නිරූපිකාවකට පිටරටක තියෙන තැන ලංකාවේ අඩුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ශිල්පිනියක්, වගේම පැජන්ට් ජයග්‍රාහිකාවක් වන මධූ සමග සාරවිට කතාබහක අපි නිරත වුණා. ඒ වගේම ඇය ව්‍යාපාරිකාවක්. පෞද්ගලික ජීවිතයද මධූ නිදහසේ ගත කරන කෙනෙක්. ඉතින් මධූ අපි සමග එකතු වුණේ මෙහෙමයි.

ඔබව හඳුන්වා දුන්නොත්?

මම මධූ කුලතුංග. නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක් ද වනවා.ඒ වගේම මම ව්‍යාපාරිකාවක්. Mk beauty Product Company, Mk exclusive wear company යන ව්‍යාපාර මගේ.ඉතින් මම මමත් ලස්සනට ඉන්න ගමන් අනිත් අයටත් ලස්සනට ඉන්න කියලා දෙන කෙනෙක්.

නිරූපණ ගමනේ ආරම්භය ගැන කතා කරමු?

මගේ ආරම්භය හරිම ලස්සනයි. මම රොසෑන්ග් ඩයස් අක්කීගේ සයිඩ් ඉමෙජ් මොඩෙල් ඇකඩමි එකේ අවසාන බැජ් එකේ ගෝලයෙක්. එයාගෙන් තමයි ඉගෙන ගන්නේ මේ ෆීල්ඩ් එකේ පරතරය ඒ වගේම මොඩෙල් කෙනෙක් කියන්නේ කවුද?, මොඩ්ලින් කියන්නේ මොනවද?, ඇතුළු මේ හැමදේම. 2015 මම graduateවෙන්නෙත් එයාගෙන්මයි. මගේ පළමුෂෝ එක චාන්දනී බණ්ඩාර මහත්මියගේ හෙයා ෂෝ එක. ඒකට මාව නොමිනේට් කරන්නෙත් රොසෑන්ග් අක්කී. ඒක තමයි මගේ ජීවිතේ ඉස්සෙල්ලාම මම රෑම්ප් එහෙකට අඩිය තියපූ දවස.ඒක ලොකු ෂෝ එකක් මිඩියාවලින්,පේපර්ස්වලින් ඒ වගේම හැම ක්ෂේත්‍රයකම අය එතන හිටියා. මගේ ඇස් දෙකෙන් මේ ෆීල්ඩ් එකේ ලස්සනට දැක්කේ එදා. මේ ෆීල්ඩ් එකේ මම පුංචි හාල්මැස්සෙක් වගේ. තෝරූ මෝරූ එක්ක එදා ෂෝ එකේ මම ඉද්දී පුදුම හැඟීමක් හිතට දැනුනේ. එදා හරියටම2015 සැප්තැම්බර් 16. මගේ බර්ත්ඩේ එක දවසේ. අද වගේ මතකයි මම ග්‍රැජුවේශන් වෙලත් නැහැ ඒ වෙනකොට. මට ලැබුණ ඒ අත්දැකීම මගේ ජීවිතේ මගේ ගමන යන්න මට රුකුලක් වුණා. අද මම මෙතන ඉන්නේ එදා මම ආව පාර හරිම ලස්සනට පිළිවෙලට හදාගන්න මට උගන්වපූ ගුරුවරු නිසා.

ඔබ දායක වී තිබෙන නිර්මාණ මොනවාද?

මම දායක වුණු මියුසික් විඩියෝ, ෆිල්ම්ස් තියෙනවා.ඉන් දෙක තුනක් කියන්නම්. සම්මූ සිංගේ කාලයක් ගිහින් තේරෙයි මියුසික් විඩියෝ එක, එතකොට ටෙනි අයියත් එක්ක 2015 කරපූ "ඩොක්ටර් අඩෝ"ෆිල්ම් එකේ මේන්රෝල් නිළිය මමයි. ඒ වගේමbocඉන්ටර්නෙට් වෙළඳ දැන්වීම් සහා ග්ලැමර්, ෆැෂන්,බ්‍රයිඩල්, ෂූට් රැසකට දායකත්වය දීලා තිබෙනවා.

නිරූපණයේදී ඔබට ලැබුණු  අත්දැකීම් කොහොමද?

අත්දැකිම්නම් බොහෝමයි. මම මුලින් කිව්වා වගේ මගේ පළමු රෑම්ප් කළ දවසේදී මම ලබාගත් අත්දැකීම මට ජීවිතේ මගේ ගමන ඉස්සරහට යන්න රුකුලක් වුණා. ඒ වගේම ටැලෙන්ට් එක තිබුණත් ඉස්සරහට එන්න පුළුවන් කමක් නොලැබුණු අවස්ථා එමටයි. කැපිලි කෙටිලි නම් ගොඩයි. මම මොඩ්ලින් වලට ඇවිත් අවුරුදු 5කට පස්සේ මම මිස් ශ්‍රී ලංකා කෙනෙක් වුණෙත්. ඒ වෙනකොට මම මේ ෆීල්ඩ් එක ගැන හොඳට තේරුම් අරගෙන ඉවරයි.මට මේ ෆීල්ඩ් එක ගැන ඉගෙන ගන්න සෑහෙන්න කාලයක් ගියා. මොකද ගොඩක් අය හිතන්නේ ෆොටෝ එකක් ගහපු පලියට මොඩෙල් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම ඒක ගොඩක් ගැඹුරු දෙයක්. හැම ක්ෂේත්‍රයකම වගේ මේ ක්ෂේත්‍රයේත් හරියට යනවානම් ගමනක් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබෙනවා. මගේ ගමනේ පළමු පියවරේ සිට මේ දක්වා මා ලැබූ අත්දැකීම් ඉමහත්.

