නිරූපණ වැඩ කළත් මම මුල්තැන දෙන්නේ අධ්‍යාපනටයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රශි වික්‍රමසිංහ නිරූපණ ක්ෂේත්‍රයට තවමත් නවකයෙකි. දැනට පාසල් අධ්‍යාපනය ලබන ඇය නිරූපණයට මෙන්ම රංගනයටද මහත්සේ කැමැත්තක් දක්වයි. මේ නිසාම මෙවර අප ඇය වෙනුවෙන් මෙසේ ඉඩක් වෙන් කළා. මේ රශි ඇය ගැන අපට කියූ කතාවයි.

රශි නිරූපිකාවක් වුණේ කොහොමද?

නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඇත්තටම මගේ කැමැත්තක් තිබුණා. විශේෂයෙන්ම ටැමිල් විදියට පොටෝ ටිකක් කරන්න. ඒ හින්දා මගේ අම්මා එයාගේ වියදමින් මට පොටෝ ටිකක් කරලා දුන්නා. ඒ පොටෝ දැකලා පස්සේ ගොඩ දෙනෙක් කතා කළා ඒ අය වැඩවලට. ඔය විදිහට තමයි මම නිරූපණයට සම්බන්ධ වුණේ.

තෙරේන කාලේ ඉඳලාම රශිට නිරූපිකාවක් වෙන්න කැමැත්තක් තිබිලා තියෙනවා?

ඔව් පොඩි කාලේ ඉඳලාම. මගේ අම්මා කිව්ව විදිහට නම් පොඩි කාලේ ගුරුවරයෙක් මගෙන් අහලා තියෙනවා ලොකු වෙලා මම කවුරු වෙන්නද කැමති කියලා. අනිත් ළමයි ඩොක්ටර්ලා ඉංජිනියර්ලා, ටිචර්ස්ලා කියද්දි මම කියලා තියෙන්නේ මම ලොකු වෙලා මොඩ්ලින් කරනවා කියලා. ඒ වගේම රටේ ජනප්‍රිය නිළියක් වෙනවා කියලාත් කියලා තියෙනවා. අම්මා අදටත් ඒ සිදුවීම මතක් කර කර හිනා වෙනවා. ඒ වගේම තමයි අම්මා මගේ කැමැත්ත පොඩි කාලේ ඉඳලාම තේරුම් ගත්තා. අදටත් ඇය තමයි මට මේ වැඩ කරගෙන යන්න ගොඩක්ම උදව් කරන්නේ.

ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් ඔබ මොකද ක්ෂේත්‍රය ගැන හිතෙන්නේ?

ක්ෂේත්‍රය ගැන කියන්න තරම් මට ලොකු වයසක් දැනීමක් නම් නැහැ තවම. ඒත් පේන දේ ඇහෙන දේ අනූව නම් ක්ෂේත්‍රය හොඳයි. ඒත් මිනිස්සු නිරූපණ ක්ෂේත්‍රය දිහා බලන විදිය ගොඩාක් වැරදි කියලා මට හිතෙනවා. මේ ක්ෂේත්‍රය තුළ හොඳ හා නරක දෙවිදියටම යන්න පුළුවන්. ඒක නිසා තමයි ගොඩාක් අය හැම කෙනාවම එක මිම්මෙන් මනින්නේ. දැන් පොඩි වයසකින් මොඩ්ලින් කරන්න ගත්තා කිව්වම ගොඩක් අය බනිනවා. ඒත්, මම හිතන විදිහට අපි හැම වෙලේම අපේ ගරුත්වය රැකෙන විදියට වැඩ කළොත් හැමදාම මේ ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා.

ඔබ තවමත් පාසල් යන යෞවනියක්?

මම තවම පාසල් යනවා. මගේ පාසලට මම ආදරෙයි. පාසලට අගෞරවයක් වෙන දේවල් කරන්නේ නැතුව මම මගේ වැඩ කටයුතු කරගෙන යනවා. පාසලෙන් තමයි මම නිරූපණය ඉගෙන ගත්තෙත්. හොඳ නමක් එන විදියට වැඩ කරන්න තමයි මගේ බලාපොරොත්තුව. දැනට නම් මගේ පාසලෙන් මගේ ගමනට බාධාවක් නැහැ.  ඉදිරියට එහෙම වෙන එකක් නෑ කියලා මම හිතනවා. මොකද මම හොඳ විදිහට මේ ගමන යන නිසා. මගේ අධ්‍යාපන මට්ටමත් හොඳයි. නිරූපණ කටයුතු කළා කියලා මම මගේ අධ්‍යාපන වැඩ අතපසු කරගන්නේ නැහැ. දැනට මගේ මුලීක අවධානය දීලා තියෙන්නේ මගේ අධ්‍යාපන කටයුතුවලට.

පවුලේ අය කැමති වුණාද ඔබ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට?

ඔව්, පොඩි කාලේ ඉඳලාම මගේ අම්මා දන්නවා මම මේ ක්ෂේත්‍රයට ගොඩක් ආසාවෙන් හිටියා කියලා. ඒ අය මගේ කැමැත්තට ඉඩ දුන්නා. ඇත්තටම මේ වගේ දෙමව්පියෝ ලැබුණේ මගේ වාසනාවට.  අම්මා හැමදේටම මාත් එක්ක ඉන්නවා. නිරූපණ වැඩ හැම එකකටම වගේ යන්නේ ඇය සමග. ඊට අමතරව මගේ පුංචි ශ්‍යාමි පතිරණගේ, අක්කා කාවින්දි වික්‍රමසිංහ, තාත්තා සිතාර වික්‍රමසිංහ හැමදේටම උදව් කරනවා. මගේ පොඩි නංගී එයාට වයස හතයි දැන්. එයා පොඩි කාලේ ඉදලා කලා ක්ෂේත්‍රය තුළ වැඩ කරනවා. නංගි පෙනී හිටිය වෙළෙඳ දැන්වීම් ගොඩක් ජනප්‍රිය වුණා. මගේ අම්මා ගීත ලියන කෙනෙක්. දැනට ගීත 15 වගේ අම්මා ලියලා තියෙනවා. මගේ අක්කාටත් හොඳට නිවේදන කිරිමේ හැකියාව තියෙනවා. එයාත් ගොඩක් ආසාවෙන් ඉන්නවා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න.

මේ ගමන එන්න උදව් කරපු අය කවුද?

මගේම මුල්ම ඡායාරූප ටික කළේ අංජලී බ්‍රයිඩ්ල් ස්ටුඩියෝ එකේ අංජලී අක්කා. එයා තමයි මට ඉදිරියට එන්න අත දුන්නේ කිව්වොත් හරි. හරිම නිහතමානී හිත හොඳ කෙනෙක් අංජලී අක්කා. ඊට අමතරව සී.එල්, ලෝටස් බයි ශානිකා, ජූලියා බ්‍රයිඩල් ස්ටූඩියෝ, විව් පික්ස් ස්ටුඩියෝ, රුවන්ත ස්ටූඩියෝ කෘතවේදීව මතක් කර සිටිනවා. ඒ සමගම මගේ සීයා හා මාමා රුවන්වත් මේ වෙලාවේදී ආදරයෙන් මතක් කරනවා.

බුද්ධික සේනාධීර