නිරූපිකාවක් වෙන්න මගේ ලොකු ආසාවක් තිබුණේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ක්ෂේත්‍රයට ඔබගේ පිවිසිම සිදුවුණේ කොහොමද?

දැනට මාස 10 කට විතර කළින්. ආසාවට කරපු පොටේ ෂුට් එකකින් තමයි ගොඩක් අය මාව අඳුරගත්තා. ඊට පස්සෙ කිහිප දෙනෙක් මාත් එක්ක වැඩ කරන්න කතා කළා. ඔය විදිහට තමයි ක්ෂේත්‍රයට ආවේ.

නිරූපිකාවක් වෙන්න ආසාවක්.. කැමැත්තක්.. තිබුණාද?

එහෙම ලොකු ආසාවක් මට තිබුණේ නැහැ . කවදාවත් හිතුවේ නැ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරනවා කියලා. මේක අහම්බෙන් ලැබුණ අවස්ථාවක් කිව්වොත් හරි.  නමුත්, කියන්න සතුටුයි අවුරුද්දකටත් අඩු කාලයකදී නිරූපණ ක්ෂේත්‍රය තුළ යම් දුරක් මට එන්න අද වෙන කොට හැකිවෙලා තියෙනවා.

නිරූපණ ක්ෂේත්‍රය ගැන යෞවනියක් විදිහට මොකද හිතෙන්නේ?

නිරූපණ ක්ෂේත්‍රය ගොඩක් හොඳයි . ගොඩක් ආසවෙන් කරන්න පුළුවන් වෘත්තියක්. හැකියාව, දක්ෂතාවය තියෙනවා නම් මේ ක්ෂේත්‍රය තුළ ලොකු ගමනක් යන්න පුළුවන්.

දැනට ඔබ කටයුතුවලට දායක වෙලා තියෙනවද?

නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා මම වැඩ කරලා තියෙනවා. කරපු මුල්ම ගීත රූප රචනාව සාගා ශ්‍රීගේ  ‘ගැස්සෙන් ඔය නාරි’ ගීතය. ඊට අමතරව බිනාෂ් සංතුෂ් ඉද්දමල්ගොඩ කරපු කෙටි චිත්‍රපටයකට සම්බන්ධ වුණා. එකේ නම melody of kill. ඒ වගේම තව මම සම්බන්ධ වුණ වැඩ කිහිපයක්ම ඉදිරියට එන්න තියෙනවා.

නිරුපිකාවකට, රංගන ශිල්පිණියකට අද මේ ක්ෂේත්‍රයවල තියෙන පිළිගැනීම කොහොමද?

ගොඩක් අයගෙන් හොද පිළිගැනීමක් තියනවා. සමහර අය නම් ඉතින් හොඳ නෑ කියලත් කියනවා. එක එක්කනා හිතන විදිහ තමා ඉතින්. කොහොම උනත් හරි විදිහට තමන්ගේ වැඩ කරගත්තොත් පිළිගැනීමක් ඉබේම හැඳෙනවා කියලයි මම විශ්වාස කරන්නේ. .

ඕනෑම දේකට හැදෑරිමක් අතවශ්‍යයි නේද?

ඔව්, රංගනය ගැන නම් මම ඉගෙන ගන්නවා. නිරූපණ කටයුතු නම් ලැබෙන පරිදි කරනවා. ගොඩක් වෙලාවට කරන්නේ පොටෝ ෂුට් තමයි නිරූපිකාවක් විදිහට

මේ ක්ෂේත්‍රවල දිගටම ඔබ වැඩ කරනවද?

මේ ක්ෂේත්‍ර හොඳයි. හොඳ විදිහට වැඩ කළොත් මම කළින් කිව්වා වගේ හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් මගේ අදහසත් මේ ක්ෂේත්‍රවල දිගටම රැඳිලා මම හිතපු ඉලක්ක සපුරා ගන්න එක.

උදව් කරපු අය මතකද?

මේ තැනට එන්න ගොඩක්ම උදව් කරේ ධනුෂ්ක ගයාන් අයියා එයා තමා ම⁣ගේ පළමුවැනි පොටෝ ෂුට් එක කළේ. අදටත් මට ගොඩක් උදව් කරනව ඒ අයියා. රාජිකා සේනානි අක්කාත් මතක් කරන්න ඕනා. එයා තමා ගොඩක්ම මාව ලස්සන කරන්නේ මේ ක්ෂේත්‍රයට ආපුදා ඉඳලා.

බුද්ධික සේනාධීර