අද නිරූපණ ක්ෂේත්‍රය තිබෙන්නේ කොතැනද?

අද නිරූපණ ක්ෂේත්‍රය තිබෙන තැන කියන ප්‍රශ්නය අදාල වෙන්නේ ඇත්තටම ලංකාවේ අපිට විතරයි. අපි ලෝකයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. නමුත් ලෝකය ඉස්සරහට යනවා අපි තාමත් එක තැන. ඇත්තටම මේ ක්ෂේත්‍රය පිරිහිලා. අපි කළ යුතු දේවල් නොකරනොකළ යුතූ දේවල් කරනවා. ලංකාවේනම් ටැලෙන්ට් එක තියෙන අයට වඩා ගොසිප්වලට තරු වෙන අය තමයි නිරුපිකවන් කියලා හඳුන්වන්නේ. අපේ රට වගේම අපේ රටේ කලාත්මක හැකියාවන් තිබෙන අයත් අඩුයි. එහෙම හැකියවන් තියෙන අය හිටියත් ඔවුන්ට අතදෙන්නේ ඉතා අඩුවෙන්. අපි මහන්සි වෙන තරමට, අපි කැපවෙන තරමට අපිට ප්‍රතිපල ලැබෙනවා.ඒ වගේම නිරූපණයෙන් විතරක් කවදාවත් ලංකාවෙ හම්බකරන්න බැහැ. මොකද තවම ලංකාවේ එහෙම තත්ත්වයක් නැහැ වෙන රටවල එහෙම තිබුණාට. නිරූපිකාවකට වෙන රටක තියෙන තැන ලංකාවේ නිරූපිකාවට අඩුයි.ලංකාවට අනූව නම්නිරූපණයේ නියැලෙන කෙනෙක් අනිවාර්යයෙන් තව රැකියාවක් කළ යුතුමයි.

රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?

ආරාධනා නම් ගොඩක් ලැබිලා තියෙනවා.ඒ වගේම මම ගොඩක් ප්‍රතික්ෂේප කරලත් තියෙනවා.මට ලැබෙන හැම එකම මම කරන්නේ නැහැ. මට හොදයි කියලා හිතෙන ඒවා විතරයි මම බාරගන්නේ. කලින් කිව්වා වගේ මියුසික් විඩියෝ,ෆිල්ම්වලට මම දායකත්වය දීලා තිබෙනවා.

සහභාගී වුණුපැජන්ට් ගැන කිව්වොත්?

මම ගොඩක් පැජෙන්ට් වලට සහභාගී වෙලා තිබෙනවා. 2015,2016, 2017,2018,2019 කාලවල පැජන්ට්වලට සහභාගි වුණා. මම ඒ හැම එකකින්ම අත්දැකීම් ලබාගත්තා. මම මිස් ශ්‍රී ලංකා කෙනෙක් වුණේ 2019. ඒ miss Sri Lanka miss vp winner 2019.

පවුලේ වැඩ කටයුතු සමග නිරූපණ කටයුතු කරන්නේ කොහොමද?

මම ගොඩක් ලකී ඒ පැත්තෙන්.මාව තේරුම්ගත්තු හැමදේටම සහය වන පවුලක් මට ඉන්නේ. තමන්ගේ ජීවිතේ තමන්ට කැමති විදියට ජීවත්වෙන අයිතිය මට තියෙනවා. මගේ ජීවිතේ අපිට උනන්දුවක් තියෙනවා නම් කිසිම දෙයක් බාධාවක් වෙන්නේ නැහැ. අපේ ජීවිතේ හැමදේම පිලිවෙළකට කළාම මට වෙලාව වෙන් කරගන්න පුළුවන්.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ගෙදරින් මට ලැබෙන සහයෝගය ඇත්තටම හොඳයි. තමන්ගේ අයිතිය තමන්ට දීලා තියෙන්නේ. ඇත්තටම හැමෝටම නැත්තෙත් එකයි. ගොඩක් අය ජීවත් වෙන්නේ රූකඩ වගේ. ජීවිතේ තමන් තමන් වෙලා ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ හැමෝටම. නමුත්මම මම වෙලාමගේ ජීවිතේ විඳිනවා ගොඩක්.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

ඉදිරියේදී වැඩ කටයුතු නම් ගොඩක් තියෙනවා. ඒත් මේ කෝවිඩ්තත්ත්වය නිසා ඒ දේවල් ප්‍රමාද වෙනවා. අපි හැමෝම හුස්මත් එක්ක සටන් කරන මොහොතක්නේ මේක.

උදව් කළ අය ගැන කිව්වොත්?

උදව් කරපු අය ගැන කිව්වොත් නම් මගේ ගුරුතුමිය රොසෑන්ග් අක්කිව මුලින්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම මගේ 2015 පළමු මියුසික් විඩියෝ එක කරපු "ෆේස්බුක්"සොන්ග් එක කපිල මැද්දේගොඩ අයියා. එතකොට සුරේෂ් කුමාරසිංහ අයියාව, මගේ පළමු ස්ටෙජ් ඩ්‍රාමා එක වන "ස්ත්‍රී සහා වයිරා "එකේ  ගුරු පද්මසිරිගමගේ සර්. ඒ වගේම මගේ ආදරණීය පියාසහ මගේ ආදරණීය සැමියාවත් ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද