නිරූපණය කියනදේට ලංකවේ තියෙන්නේ දැන් පහළම තැනක් - සමු මධුෂානි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපිකාවක් ලෙස වර්තමානයේ කටයුතු කරන සමු මධුෂානි පිළිබඳව හඳුන්වාදීමක් අනවශ්‍යය. සමාජ මාධ්‍යයන් ඔස්සේ නිතරම ඇය පෙනී සිටින ඡායාරූප සංසරණය වන අතර, ඒ හරහාද සමු බොහෝ පිරිසක් අතර ජනප්‍රියව සිටිනවා. අද සාරවිට තරු කතා බහා දිග හැරෙන්නේද ඇය සමගයි.

සමු කියන්නේ දැන ජනප්‍රිය නිරූපිකාවක්?

ජනප්‍රියයි කියන්නේ සුළු පිරිසක් මාව දන්නවා. නමුත්, ලොකුවට මාව කවුරුත් තවම දන්නේ නැහැ .

ඔබ ගොඩක් වෙලාවට අපි දකින්නේ Hot Photo Shoot වලින්?

ඔව්, මම hot shoot  කරලා තියෙනවා. හැබැයි hot shoot විතරක්ම නෙවෙයි මම casual හා bridal shoot වගේ සාමාන්‍ය Photo Shoot කරලා තියෙනවා.

Hot Photo Shoot වලට ඇයි ඔබ වැඩි කැමැත්තක් දක්වන්නේ?

එහෙම විශේෂයක් නැහැ. Hot shoot කරනව සිමාවක් ඇතිව මම. Casual හා bridal shoot එකක් කරන්න කතා කළත් මම ඊටත් සහභාගි වෙනවා.


ගොඩක් අය Hot Photo Shoot වලට පෙනී ඉඳල ජනප්‍රියත්වය සොයනවා නේද?

ඔව්, එහෙම අය ඉන්නවා. හැබැයි මම එහෙම නැහැ. ජනප්‍රිය වෙන්න කියලා මම hot shoot කරන්නේ නැහැ. සමහර අය hot shoot එකක් දිහා බලන්නේ වැරදි විදිහට. නමුත්, එකත් වෙනම කලාවක්. සමහර අය නම් hot shoot වලට කැමති නැහැ. මම කැමතියි හොඳ වැඩ වලට. හැබැයි මම ඒ වගේ Shoot වලට පෙනී ඉන්නේ නම් ජනප්‍රියත්වය හොයාගන්න නොමෙයි.

ඇඳුම් ගොඩක් අඩුවෙන් අඳින Photo shoot  එකක් කරන්න කතා කළොත්?

මා විසින් පනවා ගත් සීමාවන් තියෙනවා. ඒ සීමාව ඇතුළේ කරන ඕනෑම Photo Shoot එකක් මම කරනවා. ඇඳුම් අඩුයි කියන bikini shoot එකක් වගේ නම් මම කරන්නේ නැහැ.
 

රඟපාන්න ආස නැද්ද?

රඟපාන්න ආසයි. දැනටත් ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා. බලමු ඉදිරියට.

නිරූපණයට එන අය දැන් රංගනයට යොමු වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් නේද?

ඔව්, ගොඩක් නිරූපිකාවෝ දැන් රඟපානවා.මම නම් ඒකේ වැරැද්දක් දකින්නේ නැහැ. රඟපාන්න දක්ෂ නම් ඊට ආසාවක් කැමැත්තක් තියෙනවා නම් නිරූපිකාවෝ රඟපෑවට වරදක් නැනේ. මගෙත් වැඩිපුර තියෙන්නේ දැන් රඟපන්න තමා.

විවිධ නිර්මාණවලට තෝරාගනිද්දි ලිංගික අල්ලස් ඉල්ලනවා?

දැනට නම් මට එවැනි යෝජනා ඇවිල්ලා නැහැ. ආවත් මම ඒවා භාරගන්නේ නැහැ.

ලංකාවේ නිරූපණ වෘත්තිය ගැන ඔබේ අදහස කුමක්ද?

ඇත්තටම නිරූපණය කියන්නේ ගොඩක් හොඳ වෘත්තියක්. නමුත්, ලංකාවේ ඒකට දැන් කිසිම තැනැක් නැහැ. ගොඩක් පහළ තැනක තම තියෙන්නේ.

ඔබගේ පෞද්ගලික ජිවිතේ ගැන කිව්වොත්?

මම ඉන්නේ මාතර මගේ පවුලේ අම්මා, තාත්තා, අක්කා මල්ලිලා තුන්දෙනෙක් ඉන්නවා. මම සාමාන්‍ය පවුලක කෙනෙක්. සාමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙක්. ආසාවත් නිරූපණයට සම්බන්ධ වෙලා වැඩ කරනවා.
 

බුද්ධික සේනාධීර