පැණි රස කෑම තමයි ගොඩක් වෙලාවට මම කන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ලොක්කි කතාව නරඹන ඔබට මලිතිගේ චරිතයට පණ පොවන දිල්කි හංසිකා මතක ඇති. 2021 වසරේ පැවති දෙරණ අවුරුදු කුමරිය තරගයේ අවසන් තරගකාරියන් අතරට ආපු ඇය රංගනයට අත්පොත් තැබුවෙත් දෙරණ නාළිකාවේම අදටත් විකාශය වෙන සංගීතේ ටෙලි නාට්‍යය හරහා.

දිල්කි රංගන ශිල්පිණියක් නොවුණා නම්

අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරියක් වෙයි. දැනටත් මම ගුරුවරියක් වෙන්න ඉගෙන ගනිමින් ඉන්නවා. තවත් අවුරුදු දෙකකින් විතර ඒ ඉලක්කයට මට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. රංගනයට ආවේ අහම්බෙන්. හැබැයි තෙරේන කාලේ ඉඳලා මගේ හීනේ වෙලා තිබුණේ ගුරුවරියක් වෙන එක.

දිල්කිට තියෙන්නේ ටිකක් දඟකාර පෙනුමක්

යාළුවොත් කියනවා මම හරි දඟයි කියලා. ගෙදර අය නම් ඉතින් කියන්නේ මම නපුරුයි කියලා. හැබැයි ඉතින් මට නම් මං ගැන හිතෙන්නේ හරි අහිංසක හිත උණුවෙන චාම් ගති පැවතුම් ඇති කෙනෙක් කියලා. හැම කෙනාටම ඉතින් මාව විවිධත්වයකින් පේනවා. ඒත්, ගොඩක්ම මං ගැන දැන්නේ මමනේ. ඒ හින්දා මම හිතන්නේ මම හරි අහිංසක, අවංක, චාම් ගති පැවතුම් ඇති ගැණු ළමයෙක් කියලා.

දිල්කි විලාසිතාවලට තියෙන කැමැත්ත කොහොමද

තරුණ අපි කොහොමත් විලාසිතා වලට කැමතියිනේ. විශේෂයෙන්ම ගැණු ළමයි. ඉතින් මාත් විලාසිතාවලට කැමතියි. කාලෙන් කාලේට එන හැම විලාසිතාවක්ම ඉතින් මාත් කරනවා. හැබැයි මට ගැළපෙන ඒවා විතරයි. අඳින ඇඳුම් විතරක් නෙමෙයි සෙරෙප්පු, සපත්තු, අත් බැග් මේ හැම එකක්ම මම විලාසිතාවක් විදිහට කරනවා. කාලෙන් කාලේට වෙනස් වෙන විලාසිතා ලෝකයත් එක්ක යන කෙනෙක් කිව්වොත් හරි.

දිල්කි වැඩිපුරම කන්න ආස කැම මොනවද

චිස්, කජූ වගේ දේවල් තමයි. තව පැණි රස කෑමවලට ගොඩක් කැමතියි. කන්න ආසම නැත්තේ බත්. ගොඩක් වෙලාවට මම අඩුවෙන්ම කන දේ තමා බත් කියන්නේ. අම්මා නම් හැම වෙලාවෙම බනිනවා පැණි රස කැම කනවා කියලා. ඒත්, දැන් ඒකට මම පුරුදු වෙලා.
දිල්කි ඇඟේ හැඩය තියාගන්න මොකද කරන්නේ.

කැම ටිකක් පාලනය කරනවා. ඊට අමතරව ව්‍යායාම්වල නිතරම වගේ යෙදෙනවා. මගේ ගෙවල් තියෙන්නේ කොට්ටාවේ. ගෙදරට ආසන්න තැනක් තියෙනවා ව්‍යායාම් කරන්න. ඒ ටුවෙන්ටි ෆෝ කියලා ජිම් එකක්. ඒකට නිතරම වගේ මම යනවා ව්‍යායාම් කරන්න.
දිල්කිට වැඩ නැති දවස්වල මොකද කරන්නේ.

වැඩ නැති දවස්වලට ටිකක් මම වැඩිපුර නිදාගන්නවා. සාමාන්‍යයෙන් උදේ නමය දහය වෙනකම් වගේ. ඊට පස්සේ නංගිත් එක්ක ඇදුම් ගන්න හරි ඇවිදින්න හරි යනවා. නැත්නම් ව්‍යායාම් කරන්න ජිම් එකට හරි යනවා. ගෙදරට කොටුවෙලා ඉන්න කැමැත්තක් නැහැ. නිදහසේ කොහේ හරි ඇවිදින්න තමයි නිවාඩු දවස්වලත් මම කරන්නේ.

දිල්කිට දැන් කි දෙනෙක් විතර ආදර යෝජනා කරලා තියෙනවාද.

හිතාගන්න බැරි තරම් ප්‍රමාණයක් ආදරය ඉල්ලලා තියෙනවා. පාසල් යන කාලේ ඉඳලා ඉතින් තරුණයෝ ආදරය ඉල්ලලා පස්සෙන් ඇවිල්ලා තියෙනවා. අදටත් ඒ වගේම තරුණ ආකාර්ශනය මට තියෙනවා. ආදරය ගැන මම එහෙම ලොකුවට හිතලා නැහැ තවමත්. ඒකට මට තව කාලය අවශ්‍යය කරනවා.

බුද්ධික සේනාධීර