නිවේදිකාවක් විදිහට දැන් වැඩ කරන්න අරගෙන වසර හයක් විතර වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස මේ දිනවල නිතර දකින කවි වික්‍රමසිංහ සමගින් මෙවර 'සාරවිට' අපි කතබහා කළේමු. ඇය මේ වනවිට මෝස්තර නිරූපිකාවක් ලෙසද කටයුතු කරමින් සිටින අතර, ඇයගේ අලුත් තොරතුරු මෙසේ අපි සමගින් බෙදහදා ගත්තේමු.

කවී වික්‍රමසිංහ දැන් නිවේදිකාවක් විදිහට ජනප්‍රියයි නේද?

මේ ටිකෙන් නම් නිවේදිකාවක් විදිහට ගොඩක් වැඩ කළා. නිතර රූපවාහිනියේ දකින නිසා ප්‍රේක්ෂයෝ මා ගැන කතා වෙනවා. නමුත්, ජනප්‍රියයිද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ.

ඔබව අපි දකින්න ලැබෙන්නේ මොන වැඩසටහන් හරහාද?

මම නිදහස් නිවේදිකාවක් විදිහට කටයුතු කරන්නේ. ස්වාධින රුපවාහිනි සේවයේ මම නිවේදිකාවක් විදිහට වැඩ කරනවා. පසුගිය පන්දුවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී මම සියත රූපවාහිනි නාළිකාවත් එක්ක වැඩ කළා. ඊට අමතරව පසුගිය ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදිත් මම නිවේදිකාවක් විදිහට සහය වුණා. මේ දිනවල තවත් අලුත් රූපවාහිනි නාළිකාවක් සමග නිවේදන කටයුතු කරනවා.

දැන් ක්ෂේත්‍රයට ඇවිල්ලා දිගු කාලයක් වෙනවා නේද?

ඔව්, ශ්‍රී ටිවි නාලිකාවට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. පස්සේ සිරස රූපවාහිනයත් සමග වැඩ කළා. දැන් ස්වාධින රූපවාහිනියේ නිදහස් නිවේදිකාවක් විදිහට වැඩ කරනවා. නිවේදිකාවක් විදිහට දැන් වැඩ කරන්න අරගෙන මම වසර හයක් විතර වෙනවා.

නිවේදිකාවක් විතර දැන් ඔබ ස්ථාවරද?

මම පාසල් යන කාළේ නම් නර්තනය රංගනය මේ හැම දෙයක්ම කළා. නමුත් නිවේදිකාවක් වෙන හිනයක් මට තිබුණේ නැහැ. ඒත්, සිරසේ තනුජා අක්කා නිවේදනය කරනවා බලන් ඉඳලා ආසාවක් ඇතිවුණා නිවේදිකාවක් විදිහට වැඩ කරන්න. අයියාගෙන් සල්ලි ඉල්ලගෙන මම නිවේදන පාඨමාලාවකට සම්බන්ධ වුණා. හරියටම අ.පො.ස උසස් පෙළ කරන කාළේ. නිවේදිකාවක් විදිහට ගමන ආරම්භ වුණේ එහෙමයි. අද මම පිරිසක් දන්න නිවේදිකාවක් බවට පත්වෙලා තියෙනවා. රූපවාහිනි නාළිකාවල වගේම විවිධ වැඩසටහන්වල නිවේදිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා. ඉතින් මම හිතනවා දැන් මම මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙමින් ඉන්නවා කියලා.

දැන් නිරූපිකාවක් විදිහටත් ඔබ වැඩ කරනවාද?

ඔව්, බොහෝම කැමැත්තෙන් වැඩ කරන ක්ෂේත්‍රයක් මම. නිවේදන වෘත්තියට වගේම මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න මම ගොඩක් ආසයි.

නිවේදිකාවක්, නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරන ඔබ රංගනයට යොමු වෙන්න අදහසක් නැද්ද?

ආසාවක් නැහැ කියන්නත් බැහැ. හොඳ වැඩක් ආවොත් සම්බන්ධ වෙන්න බලපොරොත්තුවෙන් ඉන්නවා. දැනට ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා. බලමු ඉදිරියට.

බුද්ධික සේනාධීර