ම නැහැ. මොකද මම දකින විදිහට මට තරගයක් තියෙන්නේ මාත් එක්ක. මම පසුගිය වසර තුනක කාලයක් තුළ මේ ක්ෂේත්‍රය තුළ වැඩ කළේ නැහැ.නැවතත් මම මේ ක්ෂේත්‍රයට ආවේ මේ වසරේ මුලදි. ඒ හින්දා මේ ක්ෂේත්‍රයට අලුතෙන් එකතු වෙලා ඉන්න කට්ටියවත් මම දන්නේ නැහැ. ඒ හින්දා මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරන කවුරු එක්කවත් මට තරගයක් නැහැ කියල කියන්න පුළුවන්.

බුද්ධික සේනාධීර